කහගන්න (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ජිවිතේ හොඳම කාලය පාසල් කාලය කියලයි මට හිතෙන්නෙ . හොදම කාලය කියන්නෙ සතුටින් ම
හිටපු කාලය …
අපි පාසල් බස් රථයෙන් තමයි ඉස්කෝලෙ ගියේ . ඒ ගමනත් හරි ම විනෝදයි …අමතක නොවන අපුරු සිදුවීම් ගොඩක් . හැබැයි මේ කතාවට නම් , අපුරුයි කියනවට වඩා හොඳයි , අකරතැබ්බයක් කිව්වොත් .මගේ යාලුවෙකුට වෙච්ච දෙයක් .
ගොඩක් දෙනාට බස් වල යද්දී නින්ද යනවා . මගේ යාලුවත් බස් එකකට නැග්ග වෙලේ ඉදලා හොඳට නිදා ගන්න කෙනෙක්.
හිටගෙන හරි නිදා ගන්නවා . මේ කියන දවසෙ නම් , ෂිට් එකක් එහෙම හම්බ වෙලා හොඳ සැපට කට ඇරගෙන නිදා ගත්ත දවසක් ..😴.
ඉස්කෝලෙ ඇරිලා එන වෙලාවකුත් නිසා මහන්සියටත් එකක් තදින් ම නිදි . නිදා ගත්තට පස්සේ එයා ට හිතෙන්නෙ ඇදේ ම ඉන්නවා කියලා තමයි . බොහොම නිදහසේ නිදාගන්නවා . මේ කියන දවසෙ නිදාගෙන ඉන්න කොට එයාගෙ ඔලුවෙ ගෑවෙනවා මොකක් හරි දෙයක් . අපි කියමු ෂිට් එකේ තියෙන මොකක් හරි එලියට නෙරපු කොටසක් කියලා . දාඩිය දාපු වෙලාවකුත් නිසා ඔලුවත් කසනවා , අපේ යාලුවා අර නෙරුමෙන් ඔලුවත් කසාගමින් හොඳට නිදා ගන්නවා . කොච්චර තදින් නිදා ගත්තත් , බහින තැන කිට්ටු වෙද්දී යාලුවට ඇහැරෙනවා. එදා ඇහැරුන ගමන් පස්ස හැරිලා බලනවා , මෙච්චර වෙලා සනීපෙට ඔලුව කසාගත්තෙ මොකකද කියලා . බලන කොට ම එතනම ෂිට් එක අල්ලගෙන හිටපු අයියා කෙනෙක් කියනවා , ” කමක් නැහැ නංගී , කහගන්න කහගන්න , ඇති වෙන්න කහගන්න ” කියලා . එතකොට තමයි දැක්කෙ මෙච්චර වෙලා ඔලුව කසාගත්තෙ , දිගට වැවිලා තියෙන , ඒ අයියගෙ නියපොත්තෙන් කියලා . එහෙම වෙලාවක ගෑනු ලමයෙකුට මොකද හිතෙන්නෙ කියලා කියන්න ඕනෙ නැහැනෙ 😥. කොහොම හරි එදායින් පස්සේ මේ නංගී , ඒ අයියා දකිද්දී නිකම්ම වාෂ්ප වෙනවා …😀

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!