ඩුබායිහි කාන්තාරය මැද අමුතු විල පිටසක්වළ නිර්මාණයක්ද? (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ඔව් මහා ලොකු කාන්තාරයක් මැද තියෙන විලක් ගැනයි මම අද කියන්න යන්නේ ඒක හරියට පිටසක්වල ජීවී නිර්මාණයක් වගේමයි. මේක ඉතා නිවැරදි මිනුම් සහිතව සිත්ගන්නා සුළු හැඩයකින් හදලා තියනවා. එත් ඇත්තටම කාටද මේ වගේ කාන්තාරයක් මැද මේ වගේ විලක් හදන්න ඕනේ? ඒ වගේම ඇයි මේ වගේ අමුතු අද්භූත හැඩයක් මේකට තියෙන්නේ? මේක ඇත්තටම හදලා තියෙන්නේ පිටසක්වලින් ද?
නෑ ඇත්තටම මේ විල රහසේම හදන්නෙ ඩුබායි රජය ලොකු කාන්තාරයක මැද. ඇත්තටම කිව්වොත් මේ විල හදලා තියෙන්නේ 2020 වසරේ ඩුබායි රාජ්යයට පැමිණෙන සංචාරකයන් පිළිගැනීමේ සලකුණක් විදිහට. ඩුබායි රාජ්ය කාන්තාරය මැද මේ විදිහට විශාල විල ඉදි කරලා මේ විල ජලයෙන් පුරවලා තියනවා.
ඒත් මේ විල ගැන කියද්දී ගොඩක්ම රසවත් කතාව තමයි මේ විලේ හැඩය. මේ හැඩය ගොඩක් ලස්සනයි. ඒ වගේම ගොඩක් අමුතුයි. කවුද මේ හැඩයේ නිර්මාතෘ. නෑ ඒ පිටසක්වල ජීවින් වත් නිර්මාණකරන ඒජන්සියක් වත් නෙවෙයි. මේ හැඩය අඳින්නෙ එක තනි මනුස්සයෙක්. හැබැයි අවුරුදු හාර දාහකට කලින් ජීවත් වෙච්ච මනුස්සයෙක්. මේ මනුස්සයා ගොඩක් ලස්සන අමුතු හැඩයක් තියෙන මුද්දක් නිර්මාණය කරනවා. ඒක එයාගේවිවාහය සඳහා හරි තෑග්ගක් විදිහට හරි භාවිතා කරන්න ඇති. කොහොමහරි අවුරුදු හාරදාහක් පැරණි මේ මුදුව අපිට Expo විල තියෙන තැනින් හමුවෙලා තියෙනවා ටික කාලෙකට කලින්. මේ මුද්ද ඩුබායි රාජ්ය ඉතිහාසයේ කැණීම්වලින් හමු වුණු පළවෙනි ආභරණය. මේ මුදුව අවුරුදු දහස් ගාණක් තිස්සේ වැලි වලට යටවෙලා වැහිලා තිබ්බේ. මේ මුදු වෙන් කාන්තාරය මැද ගොඩක් ඉස්සර කාලේ තිබ්බ ශිෂ්ටාචාරයක් ගැන සාක්ෂි සපයනවා ලු. කාන්තාරය මැද තවමත් ගවේෂණය කරලා තියෙන්නේ 25% ක් විතරයි. තවත් සියයට අසූවක් ගවේෂණය නොකළ කොටස් ලු.
ගොඩක් මිනිස්සු කියනවා අතීතය කියන්නේ වර්තමානයේ සංකේතයක් කියලා. ඒ වගේම අතීතයආයෙත් ආයෙ සිද්ධ වෙනවා කියලා… ඉතින් ඩුබායි රාජ්ය මේ මුද්ද දැකලා ඒ හැඩයෙන් ම මේ විල හැදුවා. දැන් අර වගේ මුදු මෝස්ත්රයත් ජනප්රිය වෙමින් පවතිනවා.
පොඩ්ඩක් ඉන්න එහෙමත් නැත්නම් අවුරුදු හාර දාහකට කලින් ජීවත් වෙච්ච මනුස්සයා මේ විලට ඇවිත් විල දැකලා ගිහින් මුද්ද හැදුවද දන්නෑ ඉතින් තීරණය ඔයාලගේ අතේ ………………

 

القصة الكامل لشعار إكسبو 2020 دبي

 

රන්දිකා සමරකෝන්

තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!