අපුුරැ බුලත්විට (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සෑම පාසල් නිවාඩු කාලයකදිම මහ අමිමාට(අමමිමාගේ මව)ගෙදර වැඩ වලට උදවි කරන එක මාගේ පුරැද්දක්.මහඅමිමාගේ බුලත් වැල සරැවට හැදිල.බුලත් දණ්ඩ හිටවපු දවසෙ ඉදන් ඒකට කරන සාත්තුව නිසා හොදින් වැඩි ඇත.බුලත් දණ්ඩ පැල කරේ මුරැංගා ඉන්නක් ලග.මුරැංගා ඉන්නත් සරැවට වැඩි එහි කොල ගිහිප දවසක් ව්යාංජන හදා කෑවෙිය.ගිය පාසල් නිවාඩු කාලයේ මමත් හවුල්කරගෙන බුලත් වැලට මැස්සක් ගැහුවෙ දැන් මාස තුනකට පමණ උඩදි.දැන් ඒ මැස්සෙ බුලත් අතු පිරිල ඒදෙස ටික වෙිලාවක් බලා හිටපු මහඅමිමා මම දිහා බැලුව.
………..පොඩි කෙල්ල ඔලුවෙ තෙල්ගාගෙන උබ බුලත් මැස්ස යටින් යන්නෙ එහෙම නැහැ.
මම ඒ දේ නෑසුනාසේ හිටියා.
උබට ඇහුණද කියපු දේ.
ඔවි
ඒකට හේතුව අහන්න හිතුන එක්කම.
“පොල්තෙල් කොල වල ගෑවුනාම කොල සවුත්තු වෙනව” මගේ හිතේ තියන දේ වැටහිලා මෙන් මහඅමිමා කිවෙිය.
මගේ ජිවිතයේ හොදම ගුරැවරිය ඇයයි.ඇය කියා දුන් බොහෝ ගුරැහරැකමි අදටත් මට වැදගත් වෙනවා.
ඊට සතියකට පසු බුලත් වැල දිහා බලාගෙන මහඅමිමා මොන මොනවද හයියෙන් කියවන නිසා මම ඒ දිහාට ගියා.
කෝ ඉතින් මෙි ගෙදර උන් හිටිය කිය මෙිව ගැන සෙවිල්ලෙන් ඉන්නවය.
ඇයි මහඅමිමෙ.
ඇයිද අහන්නෙ පේන්නෙ නැතිද බුලත් කොල කඩල තියනව.
කෝ කොහෙද කොල වල අඩුවක් නැහැනෙ.
ඇයි නැත්තේ හොදට බලපන් මෙි මෙතන කොල දෙකක් කඩල මෙි එහා පැත්තෙත් කොල කඩල.මමවත් තවම එක කොලයක් කඩල නැහැ.කඩෙන් සල්ලි දිලා මම කන්නෙ.තවම හැදිගෙන එන බුලත් වැල.ගහක් කොලක් හදන එකා තමයි ඒකේ මහන්සියයි අගෙයි දන්නෙ.
ඇය කින දේ සැබෑවකි.පොඩි ඉඩ ප්රමාණයක උවද කමිමැලි කමක් නැතිව බොහෝ පැලෑටි වගා කර ඇත.කහ පාත්ති තුන හතරක්.ඉගුරැ පාත්තියක්.⁣මිරිස් පාත්තියක්.මුකුනුවැන්න පාත්තියක්.ජමිබු ගසක්.පේර ගසක්.මැංගුස් ගසක්.අනෝද ගස් දෙක තුනක්.දෙහි ගසක්.බිලිං ගසක්.කරපිංචා ගස් දෙකක්.කතුරුමුරුංගා ගසක් මෙවැනි බෝග රැසක් සමග විශාල කොස් ගස් දෙකක් දෙල් ගසක් මෙි සියලු දේ මහඅමිමා විසින් වගාකර ඇති බව මම දනි.කොස් ගස් දෙක පැලකර ඇත්තෙ ඇය දිිග ආ මුල් කාලයේ වග ඇය මට කියා ඇත.පැලයක් වගා කරන මුල් අවදියේ සිට ඒවාට කරන සාත්තුසප්පයමි මා දැක තිබුණි.අමු ඇල්දිසිය කොල වියලි ගොම සොයාගෙන ඇවිත් පැලය මුලට දැමිිමට පෙර කෝටුවක ආධාරයෙන් මුල වටා පස බුරැල් කරයි.උදේ හවස වතුර දමයි.
