කියන්න බැරි කතන්දර (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ලයික්ස් දැමෙයිද කමෙන්ට්ස් වැටෙයිද හිතලා අපි සැලෙනවද…නෑහ්නෙ..මේකට කතා ලියන එක තමා අපිට තියෙන එකම විනෝදේ…
මේ කතාව අකුරු කරන්න කලින් මං සෑහෙන්න කල්පනා කලා සහෝදරවරුනි..කියවල බනියිද..මාව එලවයිද..හොයන් ඇවිත් ගහයිද..මේක ඇපෲ කරයිද..ඔය වගේ සිතුවිලි විලක කොන් හතරටම පීනල පීනල අන්තිමට බැරිම තැන තර්ඩ් ඇම්පියර්ට දැම්මා..
” උන්ට කරන්න හොඳනං අපි ලිව්වම මොකෝ වෙන්නෙ..ඕන අටමගලයක් වෙච්චාවෙ ඔන්න ඔහේ ලියලා දානවා..මිනිස්සු දැනගන්න ඕනෙ මේවා..”
කියල අවසන් තීරණය ලැබුනේ දැන් චුට්ටකට ඉස්සෙලා..එහෙනං ඔන්න ලිව්වා..
වෙනදා වගේම රසම කෑල්ල බලන්න නම් අන්තිම වෙනකන් බලන්න හොඳේ…
ඔන්න එක දවසක් අපේ ශොප් එකට අවා කඩිමුඩියේ හාමුදුරු නමක්..ඇවිත් කියනවා…
” මල්ලියෙ..මට වැටක් ගහගන්න ඕනෙ පන්සලට පුලුවන් ඉක්මනට..මෙන්න ලිපිනය..මෙන්න ෆෝන් නොම්මරෙ කෙනෙක්ව එවන්න මැනගෙන යන්න…හැබැයි පුතෝ මට ඉක්මන්ට වැඩේ වෙන්ඩෝනෙ..මරිසි බෑ…”
මොන හරුපයක්ද මේ..මට වචනයක්වත් කතා කරන්න ඉඩකුත් නෑ..දැකල කටහඬ අහලා ඒමත් පුරුදුයි හැබැයි..මං කිව්වා..” මට ඔබ වහන්සේව දැකලත් පුරුදුයි….”
” හහ්..දැකලා පුරුදුයි..?? ඒ කියන්නෙ උඹ මාව දන්නැද්ද…මං ……………………… හාමුදුරුවො..”
අප්පදබොල මේ අර වෙඩි වගේ බණ කියන රටේ ලෝකේ පට්ට ප්රසිද්ද අපෙ ………………. හාමුදුරුවොනෙ..මටත් හැපි ඉතින්..මේ වගේ ප්රසිද්ද හාමුදුරු නමක් ශොප් එකට ආවා කියන්නෙ නේහ්..
ඉතිං මංම පන්සලට ගිහින් මැනගෙන කොරගෙන එන්න ලෑස්ති වෙද්දි හාමුදුරුවෝ වහලෙ හදන බාස් කෙනෙක්ට බනිනවා…
” මේහ් බාසුන්නැහේ බොලාලා දැනගනිම් මං දැන් …………. හාමුදුරුවො නෙමේ මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ හරිය..මට බබා පාර්ට් දාන්නෙපා..වැඩේ හරියට කරපල්ලා..සල්ලි ගෙවලා කරන්නෙ…බ්ලා බ්ලා බ්ලා…”
මං බය උනු පාර ශේප් එකේ වහානෙට නැගලා දඩි බිඩි ගාලා ආවා..ඇවිත් එස්ටිමේට් කරලා කොටේශන් එකක් ඒම දීලා ඔන්න වැඩේ කොරන්න පටන් ගත්තා..චරිතෙ හැටි දන්න නිසාම මං අපේ වැඩ කරන කොල්ලොන්ට කිව්වෙ…
” අනේ පුතේ අතපත ගෑවිලි තියාගන්නෙපා..හාමුදුරුවෝ මොකක් හරි වෙනස් කරන්න කිව්වොත් කෝල් එකක් දීලා කියපන්.කටගහන් යන්නෙපා..උබල මේ ෆීල්ඩ් එක ගැන දන්නවා උනාට පෙන්නන්න යන්නෙපා..හාමුදුරුවො දන්න ගානටම හිටපන්..” කියලා..මොකද ඉල්ලන් ටිංකිරි ගාගන්නෙ නෙහ්..
ඉතිං උපරිම ගරු සරු ඇතුව වැඩේ ටික ටික ඉවර වෙවී යනවා..සාමාන්යෙන් මුලු මුදලෙන් භාගයක් මුලින් අරන් ඉතිරිය කොටස් තුනකට ගැනීම අපේ සිරිත උනත් රටේ නම ගිය හාමුදුරු නමක් සහා පංසලක වැඩක් නිසාම වැඩේ කරන අතරතුර කොටස් වශයෙන් දෙන්න ඉවර වෙද්දි ඉතිරි සම්පූර්න මුදල දෙන්න කියල කතිකා කරගෙන තමා අපි වැඩේට අත ගැහුවෙ…
ඉතින් දැන් වැඩෙන් හතරෙන් තුනක්ම වගේ ඉවරයි..තාම සල්ලි දෙන පාටකුත් නෑ..ඉතිම් මං ගියා දවසක් පන්සලට..
