මේක උනේ 2015 විතර. ඉංගිරියෙ තිබ්බ යාලුවෙක්ගෙ වෙඩිමකට ගිය අපේ සෙට් එක, ආයිත් රත්නපුරේ බලා ගුවන් ගත වෙන්න කියලා හිතාගෙන පාරට බැස්සෙ මද පවනෙ වැනි වැනි. වෙලාව පාන්දර 3 පහුවෙලා නිසා හොරණට එන්න විදියක් නැතුව පාර අයින ට වෙලා ඉද්දි, ඒ ආපු ලෑන්ඩ් මාස්ටර් එකක අත දාලා එල්ලිලා අපි සෙට් එක දැන් හොරණ ට එනවා.
පාලු රබර් වත්තක් අයිනෙන් එද්දි පාර අයිනෙ මෝටර් බයිසිකල් එකක් නවත්තලා තිබ්බ නිසා අපි ටිකක් තක්බීර් වෙලා ගියා. මොකද ගෙයක් පේන තෙක් මානෙක නැති කට්ට කරුවල රබර් කැලෑවක් අයිනෙ බයික් එකක් නවත්තලා තියෙනවා දැක්කම කෙලින්ම ඔලුවට එන්නෙ මර්ඩර් සීන් ෆීලිං එකක්නෙ.
ලෑන්ඩ් මාස්ටරේ අයියා- “මල්ලිලා, ෂුවර් එකට මේකනම් ගේමක් දීපු එකක්. මොකද කරන්නෙ අපි.”
මම- “අයියෙ ලඟට යන්න එපා. මර්ඩර් සීන් එකක්ද දන්නෑනෙ. අපි නිකන් ටින්කිරි ගාගන්න ඕන නෑ. හොරණට ගිහින් පොලීසියට කියමු. එහෙම හොඳයිනෙ?”
කට්ටියගෙ ඒකමතික තීරණෙන් අපි සෙට් එක කෙලින්ම හොරණට ඇද්දා. සෙට් එකේම වෙරි ත් හිඳිලා, කටේ කෙලත් හිඳිලා.
සීන් එක වෙච්ච තැන ඉඳන් 3kmක් විතර අපි ඉස්සරහට එද්දි පිටසක්වල ජීවියෙක් වගේ බුවෙක් කලුවරේ යනවා දැක්ක නිසා පොඩ්ඩක් රබර් ඇහැ දාලා බැලුවා. බලද්දි පිටසක්වලයෙක් නෙවෙයි, කවුද බුවෙක් හෙල්මට් එකකුත් දාගෙන පාරෙ පයින් යනවා.
ලෑන්ඩ් මාස්ටර් එකේ සද්දෙ ඇහිලා මෑන් ම අත දාලා නැවැත්තුවා.
අපි- “අයියෙ මොකෝ සීන් එක?”
මෑන්- “මල්ලි මෝටෂයිකලයක් දැක්කද.”
අපි- අම්මට සිරි. ඒක අයියගෙද. අන්න අර පැත්තෙ තිබ්බ රබර් වත්තක් ගාව නවත්තලා තිබ්බා බයික් එකක්. ඒක වෙන්නැති. ඇයි කවුරුහරි රොබරියක් දීලද.”
මෑන් – අනේ නෑ මල්ලි. මම මේ වෙඩිමකට ගිහින් එන ගමන් පොඩි පම්ප් එකක් දාන්න ශෙට් උනා. බයික් එක කොහේහරි නවත්තලා පම්ප් එක දානවා මතකයි. ඊටපස්සෙ බයික් එක අමතක වෙලා මම පයින් ආවා මල්ලි. දැන් මේ බයික් එක නවත්තපු තැන හොයාගන්න බැරුව පැයක් තිෂ්ෂෙ කැරකෙනවා මල්ලි. උඹලට පිං ඈ. එන්නං.”
ඌ බයික් එක හොයාගත්තද නැද්ද කියලනම් දන්නෑ. කෙසේ වෙතත් තිබ්බ වෙරි ටිකත් බොරුවට හින්ද ගත්ත අපි සෙට් එක ඌට හිතෙන් පිං දීලා, උදේ ම ආපු පානදුර-රත්නපුර බස් එකේ එල්ලිලා සේස්ට රත්නපුර නගරය බලා පිටත් උනා.
උපුටා ගැනීම: Shehan D Gankanda