බෙහෙතකට කහ අල කෑල්ලක් ගෙනියන්න අහල ගමෙනුත් අපේ ගෙදර සොයන් එයි.මහඅමිමා කහ අල දෙන්නෙ හරිම සතුටින් ලෙඩකට බෙහෙතක් දෙන එක ලොකු පිනක් යනුවෙන් කියයි.අල ගලවන කාලය ආවාම ඒව ගලවා නැවත පැල කිරිමට කහ අල ටිකක් ඉතිරි කර අනෙක් කහ සොදා පිරිසිදු කර තමිබා වෙිලා ගෙදර ගල් වංගේඩියේ දමා කොටා ගනි.කඩයකින් කහ ටිකක් මා දැනුවත්ව මිලට අරන් නැත.
වැල හරියාකාරව හැදුනම බුලත් කොලයක් මම නො⁣දෙනවය.බුලත් වැලට අත තියපු එකාට හොදක් වෙන්නෙ නැහැ දවසින් දවස කොල අඩුවෙන වැල දිහා බලාගෙන බුලත්විට කන කිහිප දෙනෙක් ගෙදර ලගින් යද්දි අවලාද කියනව මට ඇසුණි.
කඩපු කෙනෙක් දන්නෙ නැතිව මිනිසුන්ට බනින්න එපා මහඅමිමෙ.
අනේ උබ කට පියන් ඉදින් මෙි ගමෙි එකාලගෙ හැටි මම නොදන්නවය.
පොඩි කෙල්ලෙ මම දර ටිකක් කඩාගෙන එන්න තේ වත්තට යනව.උබත් මල්ලිල එක්ක සෙල්ලමෙි යනව නෙමෙයි ගෙදරදොර බලන් ඉදින්.දර කඩන්නම යන ගමනක් නොවෙන වග මම දන්නෙ මිිට පෙර ගිහිප දොහක් මමද දර කැඩිමට ගිහින් තිබෙන නිසා වෙනි.තේ වත්තට පහල කුඹුරු යායක් ඇත.කලවිටෙි හැදුන මුකුනුවැන්න ගොයමි ගස් අතර හැදුන ජබර.වෙල්ගහල දලු.වෙල් ගහල මුල්.ඔිලු නටු.කොහිල දලු අල.මෙිවද කඩාගෙන තමයි එන්නෙ.මෙිවා ඉතා රසවත්ව ව්යාංජන හදා අපට කෑමට දෙන අතර වෙිලද පිරිමසා ගනි.
මම දර කඩන්න යන්න හරි කැමති.මහඅමිමාට උදවිවන ගමන් අඹ,වෙරළු,මා දං,බෝවිටිය,හිඹුටු,එරමිණියා,බටකිරිල්ල ගමෙි පළතුරැ කඩාගෙන කන්න ආසයි.ඒවා මල්ලිලාටත් ගෙන එයි.
පොඩි එකියෙ බටකිරිල්ල දලු ටිකකුත් කඩා ගනින්.උබලට ව්යාංජනයක් හදල දෙන්න.පණු අමාරැවටත් හොදයි.එරබදු දලු බටකිරිල්ල දලු ව්යාංජනය පණු අමාරැවට හොද බව ඇය කියයි.
ගොරකා ගසක්ද වෙල අයිනට කිටිවුව ඇත. මම ⁣ගොරක මද කන්න රැසියෙකි.