“අපෙ හාමුදුරුවනේ..කොහෝමද..වැඩ ටිකත් ඉවර වෙන්න ලඟයි නේහ්…ඉතිං මේ මුදල් ගැන කතා කරගන්න කියල මං ආවෙ..තාම භාගයක්වත් හම්බුනේ නෑනෙ….”
” ආහ්..ඕම ඉන්ටකො ටිකක්..” කියල හාමුදුරුවො ඇතුලට ගියා..මෙන්න බොලේ ටික වෙලාවකින් තඩි පෝර බෑග් එකක් උස්සන් එනවා..කරේ තියන්…
” ආ…මල්ලි..මේ තියෙන්නෙ පින් කැටෙන් ගත්තු සල්ලි..විස්සෙ පනහා කොල තමා ගොඩක් ඇත්තෙ..මෙතන ගනින්න හදිස්සි වෙන්නෝනෙ නෑ.ගෙදර ගිහින් හිමීට ගැනලා කියන්නකො කීයක් තිබ්බද කියල…කිසි අවුලක් නෑ…”
හෑ..මොකක්ද යකූ ඒ උනේ..දැන් ගනං කරාම්කො මේක..එපා කිව්වොත් මෙකත් නැති වෙයි..ඒ නිසා ගත්ත කරට..මුට්ට කරගහන නාට්ටාමි වගේ අරන් ආවා..තියාගත්තා වාහානෙන්..ආවා ගෙදර..මුලු රෑ පුරා ගෙදර මිනිස්සු එක්ක පෝර උරේ ගණන් කලා..පොඩි සල්ලි වලින්ම විසිදහස් හයසීයක් විතර තිබ්බ මතක විදියට…
ඉතින් ආයෙ ටික දවසකින් ගිහින් සල්ලි ඉල්ලුවා..
” මල්ලී මේ ටිකේ වැඩිය බණත් නෑ සල්ලිත් නෑ බං..ඕම ඉන්නකො පිං කැටේ බලන්න…”
එදත් ගත්තා පෝර උරේ කරට..ආවා වාහනේට..දාගත්තා අස්සට..ආවා ගෙදරට..ඕව් ඉතින් රාත්රී සේවය තමා ඊට පස්සෙ…එදා පහළොස්දහස් ගාණක් තිබ්බා..
ඕම ඕම දහ පාලොස් වතාවකට වඩා මං යනවා පන්සලට ඉල්ලනවා සල්ලි..හැමදාම එකම විදිය තමා..කරේ තියාගන්නව දාගන්නව එනවා..වෙනස් උනේ බෑග් එක විතරයි.ඒ සල්ලි ගාන එන්න එන්න අඩු උනු නිසා..
මටත් දැන් මේක එපා වෙලා..අදනම් මං කෙලින්ම කතා කරනවා කියල හිතාගෙන ගියා පන්සලට දවසක්.අහ් එදා පෝය දවසක්…ලක්සරි කාර් එකක් ඒම නවත්තලා පන්සල ඉස්සරහා…හාමුදුරුවෝ පේන තෙක් මානෙක නෑ..බලන් හිටියා කොයි වෙලාවක හරි එයිනෙ..යකෝ හාමුදුරු කෙනෙක් කරන වැඩක්ද මේ කරන්නෙ..සල්ලි නොදී මගාරින එක..ඔන්න එනව ආවාසෙන් එලියට පට පට ගාලා අඩි තිය තිය කුඩෙයි මල්ලයි වටාපතයි අරන්…
“ආහ් මල්ලි..මේ හදිස්සි බණක් වැටුනානෙ..මේ අලව්වෙ යන්න කියල..අද පෝයනෙ ඉතින්.මේ පන්සලේ සිල් නැති උනාට මට බණ නැති වෙන්නෑහ්නෙ බං.මේ මාව එක්කන් යන්න මහත්තයෙකුත් ඇවිත් ඉන්නෙ.ඇවිත් කෝල් එකක් දෙන්නංකො..ආපු එකේ කාලම යන්න මොනාහරි..නැන්දෙ මේ මල්ලිට කන්න දෙන්නකො…එඤ්ඤං…”
මං කොහේ කතා කරනවද..කීස් බීස් බෝස් ගාලා කිව්වා.ගිහින් නැග්ගා කාර් එකට..සල්ලිත් ලැබුන්නැති එකේ කාලම යනව කියල හිතපු මං ගිහින් ඉඳගත්ත දොරකඩ ලඟ තිබ්බ පුටුවක..මොන රෙද්දක්ද තියෙන මලට දෙසනවා අද බත් හැලියම ඉවර වෙන්න..කෑම කිව්වොත් ඉතින් අපිට නේහ්…
ඔන්න ඉතින් අර වයසක නැන්දා මට අලි බත් පිඟානකුත් බෙදලා ගෙනත් දුන්නා අතට..අඩේ සරු බත් එක හෑ..මාත් ඉතිං කොනක ඉඳන් කන්න පටන් ගත්ත.අර නැන්දා මං ලඟින්ම දොරට හේත්තුව දාගෙන ඉන්නවා…ඔන්න ඔහේ නිකන් ඉන්න එකේ කතා කලාම මැරෙනවයෑහ් කියල හිතල මංම පටන් ගත්තා…
” නැන්දෙ..මාව මතකද නැන්දට…”
“අනේ නෑනෙ පුතේ.මගෙ මතකෙ ටිකක් අඩුයිනෙ..”
