තනාශා ඉතා සුන්දර, සල්ලිකාර, බලපුලුවන්කාර පවුලක තරුණියක්. ඇයගේ හොඳම යාලුවා සුරේනි සාමාන්‍ය පවුලක අහිංසක තරුණියක්.
දෙදෙනා හමු වුනේ නගරයේ පිහිටී උසස් පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාදිය හදාරන්න ඇවිත්. සුරේනි උසස් පෙළ ප්‍රතිඵල අඩු වීම නිසා රජයේ විශ්ව විද්‍යාලයක උපාදිය හදාරන්න තිබූ ආශාව අමතක කොට සිටින කල පුවත්පතක දුටු තරග විභාගයකට ලියා එයින් ලද ශිෂ්‍යත්වයක් හේතුවෙන් එම පෞද්ගලික විශ්ව විද්‍යාලයට ඇතුලත් වී තිබූ අතර තනාශා දෙමාපියන්ගේ බලකිරීම නිසා එයට යොමු වී ඇත.
සුරේනි අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දුන් අතර තනාශා සෑම විටම විනෝදයට මුල් තැන් දුනි. ඉඳ හිට හෝ දේශන වලට සහභාගී වූයේ සුරේනිගෙ බල කිරීමටය. තනාශාගෙ දින චරියාවේ මුල් තැන හිමි වූයේ පාටි, මියුසිකල් ශෝ, ශොපින් සහා අත දිගහැර මුදල් වියදම් කල යුතු දෑ වලටය.
සුරේනි විසින් තනාශාව අධ්‍යාපන කටයුතු වලට යොමු කිරීමට උත්සහා කිරීමේදී තනාශා පැවසූවේ ” අධ්‍යාපනය දුප්පතුන්ට අවශ්‍ය දෙයක්. අපි වගේ සල්ලිකාරයින්ට ඕක අවශ්‍ය නැහැ.. ” යි යනුවෙනි.
දිනක් තනාශාගේ නිවසට ගිය සුරේනි හට තනාශා යෝජනා කෙරුවේ ” අද අපි පීසා ගෙනත් කමු.. ” කියාය.
ප්‍රසිද්ද අවන් හලකින් පීසා ඕඩර් කෙරූ දෙදෙනාට එය ලැබෙන තුරු බොහෝ වේලාවක් බලා සිටීමට සිදු විය. ඒ පීසා රැගෙන එන්නා පැමිනීමට බොහෝ ප්‍රමාද වූ නිසාවෙනි. අවසානයේදී ඔහු පැමිණියේය..
” තමුසෙලාට අපි සල්ලි ගෙවන්නෙ සීතල උනු පීසා කන්න නෙමේ මනුස්සයො. දැන් කොච්චර වෙලාවක් පීසා එක ගේනකන් බලන් ඉන්නවද අපි. තමුන් ගැන මං කම්ප්ලේන් කරනවා. අනික මේ පීසා එක අපිට ඕනෙ නෑ. මං ගන්නෙත් නෑ. තමුසෙම කාලා තමුසෙම බිල ගෙවාගන්නවා … ” තනාශා ඩිලිවරිකරුට මහත් සේ බැනවැදුනි.
සුරේනි තනාශාව කෙතරම් අස්වැසීමට උත්සහ කලද ඇය එම කිසිවක් ගණනකට නොගත්තාය. අසරණ වූ මුහුණින් යුතුව ඩිලිවරිකරු නැවත පිටත් වුනි.
” පව් තනාශා එයා තරුණ කොල්ලෙක්. සමහරවිට ඉගෙනගන්න ගමන් පාර්ට් ටයිම් ජොබ් එකක් විදියට කරනවද දන්නෙත් නෑ මේක. සල්ලි තියෙනවද දන්නෙත් නෑ ඒකට ගෙවන්න.. ” යැයි කියමින් සුරේනි දුක් වුවද තනාශා තම සුපුරුදු නපුරුකම විදහා දක්වමින් පැවසූයේ ” ඔව් දුප්පත් එවුන් එහෙමනෙ ඉගෙනගන්නෙ. කමක් නෑ ඕකුන් දැනගන්න ඕනෙ රස්සාව හරියට කරන්න මොනා උනත්.. ” කියාය.
කාලය ගෙවී යමින් පැවතුනු අතර සුරේනි තම උපාදිය උසස් ලෙස අවසන් කලාය. තනාශා උපාදිය නිම නොකරම විශ්ව විද්‍යාල ගමන අවසන් කලාය.
සුරේනි ප්‍රසිද්ද ආයතනයක කළමනාකාරිනියක් ලෙස සේවයට බැඳුනු අතර තනාශා තම කෙලිලොල් නාස්තිකාර ජීවිතය දිගටම පවත්වාගෙන ගියාය.
කාලය ගත වන විට සුරේනි සහා තනාශා දෙදෙනාම විවාහ වූ අතර දෙදෙනාටම දරුවන්ද ලැබිණි. තනාශාගෙ ගතිගුණ වෙනස් නොවූනද ඇය තම දරුවාට පණ සේ ආදරය කලාය.
හදිසියේම තනාශාගේ දෙමාපියන් හදිසි අනතුරකින් මියගිය අතර ඇයගේ සැමියාද ඇයට තිබූ නාස්තිකාර ආඩම්බර දිවිය හේතුවෙන් ඇයව හැරගියාය. ක්‍රම ක්‍රමයෙන් ඇයගේ ව්‍යාපාරද පිරිහී යන්නට විය. අවසානයේදි ඇයගේ ණය ප්‍රමාණය ඉහටත් උඩින් විය.
මෙලෙස අවුරුදු පහලොවක් පමණ ගත වූ අතර ඇයගෙ ආර්ථික තත්වය දැඩි ලෙස පිරිහෙන්නට වුනි. අවාසනාවකට ඇගේ දරුවාද අසනීප විය. අසනීප තත්වය උත්සන්න වීම නිසා වෛද්‍යවරු පැවසූයේ ඉතා ඉක්මනින් සැත්කමක් කලයුතු බවත් ඒ සඳහා විශාල මුදලක් වැය වන බවත් ය.
ඒ වන විටද නාස්තිකාර ජීවිතය නිසා හතර අතේ ණය වී තිබූ තනාශාට එම මුදල සොයා ගැනීමට අපහසු විය. ඇය සමග විනෝද වීමට මුදල් වැය කල කිසිවෙකුත් ඇයගෙ දරුවාගෙ සැත්කම වෙනුවෙන් මුදල් ලබා දීමට ක්‍රියා කටයුතු නොකල අතර අවසානයේදි ඇයගේ පැරණි මිතුරිය වූ සුරේණිව ඇමතූ තනාශා හැඬුම් ස්වරයෙන් කාරණාව පැවසූවාය.
තම කණකර උගසට තබා යම් මුදලක් සොයාගත් සුරේනි තනාශා හමු වී එම මුදල ඇයට දුන් අතර මුලු මුදලින් භාගයක්වත් නොවූ එම මුදල ගෙන දෙදෙනාම රෝහල ගියේ සැත්කම කෙසේ හෝ කරගැනීමට උත්සහ කිරීමටය.
සුරේනි සහා තනාශා රෝහලට යන විට රෝහල් ඇඳ මත දරුවා සුවෙන් නිදා සිටියේය. අසල සිටි හෙදිය තනාශාව දුටු විට සිනා සී පැවසුවේ ” දරුවා සනීපෙන් සැත්කම සාර්තකයි .. ” කියාය. පුදුමයට පත් වූ තනාශා අතට සුලු වේලාවකින් රෝහලේ බිල් පත පත් වීය. එහි සඳහන් වූයේ රුපියල් 1500 ක් ලෙසයි. මහත් සේ පුදුමයට පත් වූ දෙදෙනාම එලෙස වූයේ කෙසේදැයි විමසීය. එවෙලෙහි එහි පැමිණියේ එම රෝහලෙහි අධ්යක්ෂ වෛද්‍යවරයාය.
” මිස් මේක තමා ඔයාගෙ බිල් එක. මේක ගෙව්වම හොඳටම ප්‍රමාණවත්. මතකද මිස්ට මීට අවුරුදු ගාණකට කලින් මිස්ට පීසා අරන් ආපු ඩිලිවරි බෝයිට පීසා එකට ගෙවල එයාටම කන්න කිව්ව. ඉතින් එදා ඒ ඩිලිවරි බෝයිට ඒ බිල් එක ගෙවන්න උනා මිස් පීසා එක ගත්තු නැති නිසා. ඒ බිල් එක තමා මේ. මම තමා ඒ ඩිලිවරි බෝයි. මං ඉගෙනගත්තෙ ඒ ජොබ් එක කරලා. දැන් දරුවට සනීපයි ගෙදර එක්කන් ගිහින් පරිස්සමට බලාගන්න… “
තනාශා කඳුලු පිරි දෙනෙතින් බලා සිටියේ තමාට පිටුපා යන එම උදාර පුරුශයා දෙසය.
කිසි දිනක කිසිවෙකු පහත් කොට නොසලකන්න. අනාගතය කෙසේවේදැයි කිසිවෙකුට කිව නොහැක.
කාලෙකට කලින් අහපු කතාවක් මගේ විදියට ලිව්වා.
උපුටා ගැනීම: ඉරාන් යූ කුමාරගේ