ගොරක මදේ කාලා ලෙල්ල විසිකරනව නෙවෙයි.ඒ මහඅමිමාගේ අණයි.එහෙම එකතු කරපු ගොරකා වෙිලා කෑමට ගන්න අතර වැඩිපුර තිබුණොත් විකුණා මුදල් ගනි.
අන්න බලාපන් අත්තක ඉද ලෝලු
පපුව පලාගෙන අගනෙක් මදකාලු
කකාගිය ලෙල්ල රසකර උයාලු
අද බැරිනමි හෙට තෝරාපන් යාලු
මෙි සිිපදය ඇගේ මුවගින් නිතැතින් කිය වෙන්⁣නෙ මම ගොරක මද කද්දිය.
මහඅමිමෙි මමත් එන්නමි දර කඩන්න යන්න.
මමත් කැමති උබ එනවට.උබ එක්ක ගියාම මට ලේසියි.වැඩියෙන් දර ටිකකුත් කඩා ගන්න පුලුවන්.ඒත් අද ගෙරද ඉදින්.බුලත් වැලේ බුලත් ටික අපි දෙන්නම නැති වෙලේ කඩන් යයි.
මෙි බුලත් වැලක් නිසා මට මෙි ගමන යන්න නැත්තෙ.සෙල්ලමි කරන්න යන්න දුන්නෙත් නැහැ මෙි ටිකේ.බුලත් වැල පරිස්සමි කරන්න දැන් වෙලා තියෙන්නෙ.මගේ හිත කියයි.
වස පාලුයි තනියම ගෙදර ඉන්න.මල්ලිලත් පිටිටනියට යයි සෙල්ලමට.මට මෙි නිවාඩුවට සෙල්ලමි කරන්න යන්න උනේම නැහැ.
ගෙදර තිබුණ වැඩ ටිකත් ඉවර කරා.ගෙදර වත්තේ ගස්වල අවාරෙ නිසා පළතුරක් නැහැ.නැතිනමි අඹ අචිචාරැවක් දාගෙන කන්න තිබුණා.මහඅමිමා එකතුකරපු ගස්කජු දෙවනි දුමි මැස්ස උඩ ඇති බව මම දනි.පහතම දුමි මැස්සේ දර ඒ උඩට නැග උඩ දුමි මැස්සට නැග ගත් මම පෝර උර කිහිපයක් තිබුන නිසා අතින් ඔබා බැලුවෙමි.එකක වෙිලපු ගොරක.තව එකක වෙිලපු පුවක්.අනිත් එක කජු.උරවල කට තදට බැදල තියෙන නිසා ඇගිල්ලෙන් උරේ ටිකක් ඉරලා එතනින් කජු ඇට හත අටක් පැන්නුවෙි අහු නොවෙන්නටය.
කජු පලා මද ටික කඩදාසි කොලයක ඔතාගෙන කුස්සිය පිලිකන්නට ආව මම එතන තියන දොඹ ගස කුස්සියේ වහලයට තරමක් උසයි.අතු ඉති තියන නිසා ගහේ අතු දිගේ නැග වහලය උඩ වාඩිවි කජු කමින් වටපිට බලා සිටි මට අපේ වත්ත දිහාට එන නොයිහාමි ආචිචි දුටුවෙමි.වටපිට විපරමි කර අපේ වත්ත දිහාට එනව මම බලාගෙන හිටියෙ උවමනාවෙන්.උන්දෑ ⁣බුලත් වැල ලගට කිටිටු කරා කොල පහ හයක් කඩාගෙන පාරට ගියේ විදුලි වෙිගයෙනි.මම දන්නා කාලයෙ සිට හැම දවසකම නොයිහාමි ආචිචි ගමෙි ඇවිදිනව ඒ පොලි සල්ලි එකතු කර ගන්න.සල්ලි යහමින් තියන නිසා ගමෙි නැතිබැරි කොයිකවුරැත් මුන්දෑගෙන් පොලියට සල්ලි ගනුදෙනු කරගන්න බව මම දනනව.අපේ මහඅමිමාත් අගහිගකමි ඇති උනාම පොලියට ගන්නව.පොලි සල්ලි පරක්කු උනාම නෝක්කාඩු කියනව.එහෙමත් සල්ලි තිබියදි ඇයි බුලත් කොලයක් ගන්න බැරි කඩෙන් සල්ලි දිල.