“ආහ් එහේමද නැන්දෙ..අපි තමා අර පේන වැට ගැහුවේ..මං පහුගිය කාලෙම වගේ පන්සලට ආවා ගියා..නැන්දට මතක නැතුව ඇති…”
“ආහ්නේ මයෙ පුතේ ඇත්තද..ඔයැයිලද මේ වැට ගැහුවෙ..අපේ දරුවෙක්නෙ ඔයැයි..කෝ දෙන්නකො පුතේ පිඟාන ටිකක්….”
මෙන්න යකෝ කන්න ගත්තු පිඟාන අරන් ගියා..හෑ.මොන ඔට්ටපාලුවක්ද ඒ උනේ..රසට තිබ්බ බත් එකෙන් කටවල් තුනයි කෑවෙත්..සික් මේම ලැජ්ජ වෙලා නෑ කවදාවත්…ඕම හිත හිත ඉද්දි මෙන්න නැන්දා ආයෙ පිඟාන අරන් මගෙ ලඟ…
” ආ පුතේ…කන්න…”
මං බැලුවා යකෝ සල්ලි ඉල්ලන නිසා වහා දාලවත් දුන්නද…හෑ..මෙන්න යකෝ පිඟාන වැහෙන්න තරම් තඩි මස් කෑල්ලක් තියෙනවා දැන් පිඟානෙ.මගෙ අතක් විතර ඇති..තව පොඩ්ඩෙන් ඇස් දෙක වැටෙනවා පිඟානට..මේ නං කුකුලා නෙමේ..ඌරාත් නෙමේ..හරකාද..අඩේ මං කන්නෙත් නෑ..මං ඉතින් හිමීට අතගගා හිටියා මස් කෑල්ල..විසි කරන්න කියලද..නැන්ද ලගනෙ..ඕක බලං හිටිය නැන්දා මට ටිකක් ලන් වෙලා රහසින් වගේ…
“පුතේ කන්න…කන්න…අර මස්…අරයැයිටනෙ ගෙනත් තියෙන්නෙ…”
හත්තිකුටාරේ කිව්වලු…ආයෙ මොනාද ඉතිං දෙන්න තියෙන සල්ලි වලට හරියන්න මේකවත් කනවා කියල හිතලා කාලා දැම්මා..
ඔන්න ඕමයි පින්වතුනි මං මුලින්ම දඩයම් බට්ටෙක් කෑවෙ…උන් වහන්සේ ඒ පිණ අනුමෝදන් වෙත්වා!!!
ඔයයි පහලින් අහන්න හිතනවනම් සල්ලි වලට මොකෑ උනේ කියල..දුක තමයි රංජණී කියල තමා කියන්න තියෙන්නෙ…
මේ ලඟදි මං දැක්කා බුකියෙ වීඩියෝ එකක උන්නාන්සේගෙ බණ කෑල්ලක මේම කියනවා…
“දුන් දේ සුවඳයි නොදුන් දේ ගඳයි..දරුවනේ ඔයාලා පුරුදු වෙන්න ඕන සියල්ල දන් දෙන්න..දන් දෙන්න දන් දෙන්න ආපිට ලැබෙනවා…ගිය ආත්මෙ දන් නොදුන් කුණු හැත්ත තමා මේ ආත්මේ ආත්මගත ණයකාරයො වෙලා ඉන්නේ..උන්ට එලොවත් නෑ..මෙලොවත් නෑ..ඒ නිසා ළමයිනේ දන් දෙන්න…”
“සාදූ සාදූ සාදූ…” කියලා මාත් අනුමෝදන් උනා…
ප.ලි
මෑතක සිට කතා කියවා ටිපර් වෙන කොට්ටාසයක් දක්නට ලැබීම හේතුකොටගෙන පහත කරුණු දක්වමි..
1 . බුදු හාමුදුරුවො කියල නෑ මස්
කන්නෙපා
කියලා..ඒ නිසා උන්නාන්සේත් වැළඳුවාට
කමක් නෑ…ඒක වැරදි නෑ..
2 . වැඩේ කරන් සල්ලි නොදී මග ඇරපු එක
වැරදියි..
කවුද කියලා ගෙස් කලාට කමක් නැතෝ…හැබැයි මං නං කියන්නෙ නෑ හරි නෑහ්නෙ..ඔබේ ප්රතිචාර මගේ ශක්තියයි..!
උපුටා ගැනීම: Iran U Kumarage

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!