දවසක් අධික වේගයෙන් ගමන් ගත් මෝටර් රථයක් නතර කල පොලිස් නිලධරියෙක් රියදුරාව එළියට බස්සවා ගත්තේය….
පොලිස් නිලධාරියා :- පුහ්…වේගෙ 100ත් පැනල,තමුන්ගෙ සීයද ලයිසම දුන්නෙ….?ගන්නව බලන්න ලයිසම මෙහෙට…
රියදුරා :- මට ලයිසන් නෑ රාළහාමි….
පොලිස් නිලධාරියා :- මොනව කියන්නෙ…?ගන්නව බලන්න එහෙනම් ආදායම් බලපත්ර.,ඉන්ෂුවරන්ස්….
රියදුරා :- මට ඒවත් නෑ රාළහාමි.මේ වාහනේත් හොරකම් කරපු එකක්….
පොලිස් නිලධාරියා :- මොනව මොනව කියන්නෙ මේක හොරකම් කරපු වාහනයක්……? කාගෙන්ද හොරකම් කලේ….? මොකටද හොරකම් කලේ….විකුණන්න වත්ද…?
රියදුරා :- නෑ මිනියක් මරන්න…අන්න මිනිය කාර් එකේ ඩිකියෙ ඇති….
මේ විස්තර ටික අහපු පොලිස් නිලධාරියා තම උසස් නිලධාරියෙක්ට කතා කලේය…ටික වේලාවකින් උසස් නිලධාරියා ඇවිදින් රියදුරාගෙන් ප්රශ්න කරන්නට පටන් ගත්තේය…..
උසස් පොලිස් නිලධාරියා :- තමුන්ට ලයිසන් නෑ කියන්නේ ඇත්තද….?
රියදුරා :- අම්මෝ… බොරු සර්… මේ තියන්නෙ ලයිසන් එක. (ලයිසම පෙන්වයි)
උසස් පොලිස් නිලධාරියා :- එතකොට මේ කාර් එක කගෙද…?
රියදුරා :- මගේ සර්… මේ තියන්නෙ ලයිසන් ඉන්ෂුවරන්ස් එකයි ඔක්කොම ලියවිලි….
උසස් පොලිස් නිලධාරියා :-හරි කරුනාකරල වාහෙනේ ඩිකිය අරිනවද…?මිනියක් ඩිකියෙ තියනව කියල දැන යන්න ලැබිල තියනව….
රියදුරා :- හරි සර් මේ බලන්න…ඩිකිය ඇර පෙන්වයි.එහි කිසිවක් නැත..
උසස් පොලිස් නිලධාරියා :- මට මේ මොකුත් තේරෙන්නෑනෙ…දන් මට මේ කෝල් කරල කිවුවනෙ ලයිසන් නැති හොරකන් කරපු වාහනේක ඩිකියෙ මිනියක් තියනව කියලා ….
රියදුරා :- අනේ ඉතින් බලන්නකො සර්… තව ටිකකින් කියයි මම අධික වේගයෙන් කාර් එක ඩ්රයිව් කරන් ගියා කියලා …..
උපුටා ගැනීමකි
මූලාශ්‍රය: Ranjani Indi