“මම සෙලීනා…” ගෙදරින් හම්බුන අලුත් පෝන් එක ඔබ ඔබ ඉද්දි ආපු කෝල් එකින් ඇහුණ කටහඩින් කැඩිච්ච සිංහලින් කීව…
“ඉතින්” මන් පුදුමෙන් ඇහුව…
“ප්ලීස් හෙල්ප් මී අයි ඈම් ඉන් ඩේන්ජර්”
වේගවත් හා පැහැදිලිව ඇය කීව…
“මං පොලීසිය නෙවෙයි පොලීසියට ගන්න” මං ෆෝන් එක තිබ්බ…
මිනිත්තුවක් යන්නත් කලියෙන් ආයිත්… මොන මල වදයක්ද මගේ හිත ගෙරෙව්ව…
“අනේ… හෙල්ප් කරන්න.. ප්ලීස්.. මගේ ඩෝටත් මන් ලග ඉන්නව ප්ලිස් එයා තාම ලිට්ට්ල් පීස් හෙල්ප්…”
“ඉමජන්සි නම්බර් එකට ගන්න.. මට ගන්න එපා මගුල.. අනික මේකම විතරද කෝල් කරන්න තියෙන්නෙ පිස්සුද…”
“අනේ… අනේ… ප්ලීස් කට් කරන්න එපා මං කිය…”
මං කෝල් එක කට් කලා…
“ආ… දැන් ඕකෙමයි නේ රාජකාරි… රිවිශන් යන්නත් බැයිලු… ඕකම ඔබ ඔබ ඉදහන්… මට බෑ තනියෙන් උයන්න වරෙන් මට පොල් ටිකක් ගාල දීපන්…”
අම්ම කාමරේට එබිල කෑ ගැහුව…
******************************************
“මොකද බං කරන්නෙ..”
“කනව”
“නෑ හුත්…”
“බල්ලො..කෑ ගහන්න එපා අම්මට ඇහෙයි…. හොස්ටල් එකෙ නෙවෙයි…” මං සාරංගට එරෙව්ව.
“අනේ පුතේ බෙදන් කන්න…”
” ආ… හරි ආන්ටි හරි…”
“දැන් පුතාල මොකද කරන්න ඉන්නෙ…”
“මං බැලුවෙ ආන්ටි ගවර්න්මන්ට් ජොබ් එකකට ඇප්ලයි කරන්න… ඩිග්රියත් තියන් එකේ මට හිතයි… හාබර් එකට දාල බලන්න කෝමත් මාමත් වැඩනෙ…”හශේන් කීව
“ඒ සිරාවටම උබ මොකෝ කරන්නෙ බන්” රමේශ් මං දිහා බලල ඇහුව. “කම්පැනි එකකට දැම්ම බන්… ඒ ටිකක් ඉදපන් කෝල් එකක්…” මං නැගිටල එලියට ආව…
මං ආපහු එද්දි අරුන් අයිස් ක්රීම කනව
අපේ අම්මත් එක්ක පච හල හල…
“කවුද කතා කලේ… මැණිකෙද…” රමේශ් තාලෙට ඇහුව.
“කස්ටමර් සර්විස් බන්…” මං අම්මට හොරෙන් මැද ඇගිල්ල දික් කලා.
“දැන් පුතාල බදින වයසත් හරි නේ…”
“ආන්ටි මන් යනෝ…” හශේන් නැගිට්ට
ඔක්කොම මහ හයියෙන් හිනා වුන…
“මූට බදින කතා ඇලජික් ආන්ටි…”
“උබ ජනාධිපතිද යකෝ ඔච්චර කෝල් එන්නෙ…”
රමේශ් මගෙ 4න් එක රින්ග් වෙද්දි කෑ ගැහුව…
“විනාඩියක් දියන්…” මං නැගිට්ට.
“හෙලෝ ඊස් දිස් ප්රදීප් නිලංගරත්න…” ලස්සන හිත නිවෙන කටහඩකින් ඇහුව
“ම්ම්ම්… නො අයි ඈම් යශේන් කොඩිප්පිලි…හූ ඊස් දිස්…”
“ඕ සොරි ඉට්ස් මයි ෆෝල්ට්… සොරි…” ඇය කීව.
“නෝ ඉට්ස් ඕකෙ… “
“බායි…” ඇය ෆෝන් එක කට් කලා..
ඒ කට හඩට මං වශී වුනා ඇත්තටම ඒක මාර පැහැදිලි කටහඩක්…
මං ටිකෙන් ටික ඒ කටහඩට ලං වුනා…
සාමාන්යයෙන් කෙල්ලො කියන්නෙ මට නතිං… මොකද මං එක්ක යාලු වෙන්න ඕන තරම් කෙල්ලො හිටිය…
මේ කට හඩ නිසා මං ශානිව අත් අරින්න ලෝබ වුනේ නෑ…
මං වට්සැප් වලින් කෝම හරි රිප්ලයි ගෙන්න ගෙන චැට් කරන්න සෙට් වුනා fb insta හැම එකකින්ම ෆොලෝ කලා…
කටහඩ වගේම එයා මාර ලස්සනයි… එයාට තිබ්බෙ හරිම සරාගී ඇස් දෙකක් සාමාන්යයෙන් කෙල්ලන්ට නැති…
මං එයාගෙ ෆොටෝ දිහා පිස්සුවෙන් වගේ බලන් ඉන්නව සමහර රැයවල් වල
මට ඕනෙ වුනා මෙයාව බදින්න… ජීවිතේ පලවෙනි වතාවට මට කෙල්ලෙක් බදින්න ඕනෙ උනා…
“අයි ලව් යූ…”
නිවාඩු දවසක රෑක මං කීව…
ඇය පුදුම වෙච්ච ඉමෝජි වගයක් එව්ව…
“ආ යූ සීරියස්…”
“යස් අයි ඈම්… ප්ලීස් ඩෝන්ට් ඉග්නෝ මී..”
ඊට පස්සෙ දවස් ගානක් යනකන් සද්ද නැතුව හිටිය.
“මාව පිස්සු නොවැටිච්ච එක විතරයි…”
වෙන කෙල්ලොනම් එසැනින් මී ටූ කීවට මෙයා ඒම කලේ නෑ…. අනේ මන්ද
දවස් 3ක්ට පස්සෙ
“අයි වෝන්ට් ටු මීට් යූ…”
“යා… සුවර් කොහෙදිද…”
මන් හිටියෙ නොඉවසිල්ලෙන්…
“ම්ම්ම්…. පෝට් රෙස්ටුරන්ට් නිගම්බො හරිද…”
“හරි මන් එන්නම් හෙට 10 වෙද්දි මං එනව….”
මං හීන මැවුව…
ජීවිතේ පලවෙනි වතාවට කෙල්ලෙක් දැක්ක වගේ මං පුදුම වුනා…
ඇත්තටම ඇය ලස්සනයි… කොන්ඩය නිතබ දක්වා වවා තිබ්බෙ මං ආසම විදියට….
ඇගේ මැණික් කටුව ලග ටැටූ එකකි…
හදවතක් හා එය විනිවිද ගිය කිනිස්සක්..
ඇයට තිබ්බෙ අලු පාටක් නෑ තලෙලු පාටක් හරියට තලෙලු බව අඩුවෙනන් සුදු වැඩියෙන්
“මං හයිබ්රිඩ්…” මං ඇගේ හම දිහා බලං ඉද්දි එයා හිනා වෙලා කීව…
“ආ…”
“අම්ම ඉන්දියන් තාත්ත ශ්රී ලංකන් බට්… මයි කිරී… ශී ඊස් රශියන්…” ඇය හිනා වුනා..
“කිරී කීවෙ…”
“කිරි අම්ම…” ඇය හිනා වෙද්දි රතුවන් තොල් පෙති අතරින් සුදුවන් දසන් දකිද්දි මාව හිරි වැටුන..
“මං ඔයාට කැමතී අයි ලව් යූ…” මං ඇගේ දිහා බලං ඉද්දි එයා කියපු දේට මාව ගැස්සුනා… ඇය රතුවන් තොල පෙති වලින් හාද්දක් කම්මුලේ සනිටුවන් කලා…
ආදණීය මාස 6ක්…. කවුරුත් නොදැන අපිට ඕනෙ උනේ එයාලව පුදුම කරවන්න… අපි තීරණය කරල තිබ්බෙ මගෙ බර්ත් ඩේ පාටියෙදි අපේ තීරනේ කියන්න…
“අද බීච් සයිඩ් යන්න එන්න…”
ඇගේ කෙටි පණිවිඩය මං නැවත කියෙව්ව.
මං වාහනේ පැදෙව්වෙ හරිම සතුටින්..
මං ඇය සමග කෙතරම් රාගික රැයවල් ගත කලද කිසිදා මට ඇයව එපා වී නෑ… ඇගේ දෙතොල් පහස මතක් වන විටදී මගේ ඇග හිරි වැටෙයි…
අපි හොටෙල් කාමරයට ඇතුල් වුනා… මං ඇගේ දෙතොල් අතර සැනසෙන්න නොයිවසිල්ලෙන් සිටියෙ… මං ඈව බදාගත්තෙ වියරුවෙන් වගේ…
“අනේ යාශ්… මේ අයි ෆොගොට් මයි ෆෝන් ඇට් කාර්… වෙයිට් අ මිනිට් ආ… ප්ලීස්…” හුරතල් ලෙස කියූ ඈ මගේ ග්රහනයෙන් මිදී කාමරයෙන් දීවා…
මම කවුලුවෙන් රාත්රී අහස දෙස කවුලුවෙන් බලා සිටියේ ඉදිරි හෝරා කීපය ගැන නොයිවසිල්ලෙන්. ටිකකින් රූම් එක දොර ලොක් වෙන සද්දයක් ඇසුන.
“කම් බේ…”
මට වචන හිරවුණා…
මං සීතල වී ගියේ මං දුටු දෙයින්…
පිහියක් අතේ තියන් මං දිහාට ආවෙ කෙල්ලක්…. ඒ ඈ…
ඈ දුන් පා පහරින් මා විසිවී වැටුන.
ඈ මගේ කෙටි කොන්ඩයෙන් ඇදල මූණට ගැහුවේ යකින්නක් වගේ…
ඇගේ සරාගී ඇස් වෛරයෙන් පිරිල…
ඈ මා ඇද විට්ටමට තියා තදින් ගැට ගැසුවා…
මා ඈ දෙස බැලුවේ කිසි දෙයක් සිතාගත් නොහැකිව…
******************************************
උදෑසන 10.42ට කැනඩා බලා පිටත් වෙන අහස් යානයයි… කොන්ඩය කෙටිව කැපූ සරාගී දෑසට හිමිකම් කියන ඈ තෘප්තිමත් බැල්මකින් ඇය පසු කරන් යන් ඉන්දියන් සාගරය දිහා බලා සිටී…
ඇය එකින් එක ඇගේ මතක් ඔස්සෙ දිවෙයි…
අවුරුදු 15දී නිවාඩුවක් ගත කරන්න තාත්ති ගේ රටට ආ හැටි රෑ බීච් එකේදි එයවයි අම්මවයි පැහැරගත් හැටි…
අම්මගෙ පොඩි ෆෝන් එක උන් බිම දාලා පාගපු විදිය…. උන් එහා මෙහා වෙනකන් ඉදල අම්ම කැඩිච්ච ෆෝන් එකෙන් කෝල් කරපු විදිය… ඒ ගත්ත දෙපාරම නොදන්නා නම්බර් එකකට කෝල්ස් ගිහින් ඒ මනුස්සය අම්මට බැනපු විදිය… ඊට ටික වෙලාවකට පස්සෙ පැහැරගත්ත උන් අම්මව දූශනය කරල මරපු විදිය ඒ හැම දේම මනසේ ඇදී නොපෙනී ගියා…
ඊයෙ යශේන් සමාව ඉල්ලල කෑ ගහපු විදිය මතක් වෙලා කෙල්ලගෙ හිත සතුටින් නලියෑව…
යශේන් ටිකක්වත් විශ්වාස කලේ නෑ මරන්න ආවෙ එයා ආදරේ කරපු කෙල්ලමයි කියල…
කෙල්ල යශේන්ව අල්ලගන්න දාපු ගැට කියද්දි යශේන් පුදුම වුනා…
“ඔයා කෝමද…ඇයි මේ… මොකද්ද හේතුව…”
මතකද අවුරුදු 10කට කලින් කෝල් එක ගෑනුකෙනෙක් ගෙන් උදව් ඉල්ලල කතා කලා…
එයාගෙ දුව මන්…”
“මොකක්… “
ඔහුගේ ඇස් පුදුමෙන් ලොකු වුණා…
“ඒත් මේක වැරදි මන් මොකක් කරන්නද මේක අසාධාරණයි…”
“අසාධාරණයි… නෑ… පොඩ්ඩක්වත් නෑ… ඔයාගෙන් පස්සෙ පලිය ඉවරයි… උන් මැරුන… ජේලර් එක ඇතුලෙදිම කෑම විසවීමකින්… නෑ මං උන්ව මැරුව… අන්තිමය ඔයා…”
ඇය හඩයි…
“ඒ වෙලාවෙ ඔයාට ටිකක් උදව් කරන්න තිබ්බ… තමුසෙල මහ තිරිසන්නු…”
“මේක වැරදි යන්න දෙන්න…” යශේන් කෑ ගසයි.. “ප්ලීස්… ප්ලීස් බබා මං ආදරෙයි මං….” ඇය ඔහුගේ කටට රෙදි කෑලි එබුවා…
රෝන්ග් නම්බර් එකින් කෝල් එක එන්න කලින් ආපු කෝල් එක කස්ටමර් සර්විස් කියල කෙල්ලමයි කතා කරල තියෙන්නෙ සිම් එක පාවිච්චි කරපු කාල සීමාව එක්ක කොල්ලව අල්ලගන්න… යශේන්ව හොදට අද්ධ්යනය කරන්න ෆේක් අකවුන්ටවලින් මැසේජ් කරපු විදිය කියද්දි යශේන්ගෙ ඇස් ලොකු වුණා…
කිනිස්ස කොල්ලගෙ පපුවට බස්සද්දි කොල්ලගෙ කෑ ගැගිල්ල මතක් වෙලා සරාගී රතු දෙතොල්වලින් කුරිරු සිනාවක් පැන්න…
“203 රූම් එකේ කොල්ලෙක් මරල දාල…”
පහුවදා 12ත් පහු වෙලා පොලීසියට කෝල් එක යද්දි…
ඒ වෙනකොටත් අපරාධකාරිය ඉන්දියන් සාගරය පහු කරල ඉවරයි…
උපුටා ගැනීම: Kasuni Vishwanthi Rajapaksha