විද්‍යාත්මකව වස කන ලංකාවේ ඛේදවාචකය (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
 ශ්රී ලංකාව කෘෂි රසායන ද්රව්ය භාවිතය අතින් ඉහළම සිටින රටක් වන අතර, ඒවා ප්රචලිත කිරීම සඳහා සමාගම් විසින් අටවන ලද දහසකුත් එකක් උගුල්වලට අප හසුවී සිටින්නේ දශක ගණනාවක සිටය.
> ලංකාව වාර්ෂිකව රසායන පොහොර මෙටි්රක් ටොන් 800000ක් පමණ භාවිත කරන රටකි. ඒ ඔස්සේ අතිශය හානිකර බැර ලෝහ වන ආසනික් කිලෝ 30000ක්, ක්රෝමියම් කිලෝ 50000ක්, ඊයම් කිලෝ 30000ක් අපි වාර්ෂිකව අපේ පසට මුදා හරිමු. ඒ වෙනුවෙන් වාර්ෂිකව වැය කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250කට වැඩිය.
> පෝෂක කොටස් ඉවත් කර, ෆාම් ඔයිල්, මෙලමයින් වැනි අහිතකර සංඝටක එක් කර කෘත්රිමව සකස් කරන කිරිපිටි නැමති මුග්ධ පානය ආනයනය කිරීම සඳහා අපි වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 300ක පමණ මුදලක් නාස්ති කරමු. ඒ කිරිපිටිවල අහිතකර බව අවස්ථා ගණනාවකදී කරුණු සහිතව සනාථ වී තිබියදීය.
> කිරිපිටිවලට අමතරව මෝල්ට් අඩංගු බීම වර්ග, ක්ෂණික නූල්ඞ්ස්, සුප් කැට, සොසේජස්, මාගරින්, අජිනමොටෝ, කෘත්රිම රසකාරක, වර්ණක, පෙප්සි, කොකාකෝලා, ඇපල්, මිදි ආදී රෝග සඳහා හේතු වන ආහාර වර්ග කන්දරාවකට අපි මහා පරිමාණයෙන් ඇබ්බැහි වී සිටිමු. ඒ පිළිබඳ රූපවාහිනියේ පළවන කෙප්ප දැන්වීම් ආස්වාදයෙන් නරඹමු.
> සහල් නිෂ්පාදනය අතින් ලෝකයේ විසි වැනි ස්ථානයේ සිටින අපි සෑම වසරකම පාන් පිටි ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300ක් පමණ වැය කරමු. පෝෂක කොටස් ඉවත් කර, රසායන ද්රව්ය යොදා සුදු කරන ලද මේ පාන්පිටිවලින් අපි අපේ ශරීර පමණක් නොව ආර්ථිකයද ලෙඩ කර ගන්නෙමු. ආසියාවේ සහල් නිෂ්පාදනය කරන රටවල් අතුරෙන් වැඩිපුරම පාන් පිටි ආනයනය කරන රට වන්නේ ශ්රී ලංකාවය.
> බහුජාතික සමාගම්වල ඖෂධ මාෆියාව දශක ගණනාවක් තිස්සේ මේ රට වෙලාගෙන සිටින තවත් බිහිසුණු උවදුරකි. අපි වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500කට වඩා ඒ වෙනුවෙන් වැය කරමු. මේ මාෆියාව කොතෙක් ප්රබලද යත් රටට ගැලපෙන ඖෂධ ප්රතිපත්තියක් සකස් කිරීම උදෙසා සටන් කළ මහාචාර්ය සේනක බිබිලේ වැනි විද්වතුන්ට එදා තම ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නට සිදුවිය.
> අහිතකර සංඝටක සහිත බව ඔප්පු වී ඇති සහ කිසිදු වැදගැම්මකට නැති සබන්, ෂැම්පු වර්ග, දන්තාලේප, රුව වඩන ක්රීම් වර්ග ආදිය ගැන සමාගම්වලින් පතුරුවා හරින මිත්යාවන්ට අපි දිනපතා රැවටෙමු. ඒවා වෙනුවෙන් විශාල මුදලක් බහුජාතික සමාගම්වලට පූජා කරමු.
මේ නූතන විද්යාවේ නාමයෙන් හා බලයෙන් මහා පරිමාණ සමාගම් අප මත පටවා ඇති ව්යසනයෙන් බිඳකි. තමන්ගේ දේට ගරහන පැණි පඬියන් කිසිදා විවේචනය නොකරන විද්යාවේ මිත්යාවෙන් බිඳකි. අපි දැන් මේ විද්යා හපන්කම්වල ප්රායෝගික ප්රතිඵල මොනවාදැයි මදකට විමසා බලමු.
1. මේ වනවිට ලංකාවේ පිළිකා, දියවැඩියාව, හෘද රෝග, අධික රුධිර පීඩනය, වකුගඩු රෝග, පෙනහළු ආබාධ ආදී බෝ නොවන රෝග විශාල ලෙස ඉහළ යන්නට පටන්ගෙන ඇත්තේ මේ විද්යා හපන්කම්වල ප්රතිඵලයක් ලෙසය.
2. 1985 වසර වන විට වර්ෂයකට පිළිකා රෝගීන් වාර්තා වූයේ 5000ක පමණ ප්රමාණයකි. 2018 වන විට ඒ ප්රමාණය 30000 දක්වා ක්රමයෙන් ඉහළ ගොස් තිබේ. පිළිකා මරණද ඊට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. (රූප සටහන බලන්න.)
3. ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව 2016 දී කළ සමීක්ෂණයකට අනුව ලංකාවේ ජනගහනයෙන් 39%කට අධික රුධිර පීඩනයත්, 30.4%කට දියවැඩියාවත් වැළඳී ඇති බව පැවසේ. වර්ෂ 2041 වන විට රටේ සෑම හතර දෙනෙකුගෙන්ම එක් අයෙකුට බෝ නොවන රෝගයක් වැළඳීමේ අවදානම මතුව ඇත.
4. රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්ය කණ්ඩායමක් මගින් කළ සංගණනයක් අනුව හෙළිවී ඇත්තේ සෑම සතියකම වයස මාසයකට අඩු බිළිඳුන් 30කගේ පමණ ඇස් ඉවත් කිරීමේ ශල්යකර්ම සිදුකරන බවය. රෙටිනොබ්ලාස්ටෝමා නමැති මෙම අක්ෂි පිළිකාවට හේතුව වන්නේ බැර ලෝහ නිසා ගර්භණී සමයේදී සිදුවන ජාන විකෘති වීම්ය.
5. අතීතයේදී ලංකාවේ මරණ වැඩිපුර සිදුවූයේ මැලේරියාව, කොළරාව වැනි රෝගවලින් වුවද, වර්තමානයේ මරණවලින් සීයට හැත්තෑවක් පමණ සිදුවන්නේ බෝ නොවන රෝගවලිනි.
> අද පැණියට බුරන විද්යා පඬියන් කිසිවෙකු කිසිදා මේ ව්යසනය ගැන කිසිවක් කතා කර නැත. කතා නොකළා පමණක් නොව ඒ පිළිබඳ ඇති වූ සෑම සංවාදයකදීම පාහේ පඬියන් පෙනී සිටියේ මිනීමරු සමාගම් ආරක්ෂා කිරීම වෙනුවෙනි.
> මේ කිසිවක මහා පරිමාණ හානිය නුදුටු පඬියන් අද සාදික්කාවල, මී පැණිවල විෂ ගැන සොයන්නට වලි කමින් සිටිති. නමුත් විද්යාවේ නාමයෙන් රටට සිදුවන හානියෙන් අල්ප මාත්රයක්වත් පැණියක් හෝ දේශීය වෙදකමකින් රටට සිදුවී නැත. එහෙයින් පැණිය ඇත්තක් වුවත් බොරුවක් වුවත් එය දිවා රෑ බුරන්නට කාරණයක් නොවේ.
> මොවුන්ට ඇත්තටම ඇත්තේ ඊනියා මිත්යාවක් ගැන ප්රශ්නයක් නොව වෙනත් හීනමාන රෝගයකි. පරගැතිකම හිසින් දරාගත් අය, රතු කොළ දේශපාලනයේ වහලුන් වන අය, සමාගම්වල කොන්ත්රාත් ඉටුකරන අය, තමන්ගේ දැනුමට ගැරහීමේ මේනියාවෙන් පෙළෙන අය ආදී වශයෙන් මේ පඬි පිරිස විවිධාකාරය.
> සෑම කාරණයකදී මෙන්ම මේ ප්රශ්නයේදීද මතවාදී පිල් බෙදීම සිදුවන්නේ ජාතිකත්වය හා විජාතිකත්වය යන ප්රධාන පිල් දෙක අතරය. ලංකාවේ දේශපාලනයේ කේන්ද්රීය බෙදුම් රේඛාව කුමක්දැයි වටහා ගැනීමද මේ පැණි වාදය ඇසුරින් අපට කළ හැකි වැදගත් අධ්යයනයකි.
ස්තුතිය.. ඉසුරු ප්රසංගට
උපුටා ගැනීම: Saman Gunasingha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!