කෙල්ල බඩුවක් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මොකද හිතුනෙ.දැක්ක ගමන් නැවතිලා බලන්න හිතුනා නේද..? මේක ගැන මට කතා කරන්න හිතුනෙ අපි ජීවත්වෙන වටපිටාවෙ වගේම සමාජ මාධ්ය ජාලා හරහා අද ගොඩක් කෙල්ලො ගැන අපූරු විදිහට කතා බහට ලක්වෙන නිසා.අපිට තියන ලොකුම ප්රශ්නෙ තමයි ඇයි වැඩියෙන්ම කෙල්ලො මාකට් වෙන්නෙ කියලා.ඔයත් කෙල්ලෙක් නං ඔයාටත් කොතනකදි හරි මෙහෙම හිතිලා ඇති.ඇයි කොල්ලෙක් වැරදි දෙයක් කලොත් ඒක මෙච්චර මාකට් වෙන්නෙ නැත්තෙ.
මේ ප්රශ්නෙට උත්තර හොයනකොට මට හිතුනෙ ලංකාවෙ ඉන්න බහුතරයක් ගෝත්රික ජීවිත ගෙවන අය කියලා.මං කියන්නෙ හැමෝම එහෙමයි කියලා නං නෙවෙයි.අද ගොඩක් උදවිය හිතං ඉන්නෙ අත්පුඩි ගහන්න එක අතක් තිබ්බම ඇති කියලා.කාමර ඇතුලෙ ආදෙරේ හොයලා අන්තිමට කෙල්ලෙක් බඩුවක් කරන්න ගොඩක් උදවිය දක්ෂයි.ඒ උනාට අත්පුඩි ගැහුවෙ අත්දෙකෙන්ම කියන කාරනය අමතකයි.කෙල්ලෙක් සම්බන්දව මොකක් හරි සිද්දියක් ලොකු කරගෙන ඒක ඔච්චර ප්රසිද්ද කරන්න දගලන්නෙ ඇයි.ගොඩක් උදවිය තමන්ට පොඩි සතුටක්,ජොලියක් ගන්න ඒ දේ මහා ලොකුවට ප්රසිද්ද කරන්න දගලනවා.එහෙම කරන අයගෙ හැන්ගිලා තියන කුනු කන්දරාව වගගෙන.ගැහැනු-පිරිමි කියලා ලිංගිකත්වය පදනම් කරගෙන සමාජය වර්ග දෙකක් උනාට ඒ ලිංගිකත්වය ඔච්චර උඩදාගෙන දගලන්න ඕනි දෙයක් කියලා මං නං හිතන්නෙ නෑ.
මේක අපේ සංස්කෘතියෙ වැරැද්දක්ද? නැත්තං ආකල්පවල වැරැද්දක්ද.?කෙනෙක්ට මේ දෙකන් කැමති දේකට තමන්ගෙ මතය කොටු කරන්න පුලුවන්.ඒත් මං හිතන්නෙ මේක ආකල්පවල ගැටලුවක් කියලා.හැම කෙනෙක්ටම තමන්ටම කියලා පෞද්ගලික ජීවිතයක් තියනවා.ඒ පෞද්ගලික ජීවිතය නේද මේ සමහර උදවිය මෙච්චර මාකට් කරන්නෙ.මොකක් හරි උනාම ඒ දේ මාකට් කරලා උඩ පැනලා ජොලි කරන්නෙ තමංගෙ රෙද්ද ගැලවෙනකං විතරයි කියලා මට හිතෙන්නෙ.මං මේ දෙයින් අදහස් කරන්නෙ නෑ අපේ වටපිටාවෙ ඉන්න හැම කෙනෙක්ම මේ කොටසෙ කියලා.
සාමාන්යයෙන් අපි බඩුවක් කියනේ වෙළදපොලේ ගන්න තියන දේකටනෙ..එහෙම එකේ කෙල්ලට බඩුවක් කියලා කියනවා නං ඒකි ඇදක්,පුටුවක්,මේසයක් වෙන්න ඕං.නැත්තං සබන් කෑල්ලක්,මිරිස් තුනපහා ටිකක් වෙන්න ඕනි..සිංහල භාෂාව අනුව බැලුවොත් එහෙමයි. කෙල්ලට “බඩුවක්” කියනවා නං ඒකට පුරුෂ ලිංග පදයකුත් “බඩ්ඩ” කියලාවත් අඩුම තරමෙ තියෙන්න ඕනි.🤣🤣නැත්තං ගැලපෙන්නෙ නෑනෙ.
අපි නිකමට මෙහෙම හිතමුකො.කෙල්ලෙක් කුනුහරපයක් කිව්වම ඒක මිනිස්සු මහා ලොකුවට දකිනවා. ” ඒකි මහ බඩුවක් ද කොහෙද.බලපංකො ඒකිගෙ කටේ හැටි.කිසිම හැදියාවක් නෑ.” ඔය වගේ රටේ නැති කතා ඉතිං.ඒ උනාට කොල්ලෙක් බැරි වෙලාහරි ඔහොම නොකියා කට වගගෙන පාඩුවෙ හිටියොත් ” අපෝ බං ඌ ගෑනියෙක් වගේනෙ.මෙලෝ රහක් නෑනෙ.” ඔය වගේ කතා තමයි.
මොකක්ද මෙතන තියන ඔය කියන වෙනස.ඔයා කියයි ගෑනියෙක් උනාමයි පිරිමියෙක් උනාමයි ඉන්න ඕනි විදිහක් තියන්වනෙ කියලා.නෑ.ඒක එහෙම නෙවෙයි.අපිට කලිං කිව්ව විදිහට හිතෙන්නෙ අපි සංස්කෘතියට කොටු කරලා හැමදේම හිතන්න ගිහාමයි.ගැහැනු පිරිමි කියලා හැඩයෙන් වෙන් උන පලියට මං හිතන්නෙ නෑ කරන්න ඕනි මොනවද නොකරන්න ඕනි මොනවද කියලත් දෙගොල්ලන්ටම වෙන් වෙන්න ඕනි කියලා.එහෙම උනාම තමයි මොකක් හරි උන ගමන් සමහර උපසක මහත්වරු ඒක උඩදාගෙන දගලන්නෙ.
හැම හොද කෙනෙක්ම හොදම කෙනා වෙන්නෙත් නෑ.හැම නරන කෙනාම නරකම කෙනා වෙන්නෙත් නෑ.ඒක නිසා ඒකි බඩුවක් කියලා සමාජය ඇතුලෙ ලේබල් ගහලා මාකට් කරන්න කලින් හිතන්න…..,
හිතන තරං අපි සමාජයේ පට්ට පොරක්ද කියලා.මොකද පට්ට පොරවල් කවදාවත් තව කෙනෙක්ගෙ පෞද්ගලිකත්වයක් මාකට් කරන්නෙ නෑ..
Kuyeen
මූලාශ්‍රය: Ranjani Indi

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!