Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ක්රිකට් ක්රීඩාවේ වඩාත් බිහිසුනුම පන්දුයවන්නා කවුරුන්දැයි යමෙක් අසන්නේ නම් එයට පිළිතුරු රාශියක් ඇත.
-බොඩිලයින් තරගාවලියේ ප්රකට වේග පන්දුයවන්නන් යුගලය වූ හැරල්ඩ් ලාවුඩ් සහ බිල් වෝස් ,
-60/70 දශකයේ ෆ්රෙඩ් ට්රූමන්,
-70 දශකයේ කොදෙව් දූපත් වෙනුවෙන් ක්රීඩා කළ වෙස් හෝල් සහ චාලි ග්රිෆිත් යුගලය,
-80 දශකයේ ක්ලයිව් ලොයිඩ් ගේ යකඩ රෑන සවිමත් කළ සිවු වේගපන්දු බල ඇණිය (රොබට්ස්,හෝල්ඩින්,ක්රොෆ්ට් සහ ගානර්) -ඕස්ට්රෙලියාවේ ලිලි සහ තොම්ප්සන් යුගලය යනුවෙන් මෙම ලැයිස්තුව කෙටියෙන් අවසන් කළ නොහැකියි.
පිතිකරුවන් සලිත කළ පන්දුයවන්නන් අතරින් මෙහි ප්රමුඛස්ථානය ගන්නා එක් පන්දුයවන්නෙක් ඕස්ට්රේලියාව වෙනුවෙන් 19 වන ශතවර්ෂයේ ක්රීඩා කළා.
ඔහු, දශකයක කාලයක් තිස්සේ එංගලන්ත පිතිකරුවන් ගේ දක්ෂතා සුනුවිසුනු කර දැමු එරටින් බිහිවූ ප්රථම වේග පන්දු විශිෂ්ටයා වන ෆ්රෙඩ්රික් ස්පොෆොර්ත් නම් වකුටු වූ දික් නාසයක් සහිත හීන්දෑරී පන්දුයවන්නා යි.
ඔහුගේ නමටත් වඩා ඔහු ගේ අන්වර්ථ නාමය ප්රේක්ෂකයින් අතර ජනප්රිය විය. ‘the demon’ (යක්ෂයා) ලෙස හැඳින්වූ ෆ්රෙඩ් ස්පොෆොර්ත් ටෙස්ට් තරග 18 කට පමණක් ක්රීඩා කළත් ඉනිම් 30 කදී කඩුලු 94 කට අධික සංඛ්යාවක් බිඳ දැමීමට ඔහුට හැකිවුනා.
ඔහුගේ කඩුලු ලබාගැනීමේ සාමන්යය 18.41 පමණ විශිෂ්ට මට්ටමක පැවතියා. ඔහුගේ අවසන් ටෙස්ට් තරගය සිඩ්නි හිදී පවත්වන විට ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා ලෙස මුල් ස්ථානය රැකගෙන සිටියේ ද ෆ්රෙඩ් ස්පොෆොර්ත්.
ස්පොෆොර්ත් ගේ ටෙස්ට් තරග 18 තුළ කඩුලු 5 දවාගැනීම් අවස්ථා 7ක් සහ තරගයක කඩුලු 10ක් ලබාගැනීමේ අවස්ථා 4ක් වාර්තා වී තිබුනා. ඒවගේම ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේ මුල්ම කඩුලු ත්රිත්වයේ හිමිකරුවාද ස්පොෆොර්ත්.
ඔහුට demon හෙවත් යක්ෂයා යන අන්වර්ථ නාමය හිමිවීමට බලපෑවේ ඔහුගේ කඩුලු ලබාගැනීමේ සුවිශේෂි දක්ෂතාවය සහ ඔහුගේ ස්වරූපය නිසා බව පොත්පත් වල සඳහන් වනවා.
ඔහුගේ දිගැටි නාසය, ඔහුටම අනන්ය වූ උඩු රැවුල, ඔහුගේ උස (6′ 2″ ) සහ ඔහුගේ මුහුණේ ස්වාභාවය ඉහත නාමය පටබැඳීමට වැඩි වශයෙන් හේතුවූ බවට සඳහන් වනවා
“I met Spofforth in after years and he had rather the type of countenance which one associates with the Spirit of Evil in Faust. A long face, somewhat sardonic; piercing eyes; a hooked nose; and his hair, parted in the middle, giving the impression of horns. He was also immensely tall, sinewy and loose limed with long thin arms; he would have looked the part of the stage-demon.”
– Rev. RL. Hodgson
ස්පොෆොර්ත් ගේ demon කියන නාමය කෙතරම් ජනප්රිය වුයේ ද යත් එය ඔහුගේ මැද නම ලෙස එනම් ෆ්රෙඩ් demon ස්පොෆොර්ත් ලෙස පවසන්නට සියල්ලන්ම වගබලා ගත්තා.
ඔහුගේ පන්දු යැවීමේ වේගය පිළිබඳව 1890 දශකයේ අග භාගයේ ක්රිකට් ක්රීඩාවෙන් මෙන්ම පාපන්දු ක්රීඩාවෙන් ද දස්කම් දැක්වූ (පසුකාලීනව දේශපාලනයේ ද නිරත විය) සී.බී. ෆ්රයි පැවසුවේ ස්පොෆොර්ත් පන්දු යැවීම සදහා ඉතා දිගු දුරක සිට දිව එමින් ඔහුගේ දිගු දෑත් භාවිතා කර ඉතාමත් වේගයෙන් පන්දුව පිතිකරුවා වෙත මුදාහරිමින් පිතිකරුවන් අසරණ කළ බවයි. ඔහු පන්දුව යැවූ පසු ඔහුගේ අත පොලව මත ගෑවී නොගෑවී යන බවද පවසා ඇත.
‘යක්ෂයා’ නම් වූ ස්පොෆොර්ත්, පුරාවර්ථයක් බවට පත්වන්නේ 1882 ඕවල් ටෙස්ට් තරගයේ දී එංගලන්තයට ඉතා පහසුවෙන් ජයගත හැකි තරගයක් සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් කඩුලු 14ක් බිඳ දමා ඕස්ට්රේලියාවට ලකුණු 7ක තියුණු ජයක් හිමිකර දීමෙන් අනතුරුවයි. තරගයෙන් පසුව එක් එංගලන්ත ප්රේක්ෂකයෙක් ස්වර්ගස්ථ වූ අතර අළු බඳුන තරගාවලියට මුල්ම අඩිතාලම ද වැටුණා.
The Demon >>>>
Not even GRACE, of matchless skill
(No worthier in the land),
The ‘Demon’s’ onslaughts could resist,
His awful speed withstand;
By lightning smit, as falls the oak,
The wickets fell beneath the stroke!
(ඉහත කවිය ‘punch’ නමැති සඟරාව පල කල එකකි)
උපුටා ගැනීම: Mohammed Aqeeb

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!