ට්රාන්සැල්වේනියා ( Transylvania ) හෙවත් වත්මන් රුමේනියා දේශසීමාව අසල පිහිටි මෙම බ්රැන් කාසල් ( Bran Castle ) ලොව පුරා සියල්ලන්ම මෙය ඩ්රැකියුලාගේ මාලිගාව ( Dracula’s Castle ) ලෙස හැඳින්වුවද බ්රැම් ස්ටෝකර් ( Bram Stoker ) නම් ඩ්රැකියුලා කතාමාලාවේ කතෘ මෙම මාලිගාවම තම කෘතියේ සඳහන් කර ඇති බවට කිසිදු සාක්ෂියක් එම කතාමාලාව පුරාවටම නොමැත.
වර්ශ 1212 දී මෙහි දැව මාලිගාවක් ඉදිකර ඇති අතර එය කඳුකරයේ ආරම්භක ස්ථානයේම පිහිටි හෙයින් මේ හරහා ගමන් කල වෙළෙඳුන් මෙය භාවිතා කර ඇති නමුත් එය වර්ශ 1242 දී පමණ විනාශ විය.
මෙහි ගලින් ගොඩනැඟු මාලිගාවක් ඇති බවට මුලින්ම සඳහන් වන්නේ වර්ශ 1377 සිට ය.
වර්ශ 1438 සිට වර්ශ 1442 දක්වා තුර්කි අධිරාජ්යයට ( Ottoman Empire ) ආරක්ෂාව සඳහා මෙම මාලිගාව භාවිතා කර ඇත තවද මෙම ස්ථානය වෙළඳ භාණ්ඩ සඳහා රේගු කටයුතු පවත්වාගෙන යන මධ්යස්ථානයක් බවටද පත්ව තිබුණි. රජ මාලිගා බහුතරයක් රාජකීයන් සඳහා ඉදිකර තිබුණද, බ්රැන් කාසල් ඉදිකර ඇත්තේ ජර්මානු ජනපද වැසියන් ආරක්ෂා කිරීම සඳහා ය.
වර්ශ 1431 දී උපත ලද ව්ලැඩ් ද ඉම්පේලර් ( Vlad the Impaler )සැබෑ ඩ්රැකියුලා ලෙස හැඳින්වෙන අතර බ්රැම් ස්ටෝකර්ගේ කතාවට අනුව ඔහු මෙම මාලිගාව පසුකරමින් ගියත් කිසි විටෙකත් බ්රැන් කාසල් හි රැඳී සිටියේ නැත. ඔහු ට්රාන්සිල්වේනියාවට මායිම් වූ වොලේකියා ( Wallachia ) හෙවත් නූතනයෙ රුමේනියාවට අයිති පාලකයා විය. ඔහු ම්ලේච්ඡ නීති රීති පැනවු පාළකයකු බව කියැවෙන අතර, මිනී මස් අහාරයට ගැනීම හා ඔහුට ගොදුරු වූවන්ගේ රුධිරය පානය කිරීම පිළිබඳ කටකතාවන් බොහොමයක් ඇත, මෙම කතා බ්රැම් ස්ටෝකර්ට ඔහුගේ කතා පොත ලිවීමට උපකාර වී ඇති බව කියනු ලැබේ. කඳු මුදුනේ වැඩි උසකින් මාලිගාව ගොඩනඟා ඇති නිසා, උදෑසන මීදුම අතරින් එය ඉතා භයානක හා අද්භූත ලෙස පෙනේ මෙම පෙනුම නිසාද මෙවැනි භියකරු කතා නිර්මාණය විය හැකියැයි සිතිය හැක.
වර්ශ 1920 දී පමණ මාලිගාව රාජකීයන්ගේ වාසස්ථානයක් බවට පත් වූ අතර මාරි රැජිනගේ ( Queen Marie ) ප්රියතම නිවහනක් බවට පත්විය. ඇගේ දියණිය ඉලේනා කුමරිය ( Princess Ileana )දෙවන ලෝක යුධ සමයේ මෙම මාලිගාවේ සිට රෝහලක් ද පවත්වාගෙන ගියාය.
මාරි රැජිනගේ ආත්මය මාලිගාවේ තවමත් සැරිසරන බව බොහෝ අය කියා සිටින අතර, ඇයගේ රූපය මාලිගාව තුළ මෙන්ම උද්යානවලදී ද දර්ශනය වී ඇති බව ඇතැමුන් පවසයි.
භයානක සෙවණැලි, අහබු ලෙස ආලෝකයේ වෙනස් වීම්, අවතාර වල ක්රියාකාරකම් සහ EVP ( Electronic voice phenomenon – විඩිධ තරංග මගින් ඇතිවන අත්භූත හඬවල් ) බලකොටුවේදී පටිගත වී ඇත.
බ්රැන් කාසල් හෙවත් ඩ්රැකියුලාගේ මාලිගය මහජනයා සඳහා විවෘතව ඇති අතර, රුමේනියාවේ සංචාරක ආකර්ෂණය ඇද බැඳ ගත් ප්රමුඛතම කෙන්ද්රස්ථානයකි.
උපුටා ගැනීම: යොහාන් චන්ද්‍රසේකරන්
Daydreaming Yohan