නිම්මි හලාවත ඉස්පිරිතාලෙ වැඩ කරද්දී වුනු සිද්දියක්. අවුරුදු තුනක විතර පොඩි ලමයෙක් අරගෙන ආපු අම්මා කෙනෙක්, පොඩි එකාගේ උගුරේ මොකක්ද හිරවෙලා කියල අඬනව ලු. හරි ස්වීට් පොඩි එකෙක් ලු, ඒත් නසරානි ගතියකුත් තිබුනලු.
නිම්මි පොඩි අය එක්ක යාලුවෙලා උන්ව ෂේප් කරගෙන වැඩක් කරන්න දන්නෙ නැහැ. ඒ නිසා ලමා රෝග විශේෂඥයෙක් නම් ජීවිතේට වෙන්නෙ නෑ කිය කියා හිටියේ ඒ කාලෙ ඉඳලම. ඒත් ඉතින් ඌත් එක්ක ෂේප් වෙන්න
‘බබාගෙ නම මොකක් ද?’ කියල අහලා
‘මගෙ නම චාමින’
‘බබාගෙ වයස?’
‘තුනයි’
‘බබා මොකක්ද උනේ?’
‘අම්මි කිව්වෙ ඔයාට දැන් ඒක’
නිම්මි දැන ගත්තලු මූ එසෙ මෙසේ එකෙක් නෙවෙයි කියලා.
‘හරි අපි බලමු කෝ මොකද වෙලා තියෙන්නෙ කියලා’
නිම්මි ටෝච් එක අරගෙන,
‘බබා කට අරින්න දැන්’
කිව්වම කටත් ඇරලා, ඒත් ටෝච් එකේ එලිය කට ඇතුලට ගහන කොට මේ යකා ඔලුව වම් පැත්තට හරවලා හිනාවෙනවලු.
‘අනේ බබා, ඔලුව එහෙම හරවන්න එපා’
කියලා ආයේ ටෝච් එක ගැහුවම මූ ඔලුව දකුනු පැත්තට හරවල හිනාවෙනවලු. ඔය විදියට හතර පස් පාරක් මූ ඕක කර කර හිනා වෙනවලු, අම්මත් මොකුත් කියන්නෙ නැති ලු.
ඒ පාර නිම්මි එක අතකින් බබාගේ නිකටෙන් අල්ලගෙන අනික් අතින් ටෝච් එකේ එලියෙන් කට ඇතුල බලන්න හදන කොට, මූ මූන හරවන්න ගියාම නිම්මි ටිකක් තදෙන් නිකට අල්ලගෙන ඉඳලා, මූ ඉස්පිරිතාලෙ දෙවනත් වෙන්න බෙරිහන් දුන්නලු
‘අම්මි, මේ $%තී මට ඌව කරනවා, දෙන්නකො මේකිගෙ ^%ට එකක්’
කියලා.
නිම්මිට තරහ ගියත්, බබාගෙ අම්මිගෙ මූන දැක්කම හිනාව නවත්ත ගන්න බැරිවෙලා. පස්සෙ නර්ස් මහත්තයෙකුට බබා අල්ලගන්න කියලා, එතකොට නම් බබා බය වෙලා හෙල්ලෙන්නෙ නැතිව ඉඳලා.
උපුටා ගැනීම: Devapriya Siriwardena