මේක ලඟදි මළගෙදරක උන සීන් එකක්. මගේ පොඩි කාලෙ යාලුවෙක් ලඟදි නැති උනා. යාලුව ගෑනු ළමයෙක්. නැති උනේ සූසයිඩ් කරගෙන (බෙල්ලෙ වැල දාගෙන).
මේකට හේතුව විදිහට ප්රසිද්ධ උනේ වයසින් අසම්මත (කොල්ල ටිකක් බාලයි සහ මුන්ට තරං සල්ලි නෑ) පෙම් පළහිලව්වකට ගෑනු ළමයගෙ තාත්ත දිගින් දිගටම තදින්ම අකමැති වීම. තාත්තගෙ ස්වභාවය අපි දන්න නිසා (මිනිහ ඉස්සර ඉඳන්ම හෙන පඩත්තරය කියලයි අපේ අම්මල පවා කිවුවෙ. ෆ්ලෙක්සිබල් නැති නාහෙට නාහන මිනිහෙක්) ඒක ඇත්ත කියල හිතන්න ගොඩක් දුරට පුලුවන්. මේ ගෑනු ළමය වැඩියෙන්ම ආදරෙත් තාත්තට. නිවාඩුවට ගෙදර ආවම නිදාගන්නෙ පවා තාත්ත ගාව කියලයි මිනිස්සු කිවුවෙ. මේ අයට සල්ලි බාගෙ ඇති පදම් තියෙනව. මෙයා පවුලෙ එකම ලමය !
දැං කොහොම හරි මම ගියා මළගෙදර. ගෑනු ලමයගෙ කැම්පස් එකේ යාලුවො එහෙම හෝ ගාල අඬනව. අම්ම මිනී පෙට්ටිය ලඟ වාඩි වෙලා අවසිහියෙන් වගේ කියවනව. තාත්ත කාරය එලියෙ කවුච් එකක් උඩ කලන්තෙ දාගෙන වැටිල. දෙන්නක් තුන් දෙනෙක් පවන් ගහනව.
දැං මම ඔහොම කොනකට වෙලා ඉන්නකොට, ගේ ඇතුලට ආව මේ පවුලෙ අතිශය ලඟම නෑයො වෙනව කියල හිතන්න පුලුවං වැඩිහිටි පිරිමියෙක්. සීය කෙනෙක් වගේ. එක්කො මේ ගෑනු ලමයගෙම සීය නැත්තං වැඩිමහල් බාප්ප කෙනෙක් වගේ. සරමෙ කොනකුත් පැත්තකින් උස්සගෙන ආවෙ.
මිනිහ ආව.
මිනිය දිහා ටිකක් වෙලා බලං හිටිය.
අම්ම දිහා බැලුව. ගෑනි මොනාද මොනාද කියවනව.
තාත්ත කොහෙද බැලුව