“චුටි බබා මෙන්න මේ නම ෆේස්බුක් එකේ සර්ච් කරලා ප්රොෆයිල් එක ගන්න්කො”
(චුටිබබා..යාලුවෙක්ට ඒම ඇහුන නම් වහ කන්න වෙන්නෙ. චූටි මදිවට බබා කෑල්ලකුත් දාලා. ගෙදර පොඩි එවුන් ඔක්කොගෙම ඉරනම ඕක තමා. මාත් දැන ගත්තෙ යාලුවෙක්ගෙ අම්මගෙ පෝන් එකට කෝල් එකක් ගත්ත දවසෙ.
“චූටි මැනික ඔයාගෙ යාලුවෙක්ගෙන් කෝල් එකාක්.” පෝන් එකේ එහා කෙලවරේ ඉන්න මට බකස් ගාල හිනා ගියා)
“කෝ මොකක්ද නම? කවුද අම්මි ඔයා මේ බලන්න හදන්නේ?”
“අයියා යාලු වෙලා ඉන්න දරුවා”
(ඉබ්බා දියේ දැම්මම ඇන්නාවේ කිව්වලු)
“හ්ම් හ්ම් නම මොකක්ද? “
“ශානි” (අකුරු දෙකයි.දැන් හොයපන්කො ප්රොෆයිල් එක අකුරු දෙකකින්)
“ඒම අමාරුයි හොයන්න අම්මි. තව කෑල්ලක් නැද්ද? වාසගම හරි කමක් නෑ.”
“හරි හරි ඔයා බලන්නකෝ. මට මූන මතකයි. පුතා මට පොටෝ එකක් පෙන්නුවා”.(අම්මටසිරි පොටෝ එකකුත් පෙන්නලා.හරි එහෙනම් ජය සිරි මන්ගලම්)
කෝමෙන් කෝම හරි බලලා බලලා එක ගැලපෙන ප්රොෆයිල් එකක් හොයා ගත්තා.
“ආ..ඒ ලමයා තමයි.ඔව් ඔව් එයාම තමයි”
(මට නම් සත පහකට ෂුවර් නෑ.ඔය කිව්වට අම්මිට අවුරුදු 5ක් තිස්සේ ඉන්න මගේ හොදම යාලුවෙගෙ මූන මතක නෑ)
තියෙන හදිස්සියට මාත් නම විතරක් ලාවට බලලා පොටෝ බලන්න ගියා. ම්ම්ම්..අක්ක නම් ලස්සනයි. කොන්ඩේ ඉන ගාවට. කොන්ඩෙට ආසාවක් නැති මගේ කන ගාවට. අපේ නසරානියගේ පැත්තකින් තියන්න බෑ අක්කව. හැබයි මාර ස්ටයිලිෂ් වගේ.
“අනේ චූටි බබා අයියට මීට වඩා ලස්සන ගෑනු දරුවෙක් හොයාගන්න තිබ්බා නේද?”
(මොකක් කිව්වා..අම්මිට ඉතිම් මිස් ශ්රී ලන්කා පෙන්නුවත් ඇදයක් කියයි. මොනවා උනත් අක්කා දැන්ම අම්මිගෙ ලේලි වෙලා ඉවරයි වගේ. ” ගෑනු දරුවා” ඒ වචනේ ලස්සන)
“පොටෝ ටික පස්සෙ බලමුකො. කෝ බලමු විස්තර” (මොනවා උනත් මගේ වෙන්ඩ නෑනනේ. හොයලා බලන්න එපැයි)
මගුලයි. “ශානි ශානි” ඝණ නාමයයි සුලු නාමයයි දෙකම එකයි. මේ මොන සත්ත්ව විශේශයක්ද? ඒ අස්සේ මට බයෝ මතක් වෙනවා. සිලබස් එකේ නම් ඒම දෙයක් ගැන කියලා තිබ්බේ නෑ. කොහෙද ඉතිම් අපේ එකා කලේ මැත්ස් නේ. ඕව්වා දන්නවැයි එයා.
“මොන ජොබ්ද අනේ මන් තාම චුටිනේ.”
මගේ රුධිර ගමනාගමනේ වැඩි වෙනවා වගේ. ඇයි දෙයියනේ ෆ්බී වල උදේ හවස ශෙයා වෙන්නෙ මේම තියෙන ප්රොෆයිල් අන්ගවිකල ජීවිත කියලනේ. මාත් ඔව්වා හරියට දන් නෑ. පෝස්ට් වල තියෙන්නේ ඒමනෙ ඉතිම්.
ඕන මන්ගල්යක් කියලා මන් ගියා ආයෙ පොටෝ බලන්න.
මගුලයි. ටික් ටොක් කරන කෙනෙක්. මට නම් ඔය දේ ගැන මධ්යස්ත ආකල්පයක් තියෙන්නේ. ඒත් අම්මිගෙ මූන දැක්ක නම් හිතුනේ ලන්කාවට බුරව් ආව කාලෙ වගේ කියලා.
“මේ මොන උඩැක්කියක්ද ? ඒ පාර නම් මගේ හිතේ සද්දේ කටින් පැන්නා.
“ඒකනේ පුතේ අයියා රැවටිලා වගේ.”
“ඇයි අයියා තොත්ත බබා ද? රැවටිලා කියන්නේ. අනේ අම්මෙ විකාර නොකියා ඉන්න.” (කාගේ වැරද්ද උනත් අම්මලට ඉතිම් පුතා හොද කෙනා වෙනවනේ. අපගමන ඇති අවස්තා නැතුවම නොවේ.)
මේක හරි යන් නෑ. දැන් නම් ටිකක් බයයි වගේ. ලොකු කම පැත්තකට දාලා අයියට මැසේජ් එකක් දැම්මා අක්කගේ පොටෝ එකක් එවන්න කියලා. තත්පරෙන් දහයෙන් එකකදි පොටෝ එකක් ආවා. යටින් කැප්ෂන් එක්කුත් දාලා.
“ඔන්න තමුසෙ වගේ එක්කෙනෙක්ම හොයා ගත්තා.” හිනා මූනුයි අරවයි මේවයි ගොඩයි. (මේ යකා මන් අක්ක ගැන අහන්කම්මද කොහෙද බලන් ඉදලා තියෙන්නේ..අයියෝ පව්. මගේ ලොකු කමට මන් මෙච්චර කල් ඇහුවේ නෑනෙ.)
පොටෝ එක ඕපන් කලා.
ස්ට්රේට් කරපු කොන්ඩේ කන ගාවට.
මන් අම්මි දිහා බැලුවා.
“මට මතක තිබ්බෙ පුතේ ඒ දුවගේ කොන්ඩේ ඉන ගාවට තිබ්බා කියලා වගේනේ.”
විනාඩි කට්ට රවුමක් ගහලා එනක්ම්ම මාව මහන්සි කරවලා බ්ල්ඩ් ප්රෙශර් එකත් වැඩි කරවලා ඒ විදියට කෙටි උත්තරයක් දීලා අම්මි එයාගෙ වැරද්ද භාර ගත්තා.
ආයේ අක්කා ගැන අහනවා නම් අයියගෙන්ම අහ ගන්න එක මගේ ශරීර සෞඛ්යයට හොද බව මම තීරනය කලා.
උපුටා ගැනීම: Shani Dissanayake