මෙි දේ මහඅමිමාට කියුවොත් මුන්දෑ එක්ක රංඩු අල්ලයි.නොයිහාමි ආච්චිගේ හත්මුතු පරමිපාරවටම බනි.ගමෙි අයත් බලන් ඉදි.ඒක හොද නැහැ.සමහරවිට මෙි පලවෙනි දවස වෙන්නත් බැරි නැහැ.⁣කොහොම උනත් මුනදෑ ගැන සෙවිල්ලෙන් ඉන්නව කිය හිතා ගත්තා.
සෙනසුරාදා ඉරිදා ඉස්කෝලෙ නිවාඩු නිසා මම ගෙදරදොර වැඩ කරන අතර මහඅමිමා අත්ලණු අබරයි.
උබ ගෙදර ඉන්න දවසට මට ලේසි පුතේ.වැඩියෙන් ලණු ටිකක් අබර ගන්නත් පුලුවන්.මගේ මහඅමිමා මොන වෙිලාවකවත් නිකන් ඉදිනු මම දැක නැහැ.නිදි ගන්නෙත් අඩුවෙන්.අපි නිදිගත් පසුත් අත් ලණු අබරයි.උදේම නැගිටලත් අත්ලණු අබරයි.මෙි ලණු විකුණා ගන්නා මුදල් වලින් අපේ වියදමි දරයි.
අමිමලා තාත්තාලා දරැවන් හදන්න වෙහෙස මහන්සි විිම මම දැක ඇත.මෙි දරැවන්ගේ දරැවන් පෝෂණය කර උස්සහත් කරන්න මැය ගන්නා දහිරිය අගේ නොකර බැරිය.
නොයිහාමි ආචිචි එනවා ඈතදිම මම දුටිමි.මහඅමිමා ගේ මුල්ලක අත්ලණු අබරමින් ඇත.මම කෙසෙල් පදුරට මුවා උනේ නොයිහාමි ආචිචි ගෙදර ලංකරනව දැක්ක නිසා.වටපිට බැලු මුන්දෑ බුලත් වැලට කිටිටුකර කොල කිහිපයක් කඩාගෙන ගියේය.එහෙනමි බුලත් වැලට වග කියන්නෙ මෙයා තමයි.මහඅමිමාට කියන එක හොද නැහැ.මම මොනාහරි කරන්න ඔින.
සෙනසුරාදා දිනයක මහඅමිමා ලොකු මාමාලහ ගියේ මට ගෙදර බලාගන්න කියල.අද මගේ වැඩෙි කරන්න හොදම දවස.නොයිහාමි ආචිචි එන මග උවමනාවෙන් බලන් හිටිය මම උන්දැ එනව දැකල උවමනාවෙන් කතාවට මුල පිරැවෙමි
නොයිහාමි ආච්චි ⁣කොහෙද මෙි යන්නෙ.
මම මෙි උඩහට ගිහින් එන්න යනව කෙල්ලෙ.
එනකොට මෙි පැත්තෙන් එන්න.මම කඩපු බුලත් ටිකක් තියෙයි දෙන්න.
මම එනකොට එන්නමි එහෙනමි.
හවස් නොවි එන්න.මම එහෙම කියුවෙ ඊට පෙර මහඅමිමා ආවොත් වැඩෙි කරන්න වෙන්නෙ නැති නිසා.
කියුව වගේම වෙිලාසන නොයිහාමි ආචිචි ආව.
මෙන්න බුලත් ටික.
උබට කිියක් ඔිනද.
මට සල්ලි එපා.
මෙික තියාගනින් කඩචොරැක් කන්න.
එපා එපා කමක් නැහැ.
