පලිගැනීමේ කලාව… (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඉස්කෝලේ ගිහින් ඉවර උන දවස් වලම වගේ ඒ කියන්නේ ඒලෙවල් ඉවර උන පළවෙනි සතියෙ විතර අපෙ සෙට් එක කතා වුණා ට්රිප් එකක් යන්න. දැන් කාලෙ ඒ කාලෙ කියලා වෙනසක් නෑ මිත්රවරුණි කටින් තමා ගොඩක් ට්රිප් ගියේ..
කොහොමින් කොහොම හරි අන්තිමට ඉතුරු උනේ මමයි මගේ අතිජාත මිත්රයෙකුයි විතරයි.
” අඩෝ අනිත් උන් ඕන නෑ බන් අපි දෙන්නා හරි යමු කොහෙ හරි”
අන්තිමට අපි තීරණය කලා.
අපි දෙන්නා විතරක් නිසා දුර යන්නෙ නැතුව ලඟ පාත රවුමක් ගහන්න සෙට් වුණා සෙනසුරාදා දවසක උදේ.
ඒ දවස්වල ලයිසනුත් නෑ . දැන් ඉන්න එවුන් යන්තන් දහ අට ඔන්න මෙන්න කියලා ලයිසන් ගත්තට අපිට ඒ දවස් වල එච්චර උවමනාවක් තිබ්බෙත් නෑ. අතුරු පාරවල් වල බයික් පදින නිසා ලයිසන් එකක් ගැන වැඩිය හිතුවෙ නෑ.
මගෙ යාළුවා ඔන්න ආවා උගෙ යානාවෙ..යානාව කිව්වට මේක එසේ මෙසේ භාණ්ඩයක් නෙවේ එක්දාස් නවසිය බර ගණන් වල ලංකාවට ගොඩ බැහැපු හොන්ඩා රෝඩ් මාස්ටර් එකක්. අපි දෙන්නා ඉතින් ගමන පටන් ගත්තා.
” මේ යමුද බන් නාන්න” ඌ අහනවා.
” ඕන පුකක් ප්රීති වෙසක් යමු බං” මමත් අනුමැතිය දුන්නා.
අපි දෙන්නා අතුරු පාරවල් වල හරව හරව යන්තන් ආවා කුරුණෑගලින් ටිකක් එහාට වෙන්න තියන ප්රසිද්ධ වැවකට බතලගොඩ වැව කියල තමයි ඒ වැවට කියන්නෙ.
සාමාන්යයෙන් ගොඩක් අය ඒ වැවට නාන්න එනවා.නාන තැන් ගොඩක් තියන නිසාත් සති අන්තයක් නිසාත් ගොඩක් අය එදා හිටියා නාන්න ඇවිත්. අපි දෙන්නත් කට්ටිය අඩු තැනක් බලලා ශේප් එකේ බැස්සා වතුරට..
අපිට ටිකක් එහාට වෙන්න හිටියා හයේ හතරේ කොල්ලො පස් හය දෙනෙක් එක්ක උන්ගේ පෙම්වතියො හරි බිරින්දෑවරු හරි කියල හිතන්න පුළුවන් කෙල්ලො ටිකකුත්. අනේ ඉතින් තනිකඩ අපිට කොහෙන්ද සුරංගනා ලෝක කියලා අපි දෙන්නා වැවට බැහැලා ජල කෙලිය පටන් ගත්තා.
ඔහොම ටික වෙලාවක් යනකොට අපේ බයික් එක තිබ්බ තැනට ආවා තව බයික් දෙක තුනකින් කොල්ලො ටිකක්. උන් කතා කරපු විදිහෙන්ම මුස්ලිම් සෙට් එකක් කියලා අපිට මීටර් උනා. උන් ආව වෙලාවෙ ඉඳන් හෙන රංගනේ..
අපේ බයික් එක උඩ එකෙක් ඉඳගෙන තව එකෙක් අපෙ ඇඳුම් පාග පාග එහාට මෙහාට යනවා. මමයි යාලුවයි ගොඩට ගිහින් ඇඳුම් ටික බයික් එක උඩින් තියලා ආපහු ගියා නාන්න. ටික වෙලාවකින් මුන් ආයෙත් ඇඳුම් ටික බිමට දාලා අපි දිහා බල බල හිනාවෙනවා මොන මොනවද කියවනවා. අපිට දැන් මල අතේ…
ඒත් ඉතින් මොනවා කරන්නද උන්ගෙ උන් දහයක් විතර ඉන්නවා අපි දෙන්නා ගේම ඉල්ලන්න ගිහින් කන්න උනොත් එහෙම කොනප්පු බන්ඩාර කෑමක්නෙ කන්න වෙන්නෙ. ඒත් නිකන් ඉඳලත් බෑ. මම යාලුවට කිව්වා ” මචන් මුන් ටිකට දෙමුද ගේමක් ” කියලා.
මූ අහනවා ” එපා එපා බං අපි දෙන්නා මොනවා කරන්නද අපි යමු මෙතනින්” කියලා.
යකෝ එහෙම කරන්න පුළුවන් ද…කොහෙවත් ඉන්න උන්ට පදිරි වෙනවද අපි…
මම ටිකක් වට පිට බලනකොට මගෙ ටිකිරි මොලේට ආවා ලස්සන අයිඩියා එකක්. මම යාලුවට කිව්වා උඹ ගිහින් ටක් ගාලා ඇඳුම් ටික අරගෙන බයික් එක ස්ටාර්ට් කරගෙන් ඉදපන් මම ක්ශණික එන්නම් කියලා.
දැන් ඔබ හිතනවා ඇති මම දෙකේ දෙකේ පොල්ලක් කඩාගෙන අර සෙට් එක මැදට පැනල හතර වටේ නෙලලා “අඩෝ ආයෙ අහු වෙන්න එපා” කියලා පාට් එකකුත් දාල මම බයික් එකට නැගල යයි කියලා.
පිස්සුද….? එහෙම වෙන්නෙ දෙවෙනි ඉනිම සංගීතෙ වගේ කතා වල. ඇත්ත ලෝකෙ ඒ සෙල්ලම් බෑ.
මම ගියා අර අපි එනකොට හිටපු සෙට් එක ලඟට. උන් නිකන්ම නෙවෙයි නාන්නෙත් පොඩි සිංහ පානයක් බොන ගමන් කියල මම දැක්කෙ ලඟට ගියාට පස්සෙ.
” ඇයි මල්ලි ” අර හයේ හතරෙ ඩයල් එකක් මගෙන් අහනවා.
” අයියේ මේ අර අක්කලා ඔයාල එක්ක ආව අයද”
” ඔව් මල්ලි මොකද සීන් එක”
” නෑ මේ අර එහා පැත්තෙ ඉන්න කොල්ලො ටික අක්කලා ඇඳුම් මාරු කරනවා වීඩියෝ කලාද කොහෙද …උන් මුස්ලිම් ද කොහෙද අයියේ…අපිත් ටික වෙලාවක් නෝට් කරලා තමා මේ කියන්න ආවේ..පොඩ්ඩක් බැලුව නම් හරි ” කියලා මම ක්ශණික ගියා බයික් එක ලඟට..
” අඩෝ යමන් යමන් ඉක්මනට යමන්” අරුත් කියන පරක්කුවෙන් ඇක්සිලේටරේ කැරකුවා..
” ඒ මොකක්ද බන් උඹ කලේ..” ඌ අහනවා මගෙන්..
” පොඩි වැඩක් බන් පස්සෙ කියන්නම්කො..” මාත් ලෝඩ් වගේ කිව්වා.
ඔහොම මීටර් පන්සීයක් විතර එනකොට පාර අයිනේ ඉන්නවා ට්රැෆික් ලා දෙන්නෙක් ..
හරිනෙ ටොපිය ….
ලයිසනුත් නෑ අපි දෙන්නාම පොඩි උන් බව දැක්ක ගමන් පේනව. දැන් බයිසිකලේ ආපහු හරවන්නත් බෑ එත්කොට කොහොමත් සැක කරනවනෙ.
” ඒ @$@& පොලිස් පොලිස් ” අරූ කෑගහනවා
මීත්රවරුණි තැනට සුදුසු නුවණ කියන එක බොහෝ වෙලාවට පිහිටට එන්නෙ ඉතාමත් ම ඉක්මනින් තීරන ගන්න ඕන අවස්ථා වලදී.
අපිව නතර කලොත් අනිවා ලයිසන් බලනවා ඊට කලින් අපි පොලිස් මාමිලා දෙන්නව ට්රැක් අවුට් කරන්න ඕන.
ඔය තියරිය අදට ත් මම සමහර වෙලාවලදි පාවිච්චි කරනවා එදා තමා මුලින්ම මම ඕක කලේ.
” මේ උඹ බය නැතුව පොලිස් බයික් එක ලගින්ම නතර කරපන්” මම කිව්වා
” මොකක් තොට හාල්ද $% මට ලයිසන් නෑ ” අරූ දැන් වෙව්ලනවා හැඩල් එක කෙලින් අල්ලන් ඉන්න බැරි තරමට.
” හරි උඹ නතර කරපන්කො”
බයික් එක නතර කරපු ගමන් මම ක්ශණික ගියා පොලිස් අන්කල් ලගට.
” අන්කල් අන්කල් අර එහා පැත්තෙ ලොකු කට්ටියක් රණ්ඩු වෙනවා මුස්ලිම් කට්ටියකට නාන්න ආව සිංහල කොල්ලො වගයක් ගහනවා.අන්කල් ඉකමනට යන්න උන් බීලත් එක්ක ඉන්නෙ “
” කෝ කෝ කොහෙද ” පොලිස් අන්කල් කෙනක් හෙල්මට් එක දාගන්න ගමන් අහනවා.
” ඔය ඔතන වංගුව ගාව අනේ අංකල් ඉක්මන් කරල යන්න මොනවා වෙලාද දන්නෙ නෑ ” කියල මම දුවල ඇවිත් නැග්ග බයික් එකට.
එදා ඉතින් ගෙදර එනකල් අරූ මගෙන් අහනවා ඒ මොකක්ද බන් උඹ කිව්වෙ පොලිස් කාරයට ඇයි බන් උන් ගියේ …කියලා.
මම මොකක්ද උනේ කියලා ඌට කිව්වෙ නෑ.. දැක්කනෙ මගෙ වැඩ කිය කිය හෙන ලයින් එකක් දීගෙන හිටියා.
කොහොමින් කොහොම හරි ඔය සිද්ධිය වෙලා අවුරුදු අටකට විතර පස්සෙ දවසක මමයි මගේ යාලුවයි තව කිහිප දෙනෙකුයි හීනියට පොඩ්ඩක් සෙට් වෙන වෙලාවක තමයි එදා උන සීන් එක මම කිව්වෙ.
කතාව ඉවර වෙනකල් මුකුත් කියන්නෙ නැතුව හිටපු මගෙ යාලුවා අන්තිමට කිව්වෙ එක දෙයයි…
උඹ නම් මහ *@& වැඩ බං කරන්නෙ….පව් බං ඒ කොල්ලො ටික…
උපුටා ගැනීම: Kasun Sudhara Bandara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!