රජය අපිව හුදකලා කරාම හරි සෝක්..මොකද අපි හුදකලාවෙ මේම මේම ඉද්දි අතීතයෙ උනු රසවත් සිද්දි මේම මේම ඔලුවට ගලාගෙන එනවා.මේකත් ඒ වගේ එකක්..කොච්චර රසවත්ද කියල බලන්නකො කියවලම.
මේ කියන යට ගිය දවස මං හිටියෙ කොළඹ මහජන උද්යානෙ එක්තරා රාජකාරියක් කොරමින්..ඒ කිව්වෙ අර පීපල්ස් පාර්ක් අනේ..ඒම කිව්වෙ නැත්තං දන්නෑහ් නේහ්..අපි ඒ තරම් සුද්ද සිංහල..අනම් මනම් මොකටෑ ආයෙත් කතාවට එමුකො..
එහේදි මට මුණගැහුනා හරි අපූරු මිනිස්සු ගොඩාරියක්..ඒ අතර හිටියා මුස්ලිම් කොල්ලෙක්..ආයෙ කතා දෙකක් නෑ බොක්කෙ ෆිට් එකක්..රහීම් කියමුකො උට..
ඉතින් සාමාන්යෙන් රහීම් කෑම වෙලාවට එනවා මාව හොයං “උදියා යමන් කන්න…” ගාගෙන..උට තිබ්බෙ කන බණේ..උදේට ගියාම සමෝසා තුන හතරක් අල පරාටා දෙකක් අර ටැමිල් කඩවල ස්පෙශල් මිල්ක්මේඩ් ටී එකත් දවල්ට ගියාම චිකන් බිරියානි එකක් සරුවත් එකක් වරදින්නෙ නෑ අපිට..
කන ගමන් උනත් අපේ කතාව උනේ ‘කෑම ම ‘ තමා..සමහරවිට මං දෙමල මුස්ලිම් කෑම වලට ආස නිසා වෙන්නත් ඇති..
“මචං රහීම් ඇයි උබලා ඔච්චර හරක් මස් කන්නෙ..ඇයි හරකටම ආස..”
“පිස්සුද බං එහෙම නෑ.හරක් මස් නොකන මුස්ලිම් අය කොච්චර ඉන්නවද බං..මෙ මං බලාංකො.මං උනත් කන්නෑහ්..”
“ඈහ් සිරාවටම උබ කන්නෑ?? ඇයි ඒ…”
“පොඩි කාලෙ කෑවා.මට සෙට් වෙන්නෙ නෑ බං බීෆ්..චිකන් කනවා මටන් කනවා..එච්චරයි..”
“මටන් මරු නේහ්..කන්න ආසයි.ගණන් නෙහ් බං.කිලෝ එකම දෙදහස් ගාණක්..”
“අඩේ උබ මටන් වලට ආසද.යමංකො දවසක.සුපිරි ප්ලේස් එකක් තියෙනවා මේ ලඟ..”
ඔන්න ඉතින් මටන් කන්න යන්න ස්ථීර කරගත්තා අපි දෙන්නම.ටික දවසකට පස්සෙ රහීම් කතා කලා මටන් කන්න යන්න.මාත් ගියා ඉතින් මගෙ පෙරේත කමට.අම්මටසිරි සුපිරි ප්ලේස් එක..බිරියානි මන්දිරයක් ඒක.හැම ජාතියකම බිරියානි තියෙනවා..ඇස් දෙකත් අඬනවා ඒ කෑම දැකලා..දෙමළ කෑම හරි ටොප් ඈහ්..
අපිත් ගෙන්න ගත්තා සුපිරි මටන් බිරියානි දෙකක්..ම්ම්ම් ආයෙ කියල වැඩක් නෑ රස දිව පිනා ගියා.මටන් වලට තිබ්බ පෙරේත කම යන්නත් එක්කම ඉස්මුරුත්තාවට එනකල්ම බිරියානි කෑවා..කාලා ඉවර උනාට පස්සෙ රහීම් තව මොනාද මංදා ඕඩර් කලා.මට තේරුනේ නෑ දෙමළෙන් කතා කරපු නිසා..
ටික වෙලාවකට පස්සෙ ලොකු පිඟානකට රතු මස්කට් කෑලි ගොඩාක් දාගෙන ආවා..ආහ් මූ මේ අතුරුපස ඕඩර් කරලා තියෙන්නෙ.කව්ද ඉතින් මස්කට් වලට ආස නැත්තෙ.මාත් අරන් කටේ දාගත්තා..හැබැයි වෙනදට දැනෙන පැණි රස ගතිය සෑහෙන්න අඩුයි..හැබැයි ටේස්ට් එකේ අවුලක් නෑ..පොඩි කික් එකක් තියෙනවා..දා ගත්තා තව දෙක තුනක් බඩට..
එන ගමන් මං නිකමට රහීම්ගෙන් ඇහුවා විහිලුවට වගේ.. ” කාපු මස්කට් වල සීනි අඩුයි නේහ්.ඇයි කඩේ අයිතිකාරයට සීනි අමාරුවද ..” කියල..මස්කට් ආයෙ ආයෙ කන්න ආස හිතෙන උත්තරයක් මට ලැබුණා..
” මස්කට්..?? උබට පිස්සුද බං..ඒ එළු ලේ මුදවපු කෑලි බං.මස්කට් වගේ තමා..ඒව පට්ට ගුණයි..”
පස්සෙ මං හොයල බැලුවා මේක ඇත්තද කියල..ඔව් ගොඩක් ගුණලු එළු ලේ..ඉංදියාවෙ එළු ලේ වලින් වෙනමම කෑම හදනවලු..හැබැයි මං නං ආයෙ කෑවෙ නෑ.ආස අය කාලා බලන්නකො එහේනම්..
උපුටා ගැනීම: Iran U Kumarage