දඹල ගැන බුකියේ ලියූදා පටන් අපේ නිවසේ තහනම් වචනය දඹලය . අම්මා දැන් දඹල දෙස බලන්නේවත් නැති අතර තාත්තා අළුතෙන් හැදෙන දඹල කරල් වැලේම වේලීමට ඉඩහැර එදෙස නොබලා සිටී. පසුගිය කතාවක සටහන් කල පරිදි මා ටවුමෙන් උස්සන් ආ සියළු එලවළු වර්ගයන්ගෙන් විවිදාකාරයේ කෑම වර්ග සාදා දුන් අම්මා නරක් වී ඉවතලෑමට තිබූ එළවළු වලින් ප්රනීත රසයෙන් යුත් එළවළු රොටි සාදා තිබුනේ පිටකොටුවේ සයිවර් කඩයක අත්දැකීම නිවසියන්ට ලබාදෙමිනි .
අද හැන්දෑවේ අම්මා මම රැගෙන ආ ගෝවා කිලෝවෙන් හරි අඩක් පමනක කොටසකුත් මුරුංකා කරල් කිහිපයකුත් ,කැරට් අල කිහිපයකුත් ගෙන ඇගේ දුරකථනයට එබෙමින් කුමක්දෝ සාදමින් ඉන්නවා දුටු මා ඇය එතනින් ඉවත්වන තුරු හිඳ ඇගේ දුරකතනය දෙස බැළුවේ ඇගේ වනිතා සංගමයේ සාමාජිකවන් පබිලිස් සිල්වාගේ අලුත්ම රෙසිපියක්වත් ඇයට එවා ඇතිදැයි දැනගැනීමටය .
නමුත් මා මහත් බය භීරාන්තියට පත්වී උන් හිටි තැන් පවා අමතකව දෙකකුල් වෙව්ලන්නට ගත්තේ අම්මාගේ වනිතා සමිතියේ සාමාජිකවක්
“පුතාටත් මෙහෙම හොඳයි නේද?”
යැයි අසා එවා තිබූ පහත ඡායාරූපය දුටුවිටය.
ඉතින් හිතවතුනි මම අද රාත්රියේම නිවසින් පැන නොගිය හොත් අම්මා මාහට ගෝවා කොලවලින් කලිසමක් අන්දවා මුරුංගා කරල් වලින් ඔටුන්නක් සාදා කැරට් අලයක් බෙල්ලේ එල්ලා ආපසු කඩේ යැවීමට හෝ රූපයේ පරිදි සුවිසල් ප්රේමයක් ඇති ප්රේමවන්තියක් සොයා ඇයට අවිහිංසක මා විවාහ කරදීමට ඉඩ ඇත. එනිසා අද රාත්රියේම නිවසින් පැනයාමට හෝ හෙට දිනය පුරා කාමරය අගුළුලාගෙන සිටීමට මා තීරණය කල අතර නැවත කිසි දිනක නිවසට අනවශ්ය පරිදි එළවළු උස්සාගෙන නොඑන බවට ඇගේ දෙපා නැමද පවසා සමාව ගැනීමටද තීරණය කලෙමි.
“හයියෝ මාගේ යෞවන කාලේ… මෙලෙසද ගතවී යන්නේ”
උපුටා ගැනීම: සමීර මධුසංක.