සුදු ජාතිකයන් දෙදෙනෙක් දිනක් ලංකාවේ සංචාරයකට ආවලු.
පාපැදි දෙකකින් ඔවුන් ලංකාව වටේ යන්න තීරණය කරාලු.
නිවසක් අසලින් යන ඔවුන් දෙදෙනා හරි අපූරු සිදුවීමක් දැක්කා.
ඔවුන් මේ සිදුවීම දුටු විට මවිතයට පත්වුනා.
ඒ විතරක් නෙවෙයි ඔවුන් ලාංකිකයන් කෙරෙහී ලොකු ආඩම්බරයක් ඇතිකරගත්තා.
මදක් නැවති ඔවුන් මේ දෙස බලාගෙන ඉන්න තීරණය කරා.
ඔවුන් දුටුවේ එක් නිවසක් ඉදිරිපිට තරුනයෙක් තේ කෝප්පයේ ඔබන ගමන් බිස්කට් අන අපූරුව.
මේ දෙස දුර සිට බලා සිටින එක් සුදු ජාතිකයෙක් අනෙක් සුදු ජාතිකයාට කිව්වේ?
“……බලපන් ලාංකිකයෝ කොච්චර පිරිසිදුද කියලා…. බිස්කට් එකක් උනත් කන්නේ සෝදලානේ……..”
“……. ඒක … ඇත්ත බං…… “
මේ දෙස බලා මවිතයට පත්වූ ඔවුන් දෙදෙනා සිදුවීම දෙස ඇස පිය නොහෙලා බලාගෙන හිටියා.
තරුනයා බිස්කට් අනුබව කිරීම අවසන් වෙන තුරු ඔවුන් මේ දෙස බලාගෙන හිටියා.
“……….ඒ මචන්….. බිස්කට් ඉවර වෙනකම්ම සෝදලානේ කෑවෙ…….”
“……. ම්ම්ම්ම්ම් කොතරම් අගේද…..”
බිස්කට් සියල්ල අනුබව කිරීමෙන් පසු ඔහු තේ කෝප්පය එක හුස්මටම බී අවසන් කරේ එහි වූ උනුසුම අඩු වූ බැවින්.
මේ දෙස අවදානයෙන්ම බලාගෙන සිටි සුදු ජාතිකයන් දෙදෙනාගේ ඈස් ලොකු වෙන්න පට්ටන් ගත්තා.
ඔවුන් දෙදෙනා මුහුනට මුහුන අප්රිය සහගතව බලමින් කිව්වේ.
“……..චික්… විතරක් අර බිස්කට් සෝදපු වතුර එක බිව්වනේ……”
“….මුන් නේද රටවල් හතලිහක බිස්කට් යවන්නේ…..”
“තට්ටු හතේ බිස්කට් හදන්නෙත් මුන්ගේ රටේ”
“යමං බං යන්න හෙටම ලංකාවෙන් “
“පයින් හරි කමක් නෑ යමං”
නිමි..
උපුටා ගැනීම: Lakmal Ariyarathna