නිහඬ සඳයි ඈ (09 කොටස) (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අකීරා දැන් බදින වයසත් හරි ළමයො…අපේ යුවාන් පුතා කැමති අකීරාව බදින්න..
වත්සලා එහෙම කියනකොට අකීරාටයි අභීටයි දෙන්නටම කෑම හිර වෙලා කැස්සක් ආවේ එකම වෙලාවේ …
ඔය ඉතින්….කන එක වත් හරියට කන්න බෑ නේ…
අකීරා බැලුවේ අභී දිහා..අභී කිසිම වෙනසක් නැතුව කෑම කනකොට නම් අකීරට පුදුමයි අභී ගැන ..
අභී අයියාට ගානක් නැද්ද …මාව යුවාන් අයියාට බන්දලා දුන්නට කමක් නැද්ද..
අකීරා කනවට වැඩියෙන් කල්පනා කරනවා..
අම්මා…අකිරාගේ කැමැත්තෙන් විතරයි මං අකීරාව බදින්නේ…
මචං උඹ කාලා ඉවරද…
ඔව්ව් යුවාන් ..මං ටිකක් එලියට යනවා එන්න වෙලා යයි…
අභී කාමරෙට ගියේ එතන තවත් තමන්ව පාලනය කරන් ඉන්න බැරි නිසා….
අම්මා ප්ලීස් මට බල කරන්න එපා…මට අකීරාව බදින්න බෑ අකීරාගේ අකමැත්තෙන්..අනික අම්මා ඔයා මට බලකරොත් නං ආපහු යනවා…
උඹ මේ අම්මා ගැන හිතන්නේ නැද්ද පුතේ…මං උඹට වගේම අකීරාට හොදක් කරන්න හදන්නේ .
අපිට හැමදාම අකීරාව බලාගන්න බැ..අකීරා වගේ ගොලු කෙල්ලෙක් බදින්න කව්ද කැමති වෙන්නේ..මේ දේපළ වලට තියේන තන්හාවට බැන්දොත් මිසක් …
අනික මෙච්චර දවසක් මේ දේපළ බලාගෙන වෙන උන්ට අයිති වෙන්න දෙන්නත් බෑ…
අනේ අම්මා මට මේ දේපළ වැඩක් නැ..මට මගේ පාඩුවේ ඉන්න දෙනවාද…
හරි හරි පුතේ අපි බලමුකො…
වත්සලා කාමරේන් යන්න ගියේ මොන විදියට හරි මේ දේපළ අයිති කරගන්න හිතාගෙන..
හ්ම් අපි බලමුකො ..අකීරා උඹට මේ කාසාදේට කැමති වෙන්නම වෙනවා..නැත්නම් උඹට යන්න වෙනවා…
වත්සලාගෙ ඔලුවේ වැඩ කරන්නේම දේපළ අයිති කරගන්න විදියක් ගැන …අකීරාට කරදරයක් කරන්න උනත් දෙපාරක් හිතන්නේ නැති වෙයි..
*********
අකීරා මේ අහපං..උඹ යුවාන් පුතාව බදින්න කැමතිද….
අකීරා හිසා දෙපසට වැනුවේ කෑමති නෑ කියන්න…ඇගේ හිතේ යුවාන් ගැන අල්පමාත්ර්යක් වත් කැමැත්තක් නෑ සහෝදර කමක් ඇරුනාම..යුවාන් ගැන එහෙම හිතන්නවත් ඈට පුලුවන් කමක් නෑ…ඒක හිතින්ම ආදරේ කරන්නේ අභීට විතරයි..
අකීරා….උඹ මේ කලගුණ සලකන හැටිද …මෙච්චර කාලයක් උඹව ආදරෙන් බලා ගත්තට අපිට සලකන විදොයද මේ…උඹම කල්පනා කරපන් කව්ද ගොලු කෙල්ලට කැමති වෙන්නේ…මගේ කොල්ලට හොද තැනකින් කාසාදයක් කරගන්න පුලුවන්.උඹ ගැන හිතලා තමයි යුවාන් මේකට කැමති උනේ…මෙකට කැමතිවෙනවා ඇර වෙන කරන්න දෙයක් නැ.
වත්සලා කාමරෙන් එලියට ගියේ ඇගේ අරමුණ කොහොම හරි ඉටු කරගන්න අරමුණෙන් …
අකීරා හැම පැත්තකින්ම කොටු වෙලා..කරන්නේ මොනවාද කියලා වත් හිතාගන්න බැ..එක පැත්තකින් අම්මා තාත්තා නැති තමන්ව බලා ගනිපු නැන්දා…පුංචි කාලේ ඉදන් ආදරේන් බලා ගනිපු යුවාන්..අනිත් පස ජිවිතේ පලවෙනි වතාවට ආදරේ ඇතී උන අභී ..
මං කොහොමද දෙවියනේ මේකට කැමති වෙන්නේ..මට බෑ..මං අභී අයියාට ආදරෙයි.මට වෙන කෙනෙක්ට ඒ තැන දෙන්න බැ.එත් නැන්දා යුවාන් අයියා එයාලාට පිටු පාන්නේ කොහොමද…යුවාන් අයියාට හොද කෙනෙක් හොයා ගන්න පුලුවන් එත් මට කැමති උනේ මං ගැන හිතලා..මං කොහොමද යුවාන් අයියා ගැන එහෙම හිතන්නේ වත් …එත් මට අභී අයියා ලගට යන්න බෑ..එයා මාව පිලිගන්නේ නෑ මං එයාට ආදරෙයි කියනකම්..එක කවදාවත් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි …
අකීරා පැය ගානක් හඩා වැටුනේ කරන්නේ මොනවාද කියලා වත් හිතාගන්න බැරිව..අන්තිමට ඇය තීරණයක් ගන්නේ හැමොගේම යහපත ගැන හිතලා.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!