හරියටම තව දවස් 2 කින් 2021 අලුත් අවුරුද්ද ආරම්භ වෙනවා. අවුරුද්ද පටන් ගන්නේ ජනවාරි 1 වැනිදායින්. ජනවාරි කියන නම හැදිලා තියෙන්නේ ජානුස් කියන රෝම දෙවියා නිසා. ඔය ෆොටෝ එකේ ඉන්නේ ජානුස් දෙවියා තමයි. ජානුස් ව හැම වෙලාවෙම නිරූපණය වෙන්නේ හිස් දෙකක් තියෙන ස්වරූපයක් විදිහට. ජානුස් දෙවියා තමන්ගේ එක හිසකින් ගෙවී ගිය වසර දිහා බලා සිටින අතර, අනෙක් හිසින් ලබන්නා වූ නව අවුරුද්ද දිහා බලාගෙන ඉන්නවා කියලා තමයි පුරාතණ රෝමන්වරු විශ්වාස කෙරුවේ.
ලෝකේ හැම රටකම වගේ අලුත් අවුරුද්ද පටන් ගන්නේ ජනවාරි මාසෙන්. එහෙත් අතීතයේදී එහෙම වුණේ නැහැ. මීට බොහෝ කාලයකට කලින්, ශත වර්ෂ ගණනාවක් තිස්සේ මාර්තු 25 සහ දෙසැම්බර් 25 වගේ දිනවලිනුත් කැලන්ඩරය පටන් ගත්තා. ඉතින් ජනවාරි 1 වැනිදා කොහොමද අලුත් අවුරුද්ද පටන් ගන්න දිනය වුණේ…?
ඒ ස්තුතියෙන් හරි අඩක්ම යන්නේ නූමා පොම්පිලියස් කියන රෝම රජුට. ඔහුගේ රාජ්ය කාලයේදී (පොදු යුගයට පෙර 715-673) එතෙක් රෝමයේ භාවිතා වුණු රෝමානු ජනරජ දින දර්ශනය සංශෝධනය කළ නූමා රජු මාර්තු වෙනුවට ජනවාරි මාසය වසරේ පළමු මාසයට බවට පත් කළා.
රෝමානු විශ්වාසයට අනුව ජානුස් කියන්නේ සෑම දෙයක්ම ආරම්භ කරන දෙවියා. ඒත් මාර්තු මාසයට අධිපති මාර්ස් නැතිනම් අඟහරු කියන්නේ යුද්ධයට අධිපති දෙවියා. ඒ නිසා නූර් රජු කරපු මේ වෙනස්කම සෑහෙන ගැළපෙන වෙනසක් වුණා.
අනතුරුව ජූලියස් සීසර් එයාගේ “ජූලියන් දින දර්ශනය” හරහා තවත් වෙනස්කම් රැසක්ම හඳුන්වලා දුන්නා. ජනවාරි 1 වැනිදා නව අවුරුද්දක පළමු දිනය බවට නිල වශයෙන් ප්රකාශයට පත් කළේ ජූලියස් සීසර්ම තමයි. රෝම අධිරාජ්යය පුළුල් වීමත් සමගම ජුලියන් දින දර්ශනය භාවිතා කරන රටවල් ගණනද ඉහළ ගියා. කෙසේ වෙතත් පොදු යුගයේ 5 වැනි ශතවර්ෂයේදී රෝමය ඇද වැටීමෙන් අනතුරුව ක්රිස්තියානි රටවල් බොහෝමයක් එයාලගේ කතෝලික දහම නිරූපනය වෙන විදිහට දින දර්ශනය වෙනස් කළා. ඒ අනුව මාර්තු 25 වැනිදා (නිවේදන දිනය: කතෝලික දහමට අනුව ගේබි්රයල් දේවදූතයා ශුද්ධාත්මයන්ගේ බලයෙන් ජේසුස් නමින් පුතෙකු පිළිසිඳ ගන්නා බවට කන්යා මරිය තුමිය වෙත නිවේදනය කළ දිනය) සහ දෙසැම්බර් 25 වැනිදා (නත්තල) සාමාන්ය නව අවුරුදු දිනය බවට පත්වුණා.
එහෙත් අධික අවුරුදු පිළිබඳ වැරැදි ගණනය කිරීම් හේතුවෙන් ජූලියන් දින දර්ශනයට අමතර වෙනස්කම් කළ යුතු බව පෙනී ගියා. ශත වර්ෂ ගණනාවක් පුරා සිදුවුණු මෙම වැරැදි දින ගණනය තැබීම් හේතුවෙන් යම් යම් ඉසව් වැරැදි කාලවලදී පැවැත්වුණා. ඒ වගේම පාස්කු දිනය තීරණය කිරීමේදීත් මෙම දෝෂය බලපෑවා. ඒ අනුව 13 වැනි ග්රෙගරි පාප් වහන්සේ විසින් 1582 දී සංශෝධිත කැලන්ඩරයක් හඳුන්වලා දුන්නා. මෙම දින දර්ශනය හැඳින්වෙන්නේ “ග්රෙගරියානු දින දර්ශනය” කියලා. අලුත් දින දර්ශනයෙන් අධික අවුරුදු ගැන තිබුණු ගැටළුවලට විසඳුම් ලබාදීමක් මෙන්ම ජනවාරි 1 වැනි දින අවුරුද්දේ පළමු දිනය ලෙසද හඳුන්වලා දීලා තිබ්බා.
ඉතාලිය, ප්රංශය සහ ස්පාක්ද්ක්දය වගේ රටවල් මෙම දින දර්ශනය මුල් අවස්ථාවේදීම භාවිතයට ගත්තත් රෙපරමාදු සහ ඔතොඩොක්ස් රටවල් මෙම දින දර්ශනය පිළිගත්තේ ටිකක් කල් ගිහින්. මහා බි්රතාන්ය සහ ඇමෙරිකානු යටත් විජිත රටවල් මේ ග්රෙගරියානු දින දර්ශනය භාවිතයට ගත්තේ 1752 අවුරුද්දේ. ඊට කලින් ඒ රටවල් අවුරුද්දේ පළමු දිනය හැටියට පිළිගත්තේ මාර්තු 25 වැනිදා.
කාලයක් යනකොට කතෝලික නොවන රටවල්ද ග්රෙගරියානු දින දර්ශනය භාවිතා කරන්න පටන් ගත්තා. චීනය දිගින් දිගටම එයාලගේ චන්ද්ර දින දර්ශනයට අනුව නව අවුරුදු උදාව සැමරීම කළත්, 1912 දී ග්රෙගරියානු දින දර්ශනයට අනුව වැඩ කටයුතු කරන්න පටන් ගත්තා. ඒත් තවමත් ග්රෙගරියානු දින දර්ශනය භාවිතා නොකරන රටවල් කිහිපයකුත් ලෝකේ තියෙනවා. උදාහරණයක් විදිහට ඉතියෝපියාව එයාලගේ නව අවුරුදු උදාව (මේකට කියන්නේ එන්කුටාටාස් කියලා) සමරන්නේ සැප්තැම්බර් මාසය්දී.
ජනවාරි මාසය ගැන එක්තරා මිත්යා විශ්වාසයකුත් තියෙනවා. ඒ තමයි ජනවාරි මාසයේ ඉපැදුණු දෙන්නෙක් ප්රේම සම්බන්ධතාවයක් පැවැත් වුවහොත් හරි විවාහ වුණොත් හරි ඒ සම්බන්ධතාවය හෝ විවාහය ඉතාමත් ඉක්මනින් අවසන් වෙනවා කියන එක.
කොහොම හරි ජනවාරි මාසයේ ඉපැදුණු අය ඉතාමත් කඩවසම්, ප්රියමනාප, විශිෂ්ඨ, කලාත්මක, නිර්මාණාත්මක, දුටුවන් ආකර්ශනය කරන, කරුණාවන්ත, සරාගී, උගත් සහ තවත් එකී මෙකී නොකී ලක්ෂණ බොහෝමයකින් සමන්විත අය කියලා තමයි කියන්නේ…. කෙටියෙන් කියනවා නම් ලෙජන්ඞ්ලා ඉපැදෙන්නේ ජනවාරි මාසේ.