මේකත් මගේ යුද හමුදා ජීවිතේ මූලික පුහුණුව ලබන අතර වෙච්ච සිදුවීමක් හැබැයි මේ සිද්දියේ ප්‍රතිවිපාක පස්සෙත් විදින්න සිද්ද වෙනවා.
අපි එහෙනං කතාවට හැරෙමු. හුගක් අය දන්නවා ඇති සමහරු නොදන්නවා ඇති ඒත් යුද හමුදා ණිළදාරීයෙක්ගේ මහ ගෙදර වෙන්නේ දියතලාව ඇකඩමිය. කදවුර ගැන කියනවනං කවුරු හරි මගෙන් ඇහුවොත් උඹ ජීවිතේ දැකපු ලස්සනම තැන කොහෙද කියලා මං කියන්නේ දියතලාව කෑම්ප්ෙක කියලා. ඒක ඒ තරම් ලස්සන තැනක්.හැබැයි ඉතිං එලියට පේන ලස්සන ට්‍රේනිං එකේ නෑ ඒක අපේ වචනයෙන් කියනවනං අම්බ වහක්. මගෙ කතාව තහවුරු කරන්න ඕනේ තරම් නිළධාරි මේ අඩමේ ඇති.
මේ සිද්දිය වෙනකොට අපි හිටියේ අපේ පුහුණුවේ දෙවනි ටර්ම් එකේ.එදා ඉරිදා දවසක් ඒ කියන්නේ පාඨමාලාව පැවැත්වෙන්නේ නැති දවසක් එහෙම කිව්වම ඔහෙලා හිතනවා ඇති අපි හෙන ආතල් එකේ නාලා කාලා ඇදට වෙලා ලැප් එක දාගෙන ෆිල්ම් එකක් එහෙම බලනවා ඇති කියලා නේද? පාඨමාලාවේ නිවාඩු දවස් කියලා දෙයක් නෑ පුතා නිවාඩු දවස් කියන්නේ තනිකරම සෙලවෙන මනසට. එදාට ඉතිං තමංගේ ඇදුම් හේදිලී බූට් පොලිශ් කිරිලි රූම් පොලිශ් කිරිලි ගාර්ඩන් හැදිලි ඊට අමතරව ජෙනර්ල් ෆැටීග් ( ෆැටීග් කියන්නේ කදවුරේ එකී මෙකී නානාප්‍රකාර වැඩ )
මේ කියන ඉරිදා දවසත් ඔහොම දවසක් හැබැයි අපිට තිබ්බා පොඩි පුරුද්දක් අපේ වැඩ ටික ඉවර කරපු ගමං ෆැටිග් එකෙං කට්ටි පැනලා සීනියර් සර් කෙනෙක්ගේ රූම් එකට රිංගන. එතකොට උංදැලා තමා ඇකඩමියේ හිටිය සීනියර්ම කැඩෙට් ලා. මොකද එතකොට කාගෙන්වත් ප්‍රශ්නයක් නැ කාගෙන්වත් කියන්නේ අනෙත් කැඩෙට්ලාගෙං ඇයි උං ඇහුවොත් අරුංදැගේ නම විකුනලා දාන්න පුලුවංනේ.හැබැයි ඒක අදාලා කැඩෙට්ලට විතරයි කෝස් ඔෆිසර්ස්ලා ට ඒ හුකුං අදාලා නෑ එතුමටල සෙට් උනොත් අර කියපූ සීනියර් කැඩෙට්ටයි අපිටයි වෙන වෙනම සබ්බුව හම්බුවෙනෝ.
ඉතිං මේ කියන සීනියර් කැඩෙට්ට අපි නම කියමු කුමාර කියලා. ඔන්න මේ කියන ඉරිදා කුමාර සර්ගේ ඉන්ටේක් එකේ සර්ලා ඔක්කොම එලියට ගිහිං ඒ කියන්නේ වෝල්ක් අවුට්. ආහ් අමතක උනානේ කියනේ ජූනියර් උං වෙච්ච අපේ ඉරිදාව අරම ගෙවුනට සීනියර් උංදැලට තිබ්බා වෝල්ක් අවුට් කියලා ජාතියක් ඉරිදාට උංදැලාට පුලුවං උදේ 8ට එලියට ගිහිං හවස 6ට ආයි කදවුරට එන්න. ඉතිං එදත් මෙතුමගේ කෝස් එකේ ඔක්කොම එලියට ගිහිං මුංදෑ ගිහිං නෑ. මොකද මුංදැට තිබ්බා ටිලිං ටිලිං එකක් ඒ කියන්නේ කාන්තා පාඨමාලාවේ හිටපු ජූනියර් කැඩෙ කෙනෙක් එක්ක හාංචිපයිස් එකක්. එදා ඒ කුමාරිගේ ගෙදරිං එනවා ඒ නිසා අපේ කුමාරයා නැන්දා මාමා බලන්න ඕනේ නිසා එලියට යන්නැතිව නැවතුනා.
අපිත් පුරුදු විදියට වැඩ ඔක්කොම ඉවර කරලා උංදැගේ රූම් එකට රිංගුවා වෙලාව ඇති 9ට විතර වගේ. අහ් අපි කියන්නේ මේ කතාවේ අනිත් උං තුන්දෙනා මායි මගේ බැජාලා වෙච්ච චතුවයි ගුනයයි. ඕං ඉතිං ගිය ගමං බොqරුවට රූම් එක අතු ගලා අස් කරලා අනං මනං වැඩ ටිකක් කලා. වෙන මොකටවත් නෙමේ තනි කරම බොරුවට කුමාර් සර් උනත් ඕක දන්නවා මොකෝ උංදෑ කියලා එක පාර අහසිං සීනියර් උන්නෑනේ උන්දැත් මේවා කරලා තමා ආවේ. ඉතිං උංදැට දුක හිතිලා කිව්වා ඔය ඇදයට අවුසද කොල ටිකක් ඇති හදලා ගනිං කියලා ( ඕක තමා අපි ඕකට රිංගන හේතුව) අනේ ඉතිං ඇගට බෙහෙත් ටිකක් දාගන්න ඕනේ නිසා ඒකත් හදලා සප්පායම් වෙනකොටම ආපී නේද ටී පොට් එක. ( ආවා නෙමේ බැටා කොලා අරං ආවා) එලියට බැහැලා බලනකොට කට කපලා ටී පොට් එකෙං එකයි බනිස් ගෙඩි 16ක් 17ක්. රූම් 12ටම කවරුත් නෑ ඔක්කොම එලියට ගිහිං. ගත්තා බනිස් පෙට්ටියයි ටී පොට් එකයි ඇතුලට දැං ඉතිං තියාගෙන ගහනවා අවුසද කොල බීපු උං දන්නවනේ ඒ වෙලාවට එන පිපාසාව.
ටිකක් වෙලා යනකොට අපේ කුමාර සර් ගියා නැන්දා මාමා බලන්න. දැ ඉතිං අපේ රාජ්ජේ උංදැගේ ලැපත් දාගෙන සිගරැට් පත්තු කරං අපි ඉතිං ලෝඩ්ලා වගේ ඉන්නවා. හිත හල්ලකෝ දොර ජනෙල් වහපු රූම් එකට තුන් දෙනෙක් සිගරැට් 15ක් විතර ගැහුවට පස්සේ තීන සිටුවේසන් එක. නයිට් කල්බ් පරාදයි. එක පාරම සද්දයක් ආවා බයික් එකක්. බයික්වල එන්නේ කෝස් ඔෆිසර්ස්ලා. එහෙම නැත්තම් ඇකඩමි ස්ටාෆ් එක. දොරට ගැහුවා
” හේ කුමාර කම් අවුට් ” කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු කෑම් එකේ ඇජුටනට්. ආයි ඉතිං වහ බෝලයක් අහු උනොත් විනාසයි. ඇඹරෙන්න ගුටිකාලා දවසම පනිශ්මන්ට් කන්න වෙන වැඩක්.අපි තුන්දෙනා මීක් නෑ.මූ ආයි ගහපි දොරට.
“හූ ඉස් ඉන් කම් අවුට්” ඔය කිව්වට අපි යයිද නැනේ.
යූ ෆකර් කමවුට් අයි විල් බ්රේක් දිස් ඩෝර්…
ඒම කීවමනං හික් ගැවුනා මූ එහෙම ඩෑල් එක. පැන්නා පිටි පස්සේ ජනේලේ ඇරං එලියට. පැනලා බිල්ඩින්ෙකේ වමට දිව මූත් බයික් එකේ බිල්ඩින්ෙකේ වමට එනවා ඉස්සරහ පැත්තෙං. ඕං අපි ආයි දකුනට දුවනවා මූත් එනවා. ඕම තුන් හතර පාරක් කලා හරියන් නෑ වමට දුවනවා වගේ පෙන්නලා දිව්වා දකුනට. කම්බි වැටවල් පැනගෙන තාප්පේ බඩ ගාගෙන හෙන ඇල්ලකිං බැහැගන මායි චතුවයි අපේ ඒරියල් එකට ආව. ඒත් ගුනයා නෑ. අපි ඉතිං මොකුත් නොවුන ගානට ඉන්නවා රූම් එකට වෙලා. මේං ටිකකිං අරූ එනවා මචං මාව අහු උනා උඹලා කවුද ඇහුවා මං කීවේ නෑ. ඒ උනාට ඉදපු අනිත් උං එක්කං එන්න කීවා උඹලා එන්න එපා මං තනියම යන්නං කියාල. ඒ කාලෙ ඒමයි මැරුවත් පාවා දෙන්නේ නෑ. ඒත් අරූව අපි තනියම යවන්නද නෑනේ නෑනේ. අපිත් යමං කිය්ස්ලා ලැස්ති උනා.
ඕං රජ තුන්කට්ටුව වගේ උංදැගේ ඔෆිස් එක ලගට ගියා අපි දෙන්නා පහලා ගුනයා ගිහිං කීව්ස අපිත් ආවා කියලා. ඌට කිව්වලු ජිම් එකෙං ලොග් එකක් අරං එන්න කියලා. ලොග් කියන්නෙ ලස්සනට පාට කරපු ලී කොටයක් බර කිලෝ 70 ඉදං 90 වගේ වෙනකං තියෙනවා ඔය අතරේ කිලෝ 25 හේ 30 ඒවත් තියෙනවා. එව්ව ඉතිං හොයාගන්න අමාරුයි. අපු ඉතිං ජිම් එකට ගිහිං ලොග් එකක් ඉල්ලුවාම ජිම් ස්ටාෆ් එකෙං දෙන්නෙ හොදම බරම එක. ඕං තුන්දෙනා මේක කරේ තියං යනව ඔෆිස් එකට. හම්මටසිරි වෙනවා මේං කුමාර සර් ඉන්න ශෙල් දෙකක් කර තියං. කුමාර සර් කියන්නේ අර අපි හිටපු රූම් එකේ අයිතිකාරයා. අර්ස් කිව්ව සීනියර් කැඩෙට්. ශෙල් දෙකක්නම් කමක් නෑ ෆුල් සන්නද්ධ යුනිෆෝම් එකෙං හෙල්මට් එමත් දාලා. ශෙල් එකාක් බල කිලෝ 30ක් වගේ ඇති. දෙකක් කියන්නේ 60යි. දැං ඉතිං ඇග හීතලවෙලා තියෙන්නේ අපිට ඕනේ මගුලක් සීනීයර් කෙනෙක් අපි හිංදා පනිශ්මන්ට් කනවා කියන්නේ උංගේ ඉන්ටෙක් එකෙං අපිට අද රෑට සබ්බුව ශුවර්.
ඕං ඇජුටනට් ආවා ඇවිත් බැලුව අපි දිහා බුවාට හිනා ගියා මොකෝ ලොග් එක ඉස්සරහ කර තියං හිටියේ ගුනයා පිටිපස්ස මං මැද චතුවා. කෝමහරි චතුවා කොටයි මූ ඇගිලි වලිං ඉස්සිලා කර උස්සං තමා ලොග් එකට කර තියන්නේ. කෙලිංම කීවොත් ඌ ඉන්නේ නිකං අපි දෙන්නා තමා උස්සං ඉන්නේ.
” යූ ප&ර් හැංගෝන් “
හම්මටසිරි වෙන්න අරූට අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි එල්ලෙන්න කිව්වා. බුවා එල්ලුනා අපිට හික් ගැවුනා තවත් කිලෝ 50 විතර කරේනේ.
දැං ඉතිං පටං ගත්තා පනිශ්මන්ට් එක. ඒ ගේටී බී ගේට් රිපෝර්ටිං කෑම්ප් එකේ ඒ ගේට් එකේ ඉදං බී ගේට් එකට කිලෝමීටර් එකාමාරක් වගේ ඇති මං හිතන්නේ පැයෙන් පැයට යන්න ඕනේ. 11ට ඒ ගේට් එකට 12ට බී ගේට් එකට ආයි 1ට ඒ ගේට් එකට ඔහොම රෑ 10 වෙනකං යන්න කීවා. සර්ට හවස 6 වෙනකං යන්න කිව්වා. ඕං ඉතිං අපි යනවා අපේ බැජ් එකේ උං මග රැකං ඉදලා අම්මා මෝ නැතුව
බනිනවා. තොපි කාළකණ්ණි හැමදාම මොකක් හරි කුප්ප වැඩක් කරනවා අදත් දැං රෑට අරුංගෙං ගුටි කාපංකෝ. නිදහසේ එක දවසක් ඉන්න නෑනේ කාළකණ්ණි භල්ලෝ අද වරෙව්කෝ තොපි අරක මේක ඉවරයක් නෑ. උං බනින සාදාරණයි හවසට සීනියර් බැජ් එකේ අනිත් සෙට් එක ආවාම අපි නිසා උංගේ බැජ් එකේ එකෙක් පනිශ්මන්ට් කැවා කියලා දැන ගත්ත ගමං අපේ බැජ් එකටම අඹ සරනයි. රෑ එලිවෙනකං උංදැලගේ මිදුලේ පනිශ්මන්ට්. දන්න ශාරීරික අභ්‍යාස ඔක්කොම දෙනවා කොසු පොලු සත්කාර දෙනවා. ඔය ඔක්කොම ඉවර වෙන්නේ පාන්දර 2ට විතර. ඒ ටික ඉවර කරල උංදැලගේ සෙට් එකක් නිදාගන්නවා ඊලගට නිදාගෙන හිටපු සෙට් එකක් ඇහැරිලා ඇවිත් උංදැලා පටං ගන්නවා. ඉතිං මේව මතක් වෙනකොට අරුං අපිව මරං කන එක අහන්න දෙයක්ද?
කෝමහරි ඔය රිපෝර්ටිං යන අතරමගදී ටිකක් තරුණ පහේ ලේඩී ස්ටාෆ් කෙනෙක් අහපි.
“ඇයි මිස්ටර් ඔයාට එල්ලිලා යන්න අමාරුයිද” කියලා. අපෙත් කට හොද නෑනේ ” එන්න ස්ටාෆ්ව අපි උඩ තියං යන්නම් ” කිව්වා. මුංදෑ මෙක ගිහිං අර සර්ට කියපි. දෙයියනේ කියලා හවස 6ට ඉවර වෙන්න තිබ්බ පනිශ්මන්ට් එක පහුවදා උදේ 4 වෙනකං දික් කරා. කෝම හරි පාන්දර 4 වෙනකං ගිහිං අවසානෙට ඇජුටනට් ගාවට ගියා.
” තොපි ආයි මට අහුවෙන්න එපා වැරදිලාවත් තොපි තුන්දෙනා මං ඉන්න යුනිට් එකට එන්න එපා ආවොත් තොපිට පැනලා යන්න තමා වෙන්නේ” කියලා බැනලා අපිව එලෙව්ව. ඊට පස්සේ අපේ බැජ් එකේ උංගෙනුත් බැනුම් අහලා මාසයක් දෙකක් යනකං කුණු කතා අහං හිටියා උංගේ.
ඔහොම ඉදලා තව මගඩි වැඩ අම්බානකට දායකත්වය දීලා අවසානෙට පාස් අවුට් වෙලා යුනිට් එකට ගිහිං මාසයල් විතර කටු කාලා පනිශ්මන්ට් කාලා කෑලේ ඇතුලේ තිබ්බ අනුකණ්ඩයකට ගියා. ඒකේ මං විතරයි ණිළදාරීයෙක්ට හිටියේ ආයි ඉතිං කැලේ රජා වගේ ෆුල් ආතල් එකෙර් මාස දෙකක් තුනක් විතර ඉන්නකොට එහෙං මෙහෙං ආරංචියක් ආවා අණුකඩයට අලුත් ඕසී කෙනෙක් එනවා එයා අහවල් දවසේ එනවා කියලා.ඕං ඒ දවසත් ඒත් උංදැ ආවේ නෑ. මං ඉතිං පුරුදු පරිදි දවල්ට ඒම කාලා රන් දෙපැය ගහලා ඇහැරිලා තේ එකක් බොනකොට බඩිය ඇවිත් කියපි සර් ඕසී හවස ආවා සර් ඇහැරිලා නං එන්න කිව්ව කියල.මාත් කිටක් දාං යනකොට බුවා පත්තරේ බලනවා.
ගුඩ් ඊවිනින්ග් සර්
යස් ගුඩ් ඊවිනින්ග්
කියලා බුවා හිමීට පත්තරේ පාත් කලා.බිලිලි නගින බෙලිකටු දෙදරන දගර සුළං මේ අර ට්රේනින්ං අහවල් එව්ව ගහලා අහුවෙච්ච නිළධාරි තුමා. මුංදෑ මාව දැක්කා විතරයි.
යූ බ්ලැඩි ප¥&
මියුසික්…
ඕ.. ඕඔ.. ඕඕ… ඕ…ඕඔ..ඕඔ…
අනුශ්ක
කියන්න අමතක උනා ඔය සිදුවීමට සම්බන්ද සීනියර් කැඩෙට්ගේ බැජ්මේට් කෙනෙක් මේ අඩමේ ඉන්නවා එතුමා තමා මට මේ ලොග් තියෙන ෆොටෝ එක හොයලා දුන්නේ හැබැයි මං මොකටද කියල කිවේ නෑ. එතුමලාම තමා එදා රෑ අපේ බැජ් එකේ උංට සබ්බුව දුන්නේ. එතුමාට මතකනං සීන් එක සර්… හායි කෝමද?.
උපුටා ගැනීම: Anushka Mudalige