ලංකාවෙ එක ග්රාමීය පැත්තක ඉස්කෝලයක් තියෙනවා. සාමාන්ය රජයේ ඉස්කෝලයක්. ඒ ඉස්කෝලෙ ගුරුවරයෙක් මුහුන දුන්න සිදුවීමක් තමයි මේ කතාව.
ඒ ඉස්කෝලෙ 7 වසර පන්තියේ ලමයින්ගෙ වාර විභාගයක් තිබුන.
විභාගෙ ඉවර වෙලා ටීච පේපර් එකතු කරගෙන ගිහින් ලකුනු දාල අරං ආව. බුද්ධාගම පේපර් සෙට් එක අතට ගත්ත ටීච, පන්තියේ ලමයින්ගෙ නම් කියල ඒ පේපර් ටික බෙදල දුන්න.
ලමයි දැන් හරිම උනන්දුවෙන් තමන්ගෙ පේපර් එක අරගෙන ලකුනු බලනවා. මේ අස්සෙ එක ලමයෙක් හෝ ගාල අඬනව.
ටීච ගියා ඒ ළමයා ලඟට,
“පුතා මොකද අඬන්නේ”
කියල, පේපර් එක අරන් බැලුව. ඒ ලමයට ලකුණු 99ක් තිබුන. ටීචට පුදුම හිතිල ආයිත් ඇහුව
” ඇයි පුතා ඔයා අඬන්නෙ, ඔයාට ලකුණු 99ක්ම තියනවනෙ” කියල.
ඒ පාර ලමයා,
“අනේ ටීච බලන්නකො 99ක් තිබිල එක ලකුණක් අඩු උනානේ මට. තව එක ලකුණක් තිබුන නං ගෙදර ගිහින් පෙන්නන්න තිබුනනේ. මේ බලන්න මට ලකුණු සීයෙන් සීයයි කියල. එහෙම උනා නං මට කොයි තරම් තෑගි හම්බවෙයිද. අනේ එක ලකුණක් මදි උනානේ”
කියල ආයිත් අඬන්න ගත්ත.
ටීච ඒ ලමය ලඟින් අයින් වෙලා ආයිත් පන්තියේ ඉස්සරහට ගිහින් පන්තිය දිහා බලනව. එතකොට දැක්කා පිටිපස්සෙ පේලියක ඉන්න තව ලමයෙක්ගෙ ඇස් දෙකෙන් කඳුළු බේරෙනව.
ලකුණු 99ක් ගත්ත ලමය වගේ සද්දෙට ඇඬුවෙ නැති උනාට ඒ ලමයගෙත් ඇස් වලින් කදුළු වැටෙනව.
ටීච ඒ ලමය ලඟටත් ගියා. ගිහින්
“ඇයි පුතා අඬන්නේ”
කියල අහල, ඒ ලමයගෙ පේපර් එක ඉල්ල ගත්ත.
ඒ ලමයට ලකුණු කීයද දන්නවද, සීයෙන් එකයි.
ඊට පස්සෙ ටීච,
“ගෙදර ගිහින් අම්මලාට කියන්න බයයිද, බුද්ධාගම කියන්නෙ අපේ ආගමනේ, දහම් පාසල් යන්නෙවත් නැද්ද ඔයා, ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනෙ,අඬන්න ඕනෙ තමයි එක ලකුණක් ගත්තම තමන්ගෙ ආගමට” කියල කිව්ව.
ඒ ළමය කියනවා
“අනේ නෑ ටීච එක ලකුණක් ගත්ත නිසා නෙමේ මට දුක හිතුනෙ, අර ලමයට එක ලකුණක් මදිවෙලා එයා ගොඩාක් දුකින් ඉන්නවනෙ, මට මේ ලකුණ වැඩක් නෑ ඒ නිසා මේ ලකුණ අර ලමයට දෙන්න තිබුන නං හොඳයිනේ. එහෙනම් ඒ ලමය කොච්චර සතුටින්ද, ඒත් මට එහෙම කරන්න බෑනෙ ටීච,ඒකයි මට දුක හිතුනේ, ටීචට පුලුවන්නම් මේ ලකුණ ඒ ලමයට දෙන්න ටීච, මට අපේ අම්ම බනින එකක් නෑ ලකුණු බිංදුවයි කියල, අනේ ටීචට පුලුවන්නම් මේ ලකුණ අර ලමයට දෙන්නකෝ” කියල.
ඒක අහල ටීචට තමං කියපු දේ ගැන ලැජ්ජ හිතෙනව.
ටීච කියනවා
“එහෙම කරන්න බෑ දරුවෝ ඔයා දුක් වෙන්න එපා, විභාගෙකදි එක ලමයෙක් ගත්ත ලකුණු තව කෙනෙක්ට දෙන්න බෑ” කියල.
එහෙම කියපු ටීච ගිහින් ගුරු පුටුවෙ වාඩි වෙනව.
වාඩි වෙලා කල්පනා කරනව,
‘ඇත්තටම බුද්ධාගම ඉගනගෙන තියෙන්නෙ කව්ද, 99ක් තියෙන ලමයද 1ක් තියෙන ලමයද.’
ඇත්තටම බුද්ධාගම ඉගනගෙන තියෙන්නෙ එක ලකුණක් තියෙන ලමය නේද.
ප්රායෝගික බුදු දහම ඉගනගෙන තියෙන්නෙ ඒ ළමය. තව කෙනෙක්ට අනුකම්පා කරන්න හරි.
99 තියන එක්කෙනාට ලද දෙයින් සතුටු වෙන්න වත් බෑ.
ඔන්න ඕක තමයි පොතේ දැනුමෙයි හිතේ දැනුමෙයි වෙනස.
උපුටා ගැනීම: උදීෂ රාමනායක