අතීතයේ සිදු වූ දේ පලක් නැත් කියා අත් හැර දැමිය නොහැක. යමෙක් එසේ කිරීමට පෙළඹේ නම් ඒ හුදෙක්ම හිත සනසා ගැනීම පිණිස වේ. අතීතයේ සිදු වූ සියල්ල අත්දැකීම් වේ. ඒවා හොඳ හෝ නරක කුමක් වුවත් අත්දැකීම් වේ. අතීතයේ ගතකල සෑම තත්පරයකින්ම ජීවිතයට එකතු කරගත හැකි පාඩමක් ඇත.
වර්ථමානය තුල ජීවත් විය යුතුය. නමුත් අතීතයක් තිබුන බවත් අනාගතයක් ඇති බවත් අමතක නොකල යුතුය. ” අද සතුටින් ජීවත් වෙමු. හෙට දවස වැඩක් නෑ ” බොහෝ දෙනෙකුගේ මතය මෙයයි. වර්තමානය ලැබෙන්නේ අතීතයේ ප්රතිඵලයක් ලෙස බව බොහෝ අය අමතක කර ඇත. වර්තමානයද අතීතයට එක් වූ පසු සුපුරුදු පරිදි පසු තැවීමට ඔවුන් පුරුදු වී සිටියි.
අනාගතය ජීවිතයේ වැදගත්ම කාලය බව පිලිගැනීමට සමහරු නම් කැමති නැත. බොහෝමයක් අනාගතයට බිය වෙති. වර්තමාන තුල වෙසෙමින් අනාගතය ගොඬනගාගැනීමට තරම් උවමනාවක් බොහෝ දෙනෙක්ට නැත. තේරුමක්ද නැත. අතීතයේ සිදුවූ වැරදි අනාගතයටද ගෙන යෑමට ඔවුන් කටයුතු කරන්නේ තමන් විහින්මය. අතීතයේ සාර්ථකව සිදු කල යම් දේ තව දුරටත් සාර්ථක කරගැනීමට වර්තමානයේදී සිහින දකින/සැලසුම් කරන අය ඇත්තේ අල්පයකි.
සිතට ගත යුත්තේ..
* අතීතයේ සිදු වූ හෝ සිදු කල දේ වලින් ලබාගත් අත්දැකීම් වල උදව්වෙන් වර්තමානය තුල ජීවත් වෙමින් අනාගතය වඩාත් සාර්ථක ලෙස ගොඬනගා ගත යුතු බවයි.
මෙය කියවා අවසන් වූ පසු ඔබට සිතේවි අනාගතය, වර්තමානය, අතීතය අතරින් එකක් තෝරාගත නොහැකි බව.
කාල තුනම එක සමානව ජීවිතයට සම්බන්ධ කරගත් තැනැත්තා අවසානයේදී ජීවිතය ජය ගනු ඇත.
සිදු විය යුත්තේ තමන් විසින්ම තමාගේ බලවත් ස්වරූපය දැකීමයි.
තමා තුල වෙසෙන බලවත් පුද්ගලයා සොයාගැනීම තමාම කල යුත්තක් මිස අන් අයෙකුට තමා වෙනුවෙන් එය කල නොහැක.
කුඩා කල සිටම තමාගේ බලවත් ස්වරූපය ගැන සිහින මවන්නා ඒකාන්තයෙන්ම දිනක ජයගනු ඇත.
එවැන්නන් තමාට හැකි උපරිම ලෙස යම් යම් අරමුණු ගැන සිහින දකිනු ඇත.
ඒ සඳහා අවශ්ය සැලසුම් සකසනු ඇත.
ඒවා සැබෑ කරගනු පිණිස නිදි නොලබා වෙහෙසෙනු ඇත.
සෑම විටම ධනාත්මකව සිතනු ඇත.
කෙතරම් බාධා පැමිණියද කෙතරම් අසමත් වුවද උත්සාහය අත නොහරිනු ඇත.
මන්ද ඔහුට ඔහුගේ බලවත් ස්වරූපය සොයා ගැනීමට ඇති ආසාව අන් සියලු දේටත් වඩා වටින බැවිනි.
දැන් වුවද ඔබ ප්රමාද නැත.
* අත්දැකීම් සමූදායක් සමඟ අතීතයක් ඔබට ඇත.
* සිහියෙන් ජීවත් විය හැකි වර්තමානයක් ඔබට ලැබී ඇත.
* අතීතයටත් වඩා දිගු අනාගතයක් ඔබට ඉතිරි වී ඇත.
ඉතින්, තව දුරටත් ප්රමාද වී පසුතැවෙනවාද?
නැතිනම්, කාල තුන අධ්යනය කර තමාගේ බලවත් ස්වරූපය හඳුනාගැනීම මඟින් අනාගතය සාර්ථකව ගොඩනඟාගන්නවාද?
තීරණය ඔබ සතුය…..
උපුටා ගැනීම: Madushika Sugandini