කාල තරණය කළ අතුරුදන් දුම්රිය (විද්යා හා තාක්ෂණ)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මාතෘකාව දැක්ක ගමන් හිතෙන්නේ මාතෘකාව මෙහෙම තිබ්බට ඇත්ත කතාව ඔය මොකක් හරි ෆිල්ම් එකක් හරි නැත්නම් බොරුවක් හරි වෙන්න ඇති කියලා නේද??? නෑ…. ඒත් මම අද කියන්න යන්නේ ඇත්තටම අතුරුදහන් වෙච්ච දුම්රියක් ගැන. ඇත්තටම මුළු ලෝකයක් කළඹපු මේ පුවත වාර්තා වෙන්නේ ඉතාලියෙන්.
1911 ජුනි 14 වෙනිදා සනේලියානු දුම්රිය සමාගම තමන්ගේ අලුත් මාදිලියේ දුම්රිය හඳුන්වලා දෙන්න දෙන විශේෂ ගමන් වාරයක් ආරම්භ කරනවා. මේකට ආරාධනා කරන්නේ එතකොට සමාජය හිටිය ප්රභූ ධනවත් පුද්ගලයන් ට . ඉතින් මේ දුම්රිය හය දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලයකින් හා 100 කින් යුතු මගී පිරිසකගෙන් සමන්විත වෙනවා. මෙයාල ඔක්කොමල තමන්ගෙ මංගල ගමන ආරම්භ කරනව. දුම්රියේ කට්ටිය ඉතින් අවට සිරි නරඹමින් තමන්ගෙ ගමන රසවිඳිමින් ඉඳලා තියෙනවා. දුම්රිය මාර්ගය වැටිල තිබ්බෙ lombard කඳුවැටිය හරහා තියෙන උමං මාර්ගයකින්. මෙන්න මේ වෙලාවේ දී යම් අමුතු සිදුවීමක් වෙනවා. උමං මාර්ගය ඇතුලේ තියෙන්නෙ යම් අඳුරු දුම් සහිත බවක්. ඒවගේම උමග තුළට යන දුම්රිය පෙට්ටි එකින් එක අතුරුදහන් වෙනවා. මේ වෙලාවේ දුම්රිය අන්තිම පෙට්ටියේ හිටපු දෙන්නෙක් මේ සිදුවීම කල්තියා දැකලා දුම්රියෙන් පිටතට පනිනවා.
මෙයාලගෙන් එක්කෙනෙක් පස්සෙ කාලෙක ඉතාලි පුවත්පතකට මෙහෙම කියල තිබ්බා “මං දැක්කා උමග ඇතුලේ ඝන කළු මීදුමක් ඉදිරියට ඇදෙනවා. ඒක හරියට අඳුරු මුහුදු රළක් දුම්රිය වසාගෙන පැමිණෙනවා වගේ. ඒ තුළින් විවිධ ශබ්ද ඇසුනා. මිනිසුන් කෑගසන සබ්ද වගේ. ඒ දුමාරය තුළින් ආපු පළමු මැදිරිය සැඟවී ගියා. මම මහත් බියට පත් වුණා. දුම්රිය පළමු මැදිරියේ සැඟවී ගියා මම මහත් බියට පත්වෙලා දුම්රියෙන් පිටතට පැන්නා. ඒ සමගම තවත් එක්කෙනෙක් මාත් එක්ක එළියට පැන්නා. ඒ තමයි මට අන්තිමට මතක දේවල්. ” කොහොම හරි මේ සිදුවීමෙන් මේ පුද්ගලයා ඉමහත් බියට වගේම කම්පනයට පත්වෙනවා.
ඊට පස්සේ ඉක්මනටම ඉතාලියානු රජය වෙච්ච දේ ගැන හොයන්න පටන් ගන්නවා. මෙතනදි දහදාහකට ආසන්න හමුදා සෙබළුන් දුම්රිය සෝදිසි මෙහෙයුම් වලට යොදා ගන්නවා. ඒවුනාට දුම්රිය සම්බන්ධ කිසිම සාක්ෂියක් හොයාගන්ඩ හම්බ වෙන්නේ නැහැ. මේ සිදුවීමෙන් ඉතාලි ඇතුළු ලෝකයම ගොඩක් බියට වගේම කම්පනයට පත්වෙනවා . ඒ වගේම ගොඩක් ඉතාලියානුවන් දුම්රියහි ගමන් කිරීම පවා ප්රතික්ෂේප කරනවා.
මේ සිදුවීම සම්බන්ධව එකිනෙකා විවිධ මත පළ කරනවා සමහරු කියනවා මේක භූත බලවේගයක් හින්ද වුණා කියලා සමහරු කියනවා මේ උමග ලෝක අතර කාල තරණය කරන්න පුළුවන් තැනක් කියලා. කියලා සමහරු කියනවා මේක යුද උපක්රම අත්හදා බැලීමක් කියලා . කොහොමවුනත් මේ සිද්ධියෙන් පස්සේ මේ උමග සදහටම වහලා දානවා. ඒ වගේම කාලයත් එක්ක මේ කතාව කට්ටියට අමතක වෙලා යනවා.
කාලය ගෙවිලා ගිහින් මේ සිදුවීමෙන් අවුරුදු තිහකට පස්සේ මෙක්සිකෝවෙන් හරි අපූරු සිදුවීමක් වාර්තා වෙනවා. මැක්සිකෝව රෝහලක මානසික වෛද්ය වරයෙක්ගේ වාර්තාවල හරි අපූරු දෙයක් සඳහන් වෙනවා. එකවර මානසික රෝගීන් 104 දෙනෙක් රෝහලට ඇතුළු කරලා තියෙනවා. මෙම රෝගීන්හැමෝටම තිබ්බේ එකම මානසික රෝගය හැමෝම සිහි විකල් තත්වයකින් පසු වෙනවා. මේ කවුරුව්ත් මෙක්සිකානු ජාතිකයන් නොවුණු අතර මේ හැමෝම ඉතාලියානු ජාතිකයන්. මෙයාල හැමෝගෙම විලාසිතා පවා අදින් දශක තුනකට විතර කලින් ඇඳ පැළඳ සිටිඒවා. මේ කවුරුත් නැව් මාර්ගයකින් මෙක්සිකෝවට ඇවිල්ලා තිබ්බේ නැහැ. ඒ හැමෝම ඇවිල්ල තිබ්බෙ දුම්රියකින් කියලා තමා එයාලා කියලා තිබ්බේ. මේ සිදුවීමෙන් පස්සේ ගොඩක් අය මේ සිදුවීම් දෙක ගළපන්න උත්සහ කලා.
මෙයාල දුම්රියෙන් ඇත්තටම කාල තරණය කළා ද??? 1911 අතුරුදහන් වෙච්ච දුම්රිය කොහොමද අවුරුදු තිහකට පස්සේ මෙක්සිකෝවෙන් හම්බෙන්නෙ????? 1911 කාල තරණය කරලා වෙන කොහේ හරි කාල තලයක ඉඳලා ආයෙත් අවුරුදු තිහකට පස්සේ මෙක්සිකෝවට ආවද? මේකත් ලෝකයේ විසඳගන්න බැරි වෙච්ච තවත් අභිරහස් ප්රශ්නයක්. ඔයා මේ සිදුවීම ගැන මොකද හිතන්නේ කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ තවත් ලිපි කියවන්න #alpanthiya අපේ පිටුවට එකතු වෙන්න අමතක කරන්න එපා.
තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි
රන්දිකා සමරකෝන්

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!