මම 2007 තායිලන්තෙ ජොබට ගිහින් සතියයි. බාසාව දන්නෙත් නෑ, කෑම අඳුරන්නෙත් නෑ, පාරක් තොටක් හොයාගන්නත් නෑ, නස්කූණියා වෙලා හිටියෙ… අනේ අපරාදෙ කියන්න බෑ ඔෆිස් එකේ කෙල්ලො ටික මම වැටිලා හිටිය අමාරුව දැකලා පුලුවන් විදිහට සපෝට් කරා.
දවසක් හවස 5ට විතර කෙල්ලො ටික ඇවිත් “ලනින් (රනිල්) යූ කම් වී ගෝ තුගෙදර්” කියලා ඇදං ගියා, මමත් දන්නෑ කොහේ යනවද කියලා ඔහේ ගියා… බලපුවම හොටෙල් ඕපනිං එකක්.
ටිකකින් එක කෙල්ලෙක් උස්සං එනවා පිඟානක්… “යූ ඊත් පොක්..?”… මමත් යෑස් යෑස් කියලා කන්න පටන් ගත්තා… මොන පෝක්ද ඒක චිකන්… හොඳට මිරිසට හදපු චිකන් විංග්ස්, හම එක්කම. ඇතුලෙ දිග හීනි කටු දෙකකුත් තියෙනවා. කන ගමන් මම කෙල්ලට කිව්වා “දිස් ඊස් නොට් පෝක්, දිස් ඊස් චිකන් විංග්” කියලා… කෙල්ල කියපි “නෝ ලනින් දිස් ඊස් පොක්, අයි ලයික් පොක්”… මම ආයෙ කියනවා නෑ මේක චිකන් කියලා ඇයි යකෝ කුකුල් හම එක්ක කටු දෙකකුත් තියන තටු තියෙන ඌරො ඉන්නවද මේ ලෝකෙ…? කෙල්ල මගෙත් එක්ක ඇර ගන්නවා නෑ මේ පෝක්මයි කියලා… රණ්ඩුවෙවී දෙන්නා දෙවෙනි පිඟානටත් ඇරියා ඒත් රණ්ඩුව ඉවර නෑ…
බැරිම තැන කෙල්ල මාව ඇදන් ගියා බුෆේ එකට “යූ කම් අයි ෂෝ යූ පොක්” කියාගෙන… ගිහින් පෙන්නුවා ටැග් එක…
අර ඉස්සර සුරඟන කතා කරලිය බලපු අය දන්නවා සින්දුව… “සුදුලූණු වලට මම කැමති නෑ, රජ ගෙදර පිළිවෙලට ඕනෑ” කියකියා කකුල් දෙකේ සුදුලූණු බිකක් අතුල්ලගන්නෙ… ඔව් ඔව්… ගෙඹි කකුල්.
චූටියට ටැග් එකේ ලියලා තියෙනවා “Wok fried frog legs” කියලා… කෙල්ලගෙ තායි ඇක්සන්ට් එකට “ෆ්රොග්” කියන එක ඇහෙන්නෙ “පොක්” වගේ… ඒ වෙද්දිත් කකුල් අටක් දහයක් බඩවැලේ මගක් දුර ගිහින්… ආයෙ ඉතින් ඇඳ පුටු මේස හූණො කැරපොත්තො කියලා නෑ, උගුරෙන් පල්ලෙ දාගත්ත දෙයක් ආපහු එළියට දාන පුරුද්දක් තියේද අපෙ…? අනික මම එහෙම කරානම් සභාව මැද්දෙ ලංකාවටමනෙ හොඳ නැත්තෙ… කොහොමත් උං ඒ වෙද්දි මැරිලනෙ… ඒ නිසා මට පව් නෑ කියලා හිතාගෙන, කමක්නෑ රංජනී කියලා තව කකුල් දෙකක් ඔබාගෙනම ආවා…
අම්මපා… පොක් කකුල්… පට්ට රහයි.
උපුටා ගැනීම: Ranil Ariyarathna