මගේ අකමැත්ත නොතකා සත විසිපහක් ⁣මගේ අතේ තියා බුලත් මල්ල දිග හැර බලා කට කොනින් හිනහ විි යන්නට ගියේය.
ඊට පහුවදා පාන්දර නොයිහාමි ආචිචිගේ විලාපෙට ඇදෙන් පැන්න මම නිදි මතේ බිමට නොවැටි බෙිරැණේ නුුලෙන්
දුසිනෝනෙ මෙහෙට වරෙන්.
මෙි උදේ පාන්දර ගෙවල් වලට ඇවිල්ල බෙරිහන් දෙන්නෙ උබට පිස්සුද නොයිහාමි.අද නිවාඩු දවසේ පොඩි ඈයො තවම නිදි.
උබෙි පොඩි එකි හමිබ වෙන්න තමයි මම ආවෙි.එලිවෙනල් ඉස්පාසුවක් නැතිව මම හිටියෙ.අනේ මගේ කට හතර වටෙිම පැලිල හක්කපටස් එකක් කෑව වගේ.කිසිම දෙයක් කටට ගන්න බැහැ.
මෙි ගෑණි ඒක කාලද.මම උන්දැව රවටන්නයි කරේ.
වෙච්ච හරිය මට පැහැදිලි.තවත් හයියෙන් මුන්දෑ විලාප දුන්නොත් ගමෙි අයත් පිරෙයි.
නොයිහාමි ආචිචි ඇවිත් වාඩි වෙන්න.
මම ආවේ සෙන්සෙලෙප්පුවෙි වාඩි වෙලා සතුටු සාමිචියෙ කතාබහ කරන්න නෙමෙයි.උබගැන මහ ගෑණිට කියල යන්න.
මෙි මොතුත් නොදන්න මහඅමිමා මාරැවෙන් මාරැව අපේ මුහුණු දෙස බලයි.
ඒ මොකෝ නොයිහාමි මගේ පොඩි එකි උබට මොනව කරා⁣ටද.
හොද පොඩි එකි.අනේ මගේ කට.
ඇති ඇති වෙච්ච දේ කියපන්.
මට ඊයෙ හවස බුලත් කියල වල් ගමිමිරිස් කොල දිිල සත විසිපහක් ගත්තා.ඔන්න උබෙි පොඩි එකිගෙ වැඩ.
මහඅමිමෙ මම සල්ලි එපා කිව.
වහපන් කට.පලයන් ගෙට.
⁣අනේ….අනේ නොයිහාමියෙ මමත් බුලත් වැලට වෙන දේ හොයාගන්න බැරිව මෙච්චරකල් හිටියෙ.මෙි නොදන්න එකි රවටගෙන වැලේ බුලත් ගන්නෙ උබද එහෙනමි.
මොකක්ද මෙි උනෙ කලින් වැරදිත් මගේ පිට යන්නයි හදන්නෙ.
නැහැ මහමිමෙ නැහැ.
වහපන් කට පලයන් ගෙට.
ඇත්ත පහදන්න ඉඩක් නැත.
නොයිහාමි ආචිචිට පාඩමක් උගන්වන්න එහා වත්තෙ වැටෙි දුවපු වල් ගමිමිරිස් කොල විස්සක් පමණ කඩාගත් මම ඒ උඩින් වැලෙන් කැඩු බුලත් කොල හතරක්ද තිබිබෙි ඇස රැවටිිමටයි.තවමත් උන්දෑ බලෙන් දුන්න සත විසිපහ මගෙ ලග තියේයි.
නොයිහාමි වටෙිටම ගිනි පොලියට දෙන ගමන් උබට කඩෙිකට ගිහින් බුලත් අතක් ගන්න වත්කමක් නැතිද.පොඩි එකි රවටගෙන බුලත් කඩන් යන්නෙ.
අනේ මම උබෙි කෙල්ල රවටන් බුලත් කාල නැහැ.ඔය ඊයෙ බලෙන්මයි කතා කරල වල් ගමිමිරිස් කොල දුන්නෙ.බුලත් කොල හතරකට වඩා තිබුනෙ නැහැ.අනිත් ඔක්කොම වල් ගමිමිස් කොල.ඒක කෑව වෙලේ ඉදල වතුර ටිකක් කටට ගන්න බැහැ.කට හතර පැත්තම පැලිල.කලින් තිබුණ සැර බාල කරල නොයිහාමි ආචිචි කියල යන්නට හැරැණේ උන්දැගෙ හිත දන්නවනෙ කරපු හොරකම.
යන්තමි ඇති යනව.
අපහු හැරිැණු උන්දෑ
“දුුසි නෝනෙ දෙයක් කියනනමි උබෙි ඔය කෙල්ල හරියට හදා ගනින්.නැතිනමි ඉස්සරහට උබ ලොකු අමාරැවක වැටෙනවා”
හරි…හරි ⁣මගේ කෙල්ල මම හදාගන්නමි උබ පලයන් දැන්.
දැන් මගේ වාරයයි.කන්වල ඇබ ගහගත්තට කමි නැත.ඒ ඇස් ගිණි බෝල වගෙයි මට සිතුණි.
උබ නිසා රටෙි උන්ගෙන් වචන අහන්නත් උනා.උබව හදන්න මට බැහැ.අද ලොකු එකා අවාම කියල උබව මකවනවා.
ලොකු එකා කියන්නෙ ලොකු අයියාටයි.අමිමාගේ මද්දු අක්කාගෙ ලොකු පුතා තමයි අපි ගැන සොයා බලන අනෙක් කෙනා ඒ ලොකු අයියායි.තවමත් පාරක් ගහල නැති උනත් මම ලොකු අයියාට හරිම බයයි.මල්ලිලාටනමි වැරදි කරාම අැටිටෙිරිය කෝටු පාරවල් දෙක තුනක් ගහනවා දැක ඇත.
උදේට ⁣කන්න පිරියක් නැත.මහඅමිමා අදනමි ලොකු අයියාට මෙි වරද කියල මට බැට දෙයි.මහඅමිමා මම එක්ක වචනයක්වත් කතාවක් නැත.වෙනදනමි පොඩි එකියෙ අද නිවාඩු දවසෙ දවල්ට කන්න දෙයක් හදපන්.මම අත්ලණු ටිකක් අබරනකල් කියනව.
නොකිිවට කමි නැත දවල්ට උයන්න ගන්න ඔින.බතක් සමග දෙල් ගෙඩියකින් බාගයක් කිරිදමා හැදුවෙිය.කරවල කෑල්ලට බිලිං ගෙඩි පහ හයක් ලියා ලුණු වතුරෙන් මිරිකා රට ළුනු ⁣ගෙඩියකුත් දමා තෙම්පරාදු කර ගත්තේය.කතුරුමුරුංගා කොල සමිබලක්ද හැදුවෙිය.වෙනදටත් වඩා ගෙදර වැඩ කරන මම දිහා ඇහැක් ඇරල මහඅමිමා බැලුවෙ නැත.මෙතරමි වැඩ කොටසක් කරේ මහඅමිමාගෙ අනුකම්පාව ලබා ගනිමින් ලොකු අයියාට මා කල වරද නොකින තැනට ගෙන ඒමටයි.මහඅමිමාගෙ හැසිරිමෙන් පේන්නෙ මම අසමත් බවයි.
ලොකු අයියා දවල් කෑමට ගෙට ගොඩ වෙනව එක්කම මගේ කකුල් දෙකට වාරැ නැති උණි.
මහඅමිමාත් ලොකු අයියාත් ලංවෙන කොට මගේ කන් අගුල් වැටෙි.දැන් කියයි.ඒ මගේ හිතට දැනෙන දේ.
වෙනසක් නැත ලොකු අයියා බත් කා අත සෝදන සද්දෙ මට ඇහෙයි.
කෑම ටිකනමි පන්කාදුයි මහඅමිමෙි.
⁣පොඩි එකි අද ඉවිවෙ.ඉතා හෙමින් මහඅමිමාගේ හඩ ඇහුණි.මම අද කුස්සිය පැත්තකට ගියේ නැහැ.ගෙදර ඔක්කෝම වැඩ ටික කරා.පහල ලිදෙන් වතුර ඇදල පුරවද්දිනමි මගේ හිතට බයයි.වත්තෙ ඉඩක් බලල ලිදක් කපාගත්තනමි තමයි ලොකු පුතේ හොද කියා මහඅමිමා කිවෙිය.එහෙනමි අදත් මම බෙිරැණා කියන්නෙ ම⁣ගේ උපාය වැඩ කරා.
ඇස් වහක් කටවක් වදින්න එපා.ඒකිට උයන්න පිහන්න ගෙදර දොරේ වැඩ ටික පුලුවන්.ඒ ලොකු අයියායි.
ඇති යන්තමින් බෙිරැණා.
දවස් සති මාස අවුරුදු වලට පෙරලි සියලු දේ වෙනස් වෙද්දි මමද උස්මහත් විය.මම විවාහ වෙලා මගේ ලොකු දුව ලැබිල අවුරුදු ⁣දෙකකට පසු මහඅමිමා එකතැන් විය.මහඅමිමා බලාගැනිම මට ලොකු සතුටක්.මමත් මල්ලිල දෙදෙනත් උස්මහත් කිරිමට කැප කර කැපකිරිම මට හොදට මතකයි.
කතාවෙි ප්රධාන චරිතය වන නොයිහාමි ආචිචිත් මෙි වෙද්දි අබල දුබලයි.පුරැද්දක් හැටියට තවමත් ගම වටෙි යන්නෙ වෙනදා මෙන් සල්ලි පොලි කිරිමට නෙවෙයි.ඒ සියලුම වත්කමි උන්දෑගේ ලොකු පුතා සතුබව ⁣ගමෙි අය කතාවෙනවා මම අසාගෙනයි.අඩි දහයක් ඇවිද වැට ඉන්නකට වාරැ වෙන නොයිහාමි
ආචිචි දැක්කම මගේ හිතට අනුකම්පාවක් දැනෙයි.
එන්න ආචිචියෙ ගෙට. .දුටු තැන අතින් අල්ලා ගෙට ගෙනත් තේ කෝප්පයක් බුලත් විටකින් සංග්රහ කිරිම මගේ පුරැද්දක්.එකතැන් උන මහඅමිමා එක්ක ⁣පරණ දේවල් කතාබහ කරමින් සිටියි.මහඅමිමා එකතැන් උවද යහපත් සිහියෙන් පසුවෙයි.
දුුසි අක්කෙ උබෙි මෙි කෙල්ල මම දුටු තැන අතින් අල්ලන් ගෙට ගෙනල්ලා මට බුලත් විටකින් හරි සලකනව.
එකතැන් උන මටත් සලකන්නෙ ඒකි තමයි එහෙම කියා මහඅමිමා දිග හුස්මක් පිට කරේය.
ඒකි හදාගත්තට උබට වැරදුනේ නැහැ කියු නොයිහාමි අචිචි මගේ ඔලුව අතගෑවෙිය.අද වාගෙම එදා කියපු කතාව මට මතකයි.
“දුුසි නෝනෙ උබ ඔය කෙල්ල හරියට හදාගනින් නැතිනමි ඉස්සරහට උබ ලොකු අමාරැවක වැටෙනවා”එදා අපුරැ බුලත් විට කා ඒ තරහට මට බැන වැදුන කටින්ම”ඒකි හදාගත්තට උබට වැරදුනේ නැහැ”
මෙි චරිත දෙක අද මියැදි ඇත.මතකය තවමත් ඉතිරිව ඇත.
………………..නිමි…………..
උපුටා ගැනීම: Harshi Deepani

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!