කරදරය. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මීට පෙර අවස්ථා දෙකක දී මා කතා දෙකක් ලියා මෙම සමූහයට එක් කළ අතර.එම කාර්යය තුළ මාගේ වියරණ රටා තරමක් සිත් ගන්නාසුලු බවින් තොර නිසා ලිවීම අත් හැරියෙමි.මෙම කතාව ලියන්නේද මෙවර මා හට මුහුණ දීමට සිදු වූ අත්දැකීම තරමක් දුර්ලභ එකක් වූ බැවිණි.
පාසලක ගුරුවරයෙක් ලෙස මා සේවය කරන අතර ,පවතින වසංගතය නිසා පාසල් මට්ටමෙන් zoom තාක්ෂණේ මගින් ඔන්ලයින් පාඩම් ඉගැන්වීම සිදු කරන බව මේ වන විටත් ඔබ දන්නවා ඇති.
අනාගතය ඇදයි දුරකතන සමාගමේ අන්තර්ජාල පහසුකම් මගින් එකම කොටස නැවත නැවත් ආවර්ජනය කරමින්, දුරකතනය ඔහෙට මෙහෙට කරමින් ,සිග්නල් ලබා ගනිමින් ,පැයේ පාඩමක් අපා දුක් විදිමින් පැහැදිලි කිරීමට මා උත්සහ ගනුයේ පාඩමට පෙර දින දෙක තුනක සිට අවැසි කරුණු ද සොයා ගනිමිනි .පොඩි උන්ට ඇසීමට ද ප්රශ්න රැසකි.එවුන්ට අවශ්ය තොරතුරු කෙසේ හෝ ලබා දීමට මා බැදී සිටී.එය සත්යයකි .
නමුත් ගැටලුව වෙනකකි.පත්වීම් විෂය වෙන එකක් වුවත් ඉතිහාසය විෂයද මා ඉගැන්වීම සිදු කරනවා.ගිය සතියේ ඉරු දින පාඩමේද ළමුන්ට නොයෙක් ප්රශ්න වැලකි.හොදින් බැලූ විට එකම දරුවෙකු මෙසේ අසන බව පෙනුනි.හොදින් මා කණ් දී අසා සිටින විට හෙමීට පිරිමි පුද්ගලයෙක් දරුවට ප්රශ්න යොමු කර බව තේරුනි.දන්න ඒවට මාත් පිළිතුරු සපයනවා.නමුත් ඒ කිසිවක් පෙළපොතේ හෝ ගුරු මාර්ගෝපදේශ සංග්රහයේ නොමැත.ඒ ප්රශ්න විශය බාහිර දැනුමට අයත් කොටස් ලෙස හදුනා ගන්න පුලුවන්.නමුත් අවශ්ය සියලු කරුණක් ම ගොනු කරගෙන මග නොඇරෙන සේ පාඩමට සූදානම් වන මා ඒ පාඩමට අදාල බාහිර කරුණුද සොයා සාකච්ඡාවට ගන්නේ දරුවන්ට තවත් ආසාවක් .,සොයාගෙන යාමක් අවශ්ය නිසාවෙනි.
එහෙත් දිගින් දිගටම මෙසේ වන විට මාගේ අවධානය ද ගිලිහී යයි.එසේම දේශන අවසානයේ දේශකයාගෙන් ප්රශ්න ඇසිය යුතු බව එම වැඩිහිටියාද නොදන්නවා ඇති.එසේ සිතමින් ගිය ඉරු දින පාඩම අවසන් කල විටම දුරකතන ඇමතුමකි.
‘සර් පාඩම හොදට කලා.පොඩි උන් ප්රශ්න අහනවා වැඩී නේද ?
‘ඒක හොදයි තාත්තේ,ආසාවෙන් හොයාගෙන පොඩි උන් ඉගෙන ගන්නවනෙ.’
ඒ මගේ පිලිතුරයි.
එයින් සෑහීමට පත් නොවූ ඔහු ඒ වුනාට සර් පොඩි කරුණක් කියා දෙන්න ගත්තෙ ඔයාට කියලා මොනවද හෑල්ලක් කියාගෙන ගියා.මගේ මනුස්සකමට ඉතින් අහන් හිටිය.හොදනෑනේ මිනිහෙක්ගෙ හිත රිදවන්න.
ඔහු පිරිවෙනක ඉතිහාසය උගන්නනවලු.මෙච්චර කාලයක් වැඩකලාලු.
මාගේ තත්වය ඔහුට පැහැදිලි කළ අතර මා සාපෙලින් පසු ඉතිහාසය උගත් විෂයක් නොවන බවත් මාගේ දැනුම මද බවත් දරුවන්ට පාඩමට උවමනා සියලු කරුණු බාහිරින් සොයා උගන්වන බවත් පවසා මා ඔහු සමග අවංකවම කතා කළෙමි.
හිතවතුනි,එයින් ද ඔහු සෑහීමට පත් නොවූ අතර අද දින ද ඔහුගේ කුඩා දරුවා මෙහෙයවමින් එසේම ප්රශ්න විචාරීම කරන ලදි.ඔහුගේ හඩ පැහැදිලිව ඇහුනත් දරුවා අපහසුවට ලක් කරන්නෙ කෝමද මම.??.
කිසිම විදියකට වත් ඔහු පාඩම එක දිකට කරගෙන යාමට ඉඩ නොදෙයි.දරුවා පෙරට දමා ඔහු මාව පිරිසයි.ඔහුට පිළිතුරු සපයන විට පාඩමේ කරුණු ගිලිහෙනවා.අවධානේ වෙනස් වෙනවා.පාඩම අවසානයේ වත් ප්රශ්න ඇසීමට තරම්වත් මානුෂික නොවන අසහනකාරී මිනිසෙක් මා මින් පෙර දැක නැත.
විසදුම් ලෙස’
සිග්නල් නොමැති බව පවසා කොලේක කරුණු ලියා සටහන් කර ගන්න කියන්නත් මට හැක.
වැඩ සටහන මියුට් කර කරගෙන ඉදිරියට කරගෙන යෑමටද හැක .
ඒ දෙකෙන්ම ළමුන්ට ගැටලු ඇතිවේ .පඩියක් අරන් හිතකින් එසේ කිරීමටද නොහැක.නොදන්නා දෙයක් අසා දැන ගැනීමට අවස්ථාව නොදෙන්නේ නම් මා කුමන මට්ටමේ මිනිසෙක්ද??
මගේ අවදානය නැතිකර අර මිනිසා කුමක් බලාපොරොත්තු වෙනවාද? දැනුත් එම ප්රශ්නයට මා පිලිතුරක් සොයමි.
හොදම දේ නම් ඊළග පාඩමෙත් එසේ වෙන්නේ නම් පාඩම කිරීමට අවස්ථාව ඔහු හට ලබා දී මා නිහඩ වීම නොවෙද?
අන්තෝජටා බහිජටාලුනෙ.😂😂
උපුටා ගැනීම: Sithija Suranga

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!