=(අ)යහපත් පුතා සහ සන්නස්ගලගේ රොටිය==== (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මුලින්ම කියන්න යන්නේ මාතෘකාවට අදාල නැති කතාවක්,
හැබැයි මේ කතාව අවසානයේ මාතෘකාවට එනවා,
බය වෙන්න එපා,
නිකම් චතුර ඩඩ්ලි සිරිසේන ඉන්ටව් කලා වගේ එකිනෙකට එකක් සම්බන්දයි,
මේ පෝස්ට් එක ලියන්න දෙන්නේ නෑ මදුරුවෙක් කනවා අප්පා,
මරණවාද,
අණ්ඩක් කඩලා යවනවාද බැලුවේ,
එහෙම යැව්වොත් අඩුගානේ අනිත් එවුන්වත් දකී…
හරි,
කතාවට බහිමු,
වල්පල් ඕනේ නෑ,
ඒ ලෙවල් එහෙම ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ ඔන්න දවසක් ගමේ දෙතුන් දෙනෙක් එක්ක අඩියක් ගහලා එනවා ගෙදර,
අඩි කියන්නේ ඉතින් හොඳ බ්රැන්ඩි එකක් එක්ක සැන්ඩි වලට ජින්ජේල් අරගෙන,
බයිට්ස් වලට රයිස් එකයි,
හැම්,
චිකන් ඩීප් ෆ්රයි,
පෝක් ඉස්ටූ,
අනියන් පගෝඩාස්,
පොචැචෝ චිප්ස් එහෙම දාලා,
වේටර්ස්ලා ටොට් එක එක සර්ව් කරන තැනක,
ෆුල් ඒ සී එකේ ගහපු අඩි නෙවෙයි,
සතෙන් සතේ එකතු කරලා රහසේ කැටයකට දාලා,
පාරේ යන එන අඳුරන ඩයල් ටෝක් කරගෙන,
කීයක් හරි ෆිට් එකට ඉල්ලාගෙන,
අමාරුවෙන් ඝල් බෝතලයක් ලයින් කරලා,
අර මස්සිනා වගේ සිරාවටම වඩේ ටිකක් අරන්,
සෝඩාත් නැතුව වඩේ එක්ක ගහන්නේ ශොට් එක වතුර සැන්ඩි කරලා,
හම්මා….
ඒකේ සැප ඒ කාලේ…
අතේ සතේ නැති වුණත් අර ප්ලාස්ටික් කෝප්පෙන් එකක් උගුරට හලා ගත්තාම හිතේ සතුට හරි තියනවානේ අංශු මාරසිංහ,
බොන්න කලින් ඉතින් ඔන්න මගේ සන්තකේටම තියෙන්නේ මෙච්චරයි කියලා දානවා 500ක්,
එවෙලේ පර්ස් එකත් අදිනවා,
අනේ නෑ,
පර්ස් එක බලලා බලලා රුපියල් දෙකේ කාසියක් එනවා අතට,
ඒක අහසට අල්ලලා බලනවා ඔරිජිනල් දෙකේ කාසියක්ද එහෙමත් නැත්නම් රන් කාසියක්ද කියලා,
නෑ රජයෙන් ගහපු දෙකේ කාසියක්,
ඔන්න දැන්,
ගන්ඩ,
කැඩුවද,
වඩේ ටික දැන්මම කෙලලා ඉවර කරන්ඩ එපා බන්,
නෑ කැඩුවේ නෑ,
ආ ගන්ඩ බෝතලේ,
නෑ නෑ ඔයා කඩන්ඩ බෝතලේ,
ඔය වඩේ හැලෙයි බන්,
ඔච්චරමයි තියෙන්නේ,
මේකට වතුර එකක් ගෙනෙන්කෝ ටැප් එකෙන්,
වතුර බෝතලයක් ගම්මු,
නෑ ඒ සල්ලි තියා ගනින්,
ඔන්න ගත්තා,
චියර්ස්,
චියර්ස්,
දැන් ගානවා,
හෝ ගහලා කට්ටිය,
ඉවර වුණාම,
මගේ ඇතුලේ ඉන්න අවංක සතා එනවා එළියට,
“හරී…
ශල්ලි…ද…මව්දි…
මේයිම…කර්ර්ර්මු…
හංදියේ…කඑන් ඉල්ලාගන්න,
මං හෙට්ට දෙන්න්න්න්න්නම්..”
කියලා අත පද්දලා අරගෙන කම්මුලේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට පිහ දානවා කට දකුණු පැත්තේ කණ ගාවට ඇදෙනකම්…
ඊට පස්සේ වඩේ ඉවර හින්දා ඒකේ තියන ලූණු කෑල්ලක් කනවා…
ඕම ඕම ජීවිතයක් තිබ්බේ…
දවසක් දැන්,
නදී ගංගා තරණයේ සැරිසරාසෙන මාරුතේ
ඉන්ද්රඛීලයක් සේ ගසලා සිංහයා ඔබයි කියලා එනවා ගෙදර,
යකෝ…
අපේ ගෙදර වගේමයි,
ඒ වහලේමයි,
මිදුලත් ඒමමමයි….
හුට්ටපර දණඩ කරේ…
අපේ ගේ…
ඔන්න ගේ දකිද්දී තරු පේනවා,
අනවශ්ය ලෙස රිජු වීමට උත්සාහා දරණවා,
අඩිය අවධානෙන් තියනවා,
දසන් නොදක්වා සිනාසෙනවා,
උතුර බලා ඇවිදිනවා,
ඕම ඕම වෙනවා…
අත ගත්තා කට ගාවට…
“හහ්…” ගාලා පිම්බා අතට,
ඒමම සුවඳ බැලුවා,
“තුහ්: “
අරක්කු ගඳේ බෑ…
“කාපන් මචන් එනසාල්”
ඔන්න සෑම් අයියා කීවා,
කෑවා එනසාල්…
කෝමින් කෝම හරි ගෙදරට නෝන්ඩි වුණේ එනසාල් හින්දා…
කෝම හරි ඔය කියන රාහු මාරු කාලේ මම ගෙදර චාටර් කූඹියා වෙලා හිටියේ…
ඔන්න දැන් අපි වැදගත් විදිහට උඩ තියන මාතෘකාවට එන්ටර් වෙමු,
මේ මාතෘකාව එන්නේ මේම වෙලා නෝන්ඩි වෙලා ඉන්න කාලේක කියලා කියන්න ඕනේ හින්දයි,
👇👇👇👇👇
මෙන්න මේකයි කතාව,
පෝය දවසක ඒ කාලේ පෝ දා වැඩසටහනකදී උපුල් සාන්ත සන්නස්ගල කතාවක් කීවා,
ඒ කතාව තමයි දවසක් එයා ක්ලාස් යන කාලේ ක්ලාස් යන්ඩ කලින් උදේ අම්මට වැඳලා යන්ඩ අම්මා කොහෙද බැලුවාම අම්මා ලඟ තිබුණ අනුන්ගේ වත්තක තේ දලු කඩ කඩා ඉඳලා තියෙන්නේ,
එයාලා ජීවත් වෙන්නේ අම්මා ඒ වත්තේ තේ දළු කඩලාලු,
“අම්මේ මම පන්ති යනවා”
කියලා සන්නස්ගල අම්මාට කෑගහලා කීවාම
“පුතේ ඔය කුස්සියේ රොටියක් ඇති,
ඒකෙන් බාගයක් කාලා පලයන්”
කියලා සන්නස්ගල ගේ අම්මා කීවාලු.
ඉතින් ඒ වෙනකොට අම්මා උදේට කාලා තමයි වත්තේ දලු කඩන්ඩ ගියේ කියලා හිතාගෙන සන්නස්ගල ඒ රොටියම කලින් කාලලු තිබුණේ,
ඉතින් එයා දන්නවලු ඒ තියන්න කියපු රොටී බාගේ කියන්නේ අම්මාට මුලු දවසටම කන්න තිබුණ ආහාරේ කියලා,
මොකද සන්නස්ගල දන්නවලු ඊට අමතරව එක හාල් ඇටයක් එදා ගෙදර නෑ කියලා…
ඒ හිත් වේදනාවට සන්නස්ගල දවස් තුනක් යනකම් නොකා හිටියාලු තමන් අතින් වුණ අත්වැරැද්දට තමන්ගෙන්ම පලි ගන්ඩ.
ඔන්න ඔය කතාව සන්නස්ගල කීවා ඒ පෝදා වැඩසටහනේ,
අපේ අම්මා,
“බලන්න කොච්චර ගුණ ගරුක දරුවෙක්ද සන්නස්ගල කියන්නේ,
තමන් අතින් වුණ වැරැද්දට දවස් තුනක්ම යනකම් නොකා ඉඳලා”
කියලා මාත් එක්ක කීවා…
මාත් ඉතින් ගොඩක් සංවේදීව ඒකට හූමිටි තිබ්බා,
———-
ඔහොම ටික දවසක් ගෙවිලා ගියා,
දැන් අපි ගෙදර කට්ටිය රෑ සාලේ ටීවී බලනවා,
අම්මා අප්පච්චී සහ ඉගෙනීමට අදක්ශ,
මතට ලොල්වූ,
රස්තියාදු ගහන ලොකු පුතා…
මෙන්න උපුල් සාන්ත සන්නස්ගල ඉන්නවා ටීවී එකේ,
අපේ අම්මා බොහොම හැඟීම්බරව ගත්තා මයික් එක අතට,
“අපේ එවුන් අපිට මෙහෙම කලාට ඔය සන්නස්ගල ඉස්සර පන්ති යන කාලේ උදේට ගෙදර රොටියක් තිබිලා ඒක කාලා,
අම්මා ඉතුරු බාගේ….
බ්ලා බ්ලා බ්ලා…
(අප්පචී මා දෙස බලයි,
මම ටීවී එක බලයි,
අම්මා අප්පච්චී දෙස බලයි,
මම දම්රෝ පුටුව නියපොත්තෙන් හූරයි)
බ්ලා බ්ලා බ්ලා…
ඉතින් අන්තිමට ඒ වුණ අත්වැරැද්දට තමන්ගෙන්ම පළිගන්ඩ ඕනේ හින්දා ඒ මනුස්සයා කරලා තියෙන්නේ දවස් තුණක් නොකා ඉඳලා තමන්ගෙන්ම පළිගන්ඩ,
බලන්ඩ කොච්චර ගුණයහපත් කෙනෙක්ද”
කියලා සන්නාගේ පට්ටන්දරේ දිග අරින ගමන් හීනියට වචන වලින්ම් ගැහුවා මට අත දිග ඇරලා කණේ පාරක්,
මම ඒක අහලා සංවේදී බවක් ඇඟට ගත්තා,
ඇස් පුංචි කළා,
කං කඩා වැට්ටුවා (ශ්රේක් එකේ පූසා වගේ)
පුටුවේ හරිබරි ගැහිලා වාඩි වුණා,
ගෙදර අය දැනගත්තා මම දෙයක් කියන්න යන්නේ කියලා,
මඳ අහිංසක සිනහවකින් මුව සරසා ගත්තා
ඇඟට පතට නොදැනී,
“ඔව් අප්පච්චි,
ඒ කතාව මමත් අහගෙන හිටියා,
ඒ දවස් තුණේම සන්නස්ගල කන්නෙත් නැතිව එක දිගටම බීලා”
කියලා කීවා විතරයි අප්පච්චිට බකස් ගාලා හිනා ගියා,
දැන් මායි අප්පච්චියි හිනා වෙනවා,
අම්මාට තදවෙලා හොඳටම,
අම්මාට තදවුණා කොහොමද කියනවානම්,
මට පරණ වැරදි ඔක්කෝම කිය කියා බැනගෙන බැනගෙන ගියා,
අන්තිමට හිටපු තැනින් නැගිටලත් ගියා…
අව අටවක සඳේ සඳ රැස් වැටිලා තිබ්බා,
සඳ රැස් අතරින් වෙනදා පරිසරය ආලෝකමත් කරන කණා මැදිරියෝ පියෑඹුවේ නෝක්කාඩුවට වගේ,
මා වවුළෝ පියෑඹුවා,
බීපු වවුළෝ ගෙදර යන්න බැරිව පියාඹ පියාඹ ආකාසේ හිටියා,
තව සමහර එවුන් එනසාල් ඇට කාලා ගෙදර ගියා,
අම්මා ලඟදිත් ඒ මම කියපු කට කැඩිච්ච කතාව මතක් කරලා හිනා වුණා…

උපුටා ගැනීම: Tharu Rajapaksha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!