“මල්ලී ජීවිතේ සරුංගලයක් වගේ.පාවෙලා පාවෙලා ගිහින් නූල කැඩුනම ඉබාගාතේ යනවා.ගිහින් කොහේ හරි පැටලිලා දුක් විඳිනව.මාත් ඒ වගේ බං..”
ඒ ලලිත්…
“මචං කපුගේගෙ සිංදු වදින්නෙ පපුවට බං.ඒකයි මං ඒවයෙ වචන වලට ආස.ඇහෙද්දි මගෙ ඇඟ නලියනව බං.ඒව මගෙ ඔලුවේ හැම අංශුවක් පුරාම දුවනව.දුවල දුවල හරිම තැන තැන්පත් වෙනව.ආයෙ දවසක කල්පනා කරද්දි ඒ වචන වලට මගේ සංකල්ප දාල තව වචන ටිකක් මගේ පෑනෙන් කොලේකට එනව.මගෙ වීරය කපුගේ බං”
ඒ ලලියගෙ වචන..
කටු කොලේක තීන්ත පෑනකින් කටු අකුරින් වචන ගොතන්නට ඌට තිබුනේ අපූරු දස්සකමක්.ඒ වචන උගේ ජීවිතෙට අදාලම නැති උනත් කාගෙහරි ජීවිතයකට ලස්සනට ගැලපෙන්න තිබුනා.මධුවිතකින් ලාවට තොලකට තෙමෙන වෙලාවක ඒ ගැන උගෙන් ඇහුවම උගෙන් ලැබුනෙ හිස්බැල්මක් විතරයි.වඩිය වැඩි වෙද්දි ලැබුනෙ තිත්තම තිත්ත වචන වැලක්.තේරුම් ගත්ත ඒ ඇයි කියල.ඒ උගේ වේදනාව.හේතුවත් අහේතුවත් අතර හිර උනු උගේ කඳුල.කාටවත් නොකියන කවුරුත් තේරුම් නොගත්ත ඌ විතරක් දන්න මාත් කොටස් කරුවෙක් උනු උගේ හෘද සාක්ෂිය.
කතාව කල එලි බැස්සෙ මං කේටරින් සර්විස් එකේ වැඩට ගිය මුල් දවසෙ.ඒකි ලස්සන ගෑනියෙක්.හතර රියන් පොරක් එක්ක ඇවිත් හිටියෙ.ඌගෙ පෙනුමනං ඒකිට වඩා බාලයි.සැරයක් දෙසැරයක් නෙමේ කී සැරයක් උනත් බලන මහා කාමුක පෙනුමක් ඒකිට තිබ්බෙ.වයස හංගන්නද මංදා අඟලක විතර පුයර තට්ටුවකුත් ගලපල තිබ්බ.කියන්න තරම් වරදක් නොතිබ්බ හංදා මගේ ඇහැත් ඒ දෙසමයි.කේටරින් එක අයිති එයාටලු.
“කොල්ලො ඕක මර උගුලක්.දැනටමත් කීයක් නං සල්ලං උනාද.පව් අසරණ ලමයි දෙන්න.කවද හරි රටට මූන දෙන්න බැරි වෙනව මහා උන් නිසා..”
මගේ හිත කියවපු නිහාල් අයියා මං ලඟට ඇවිත් කිව්ව.ලමයිත් දෙන්නෙක්ලු.අපහැදිලි චිත්‍රයක් ඇඳුනත් මං හිස් බැල්මක් එක්ක එයා දිහා බලං හිටියා.
“මල්ලී ලොකු නෝන බැඳපු මහත්තය නෙමේ ඔය.මේ පොඩි කොල්ලෙක්.ලොකු ලමයි ඉඳලත් නාඹර ඒවටයි වෙන්ටෑ ආස”
නිහාල් අයියගෙ සැර වචන ආයෙ අයේ ඇහුන.කතාව දැනගන්න ආශාවෙන් පෙලුන මං නිහාල් අයියට කිට්ටු උනේ පිහීද පිහීද හිටපු පිඟානත් අරං.
‘ස්ලාංං…’
මං කොතනද කෙලවීමේ උපත එතන.පිඟාන කුඩු.
“නිහාල් අලුත් එකෙක්ද ඔය.මදන විසේ තිබ්බට පිගන් කෝප්ප එක්ක සෙල්ලං කරන්න එපා කියපං.දවසෙ පඩියෙං කපපං.ඕකව අර ෆිල්ටර් ටික පටවන්න දාන්න.නැත්තං අද ඕකට පඩියක් ඉතුරු වෙයිද දැන්නෑ “
රුව ඇති ලඳගෙ ගුණ ඇති හඬ දෝංකාර දුන්නෙ මට පොලව පලාගෙන ගිහිංවත් ඉවර නොවෙන ලැජ්ජාවක් ඇති කරමින්.මං ලොරිය දිහාවට ගියේ උබේ හැට හතරට කෙලවෙන්නම මං පලිය ගන්නම් කියා හිතමින්මයි..
පෙරදින සිදුවීම මගෙ හිතේ මහ පැල්ලමක් ඇති කරල කියල මට හැමවෙලෙම හිතෙන්න ගත්ත.හේතුව මං ඒ තරං චා වෙලා නෑ කවදාවත්.කිව්ව වගේම දවසෙ පඩියෙනුත් පන්සීයක්ම ක්ම කපල තිබ්බ පිගානට.දමල ගහල එන්න හැදුවත් හැංගිච්ච කතාව දැනගන්න තිබ්බ කුප්ප අදහසත් එයාව දකින්න ආසාවෙන් තිබ්බ කුපාඩි හිතත් නිසා ඔහේ හිටිය.
ඒ දින කිහිපය වැඩි සද්ද බද්ද නැතුව නිකංම ගෙවිල ගියා.බෝඩිං කාමරේ සිරිබිරි ඇඳේ හරිබරි ගැහිල ඉද්දි දන්නෙම නැතුව ගිනියං වෙන හිත නිසා නිතර නිතර යට ලීයේ නාරි ලතා මල් පූදින්න පටං ගත්ත.ගොඩක් වෙලාවට නිමිත්ත උනේ එයා..ඔව් ලොකු නෝනා තමා.බයක් නොතිබුනාම නෙමේ මං එයාට ඇබ්බැහි වෙයි කියල.කොලු හිතනෙ ඉතිං…
එහෙං මෙහෙං කාලය ඉගිලගෙන යද්දි මට ආයෙත් චාන්ස් එකක් හම්බුනා නිහාල් අයියා එක්ක කදේ වැටෙන්න.
“අයියෙ මොකද්ද බං අර එදා නෝන ගැන කිය කිය හිටියෙ?”.
“මොන…?”
“අර එදා කේස් එක උනු දවසෙ බං.උබ කිය කිය හිටියෙ නෝන පොඩි කොල්ලෙක් තියං ඉන්න සීන් එකක්.”
“උබටත් ඒවනං අමතක වෙන්නෙ නෑ නේ බං.ඕව උංගෙ කනට ගියොත් අපිටත් වෙන්නෙ බත් පත නැති කරගන්න.මේවයෙ බිත්ති වලටත් කන් තියෙනව කොල්ලො” නිහාල් අයියා කීවේ වටපිට බලමිනි.
“මේකයි බං සිද්දිය.නෝන බැඳල හිටියෙ සල්ලි බාගෙ තිබ්බ මහත්තයෙක් ලලිත් කියල..හරි හොද මහත්තය .ලමයින්ටයි නෝනටයි පුදුම ආදරයක් තිබ්බෙ.හැබැයි ටිකක් කන බොන මිනිහා.දන්නැද්ද ඉතිං බිස්නස් පොරවල් ගැන..සල්ලි වලින් අඩුවක්ද බං..පොඩි අවුලකට තිබ්බෙ බිව්වම ටිකක් වර්චස් පොර…මිනිහයි මිනිහගෙ අයියයි අතරෙ ඉඩකඩම් ප්‍රශ්නත් තිබ්බ මං හිතන්නෙ..ඉස්සර ලලිත් මහත්තය ආවම සාක්කුවෙන් අදින්නෙ මොණරුම විතරයි..ලක්සයක් විතර සාක්කු දෙකේ පුරවං එනවා..ලෝස් නැතුව වියදම් කරනවා..ඕම යද්දි මිනිහා ගෙදර එන එක ටිකක් නැවතුනා..අපිට කිව්වෙ බිස්නස් වලට යනව කියල.මිනිහා අතේ වෙනදට වඩා සල්ලි ගැවසෙන්න ගත්තු නිසා අවිශ්වාස කරන්න හේතුවකුත් තිබ්බෙ නෑ..එහෙම පටන් ගත්තු පාර අන්තිමට මාසෙකට සැරයක් වගේ තමා ගෙදර ආවෙ..”
සුවර් එකටම එහේනම් වෙන ගෑනියෙක් ඉන්න ඇති..”
මාත් කතාව මැද්දෙන් පැන්නා.
“වෙන්න බෑ බං..කෑවා බීවට ගෑනිටයි ලමයින්ටයි පුදුම ආදරයක් තිබ්බෙ..ඒ උනාට මොන ගෑනිද බං මාසෙකට සැරයක් ගෙදර එන,ඒ ඇවිල්ලත් දවසෙම බොන මිනිහෙක්ට ආදරේ කරන්නෙ..නෝනත් වෙන වෙන ගෙඩි කන්න පටන් ගත්තා..ඕක මහත්තයට අහුවෙලා ලොකු රණ්ඩුවක් ගිහින් මහත්තයාම ගෙදරින් ගියා..ඊට පස්සෙ ලයිශන් පිට නෝනා පිට ගියා..ඒ ගිය පාර තමා මේ තාම දුවන්නෙ..” එහෙම කියලා නිහාල් අයියා ලොකු හුස්මක් පිට කලා..
“අනේ මන්දා.ඉතින් මහත්තයා ආයෙ ගෙදර ආවෙ නැද්ද..ළමයි දෙන්නට මොකද උනේ..” මට තිබ්බෙ ලොකු කුතුහලයක්..
“කාලෙකට පස්සෙ ආවා.දෙන්නට දෙන්නා ගනන් ගන්නෙ නෑ.රුස්සන්නෙ නෑ.ළමයි දෙන්නට ඕන කරන දේවල් ඔක්කොම ගෙනත් දානව මහත්තයා..මේකිට සල්ලි තියෙනව කියල අඩුපාඩු තියන්නෙ නෑ පොඩි දෙන්නට මහත්තයා..මෙහේම දේවලුත් රටේ ලෝකෙ වෙනව බං..දැන් ලලිත් මහත්තයා ඉන්නෙ ටවුමෙ කාමරයක් කුලියට අරගෙන..ඉස්සර තරම් සරු නෑ මිනිහට දැන්..මං මුන්දැලට හොරෙන් සමහර දවස් වලට යනව හම්බෙන්න බෝතලයක් ඒම අරන්..ඕම හිටපංකො දවසක මාත් එක්ක උබත් යමන්..” නිහාල් අයියා කතාව ඉවර කලේ මට තව බලාපොරොත්තුවක් දෙමිනි..
සති දෙකකට විතර පස්සෙ නිහාල් අයියා මට කතා කලා..”ලෑස්ති වෙයන් ලබන පෝයට ලලිත් මහත්තයලෑහ් කාමරේට යන්න.උබ අමද්‍යප නෑ නේහ්..කලින්ම බඩුත් අරන් තියෙන්නෙ..”
පෝයයි කියල මොකෝ..අපිත් කන්නැති බොන්නැති මිනිස්සුයෑහ්..මාත් වැඩේට කැමති උනා..ටිකෙන් ටික පෝය දවසත් ආවා..නිහාල් අයියයි මායි අඩුම කුඩුම ටිකත් අරන් හංගලා තිබ්බ බෝතලෙත් අරන් ටවුමෙ කාමරේට ගියා ලලිත් මහත්තයාව හම්බෙන්න..කාමරයක් කිව්වට ඒක පොඩි ගෙයක්..
“අම්මටසිරි නිහාල් අයියා.කාලෙකින් නේහ්..මෙයාද එනව කිව්ව අලුත් යාලුවා..” ලලිත් මහත්තයා මං දිහා බලන ගමන් නිහාල් අයියා එක්ක කතාව..ටික වෙලාවක් අපි එක්ක කතා කර කර හිටපු ලලිත් මහත්තයා “එහෙනං බෝතලෙ කැඩුවනං..ම්ං හැදුවා පොඩි බයිට් එකක්..ඉන්න ගේන්නං කියල..”ගියා..
ඒ එක්කම නිහාල් අයියා..”මේ වරෙංකො..මේ බොද්දි ගානට කතා කරපං..මේ හිටිය වගේ නෙමේ බිව්වට පස්සෙ අමු තිරිසනා..”කිව්ව..මොකෝ අපි තිරිසන්නු දැකල නැතුවයෑහ්.
එදයින් පටං ගත්තු සමාගම එන්න එන්න දියුනු උනා..මං කිව්වෙ මෙහ් මගෙයි ලලිත් මහත්තයගෙයි යාලුකම..මහත්තයා අයියා උනා අන්තිමට නිකන්ම ලලියා උනා..
“මල්ලි..අපි වද වෙන්න ඕන අපිට ආදරේ කරන අය ගැන බං..ආදරේ නොකරන උන් ගැන මොකටද වද වෙන්නෙ බං.ඇයි අපි උන් නිසා දුක් වෙන්නෙ…”
ඒ දවසක් පදමට රත් උනු වෙලාවක මං අහපු ප්‍රශ්නෙකට ලලියා දුන්නු උත්තරය..
” ඉතිං ඇයි බං ලලියයියෙ උබ මෙහෙම බොන්න පටන් ගත්තෙ..අක්කා වෙනස් උනේ බොන හින්දා වෙන්නැති..”
මගෙන් තවත් හරස් ප්‍රශ්නයක්..
” ඈහ් බොල හු$#@ පුතෝ..මගේ ගෑනි පිට උන් එක්ක
නිදියලා උන්ම මට ඒවා ෆොටෝ ගහලා එවද්දි ගෑනිව නොමරා අතේ තියෙන හැම පිච්චියම ගෑනි එක්ක ඉන්න කැමති උනු දරුවො දෙන්නටම වියදම් කරන,මගේම කියල හිතන් උන්නු උන්ම ගෙදරින් දොට්ට දාපු මං වගේ මිනිහෙක්ට කරන්න වෙන දෙයක් තියෙනවද යකෝ..”
ඒ මූණ දිහා බලපු මං දැක්කෙ මත් උනු ඇස් වලින් ගලන රත් උනු කඳුලු පේලි විතරයි..
මගේ හිතට ආවෙම පදම දැනගෙන බිව්වානම් මේ කතාව මීට වඩා වෙනස් වෙන්න තිබ්බා කියන හැඟීම විතරයි..අන්තිමට ලලියා ටවුමෙන් ගියා..දැන් කොහේ ඉන්නවද දන්නෙත් නෑ..
ඒත් ඉඳල හිටලා තාම මං කල්පනා කරනවා.ලලියා බොන නිසා ගෑනි වෙනස් උනාද..ගෑනි වෙනස් උන නිසා ලලියා බොන්න ගත්තද කියලා..
ඕවා මහා ‘ උභතෝකෝටික ප්‍රශ්න ‘…
උපුටා ගැනීම: Iran U Kumarage