මේක සත්ය කතාවක් .
මම ඒ දවස්වල වැඩ කරේ අනුරාධපුර .කොහොමහරි එදා වැඩ ඉවරවෙලා Off වෙලා රෑ 9/10ට විතර මාත් ඇතුලුව අපෙ ක්වාටස් එකේ ඉන්න යාලුවො තුන් දෙනෙක් කොත්තු කන්න රෑ එළියට යමු කියලා තීරණය කරා. කොහොමහරි හැම තැනකම ඉන්නවනෙ කම්මැලි එකෙක් .ඔය වගෙ අපෙ සෙට් එක අතරෙත් එකෙක් හිටියා .
” මට කම්මැලි බන් දැන් එළියට යන්න , උඹලා ගිහින් කාලා පුලුවන් නම් මටත් එකක් අරන් වරෙන් ” කියලා කිව්වා .
ඌට බැරිනම් මොනව කරන්නද ඌටත් බැන බැන මහ රෑ අපි තුන්දෙනා ගියෙ අනුරාධපුර ටවුන් එකේ තියන නයිට් කඩයක් හොයාගෙන . කොහොමහරි කඩයක් හොයාගෙන කඩේට ගිහින් දැන් කොත්තු ඕඩර් කරලා කනවා. කාගෙන යද්දී අපිට තේරුණා බඩගින්නෙ තරමට ඕඩර් කරාට කඩේ හොඳකම නිසාදෝ කොත්තුව ප්රමාණයෙන් වැඩි සහ අපිට කාගන්න බැරි බව. දැන් කොහොමහරි අපි තුන්දෙනා පුලුවන් තරම් උපරිම කාලා අවසන් සීමාවට ආවා…ඒත් කොත්තුව සෑහෙන්න ඉතුරුයි . එතකොට තමයි අපිට මතක්වුනේ ක්වාටස් එකේ එකෙක් ඉන්නවා ඌටත් ගෙනියන්න එපැයි කියලා . අපි කල්පනා කරා අලුතෙන් කොත්තුවක් මොකටද මේ ඉතුරුටිකම ඔතන් යමු කියලා . ඒත් ඉතින් කටක් ඇරලා කියලා කාලා ඉතුරු ටික ඔතන් යන්නත් අපෙ එවුන්ට ලැජ්ජාව..
පස්සේ හොඳ අයිඩියා එකක් ආවා.. ” අයියෙ අපෙ ගෙදර බල්ලො වගයක් ඉන්නවා මේ ඉතුරු කොත්තු ටික පුලුවන් නම් පාර්සල් කරලා අරන් යන්න දෙන්න බැරිද ” කියලා හිටපු වේටර් කෙනෙක්ට කිව්වා . වේටර් අයියත් මොකද හා මල්ලි කියලා, කියපු සැණින් අහල පහළ මේසවල තිබුණ කොත්තු අඩු, චිකන් හොදි අඩු, මස් කටු , රයිස් අඩු , සේරම එව්වා එකතු කරන් දාලා දැන් අරක ඔතන්න ගත්තා .
අපි තුන්දෙනා මූණෙන් මූණ බලාගත්තා, එ අස්සේ හිනා දැන් කරන්න දෙයක් නෑ. මේක අරන් යන්නත් එපැයි .අන්තිමට කොත්තුව අරන් අපි ක්වාටස් එකට යද්දී රෑ 12ටත් කිට්ටුයි. අරෑත් හොඳටම නිදි. ඌව නින්දෙන් ඇහැරලා දුන්නා කොත්තුව . ඌ මේ මොකුත් දන්නෑ නිදි මරගාතේ ඇදලා ඇරියා .
පහුවදා උදේ තමයි ඌට අපි සිද්ධිය කිව්වේ . පලු යන්න බනිනවා සේරටම . අපි ඉතින් කොත්තු කෑවම කොහොමත් බඩ යන එකේ
” කොත්තු කියන්නේ කොහොමත් එහෙමනෙ ඕක කොත්තුවල Pro max එකක්” කියලා හිත හදාගනින් කියලා කටවහන් හිටියා .
උපුටා ගැනීම: Shashin Dilnaka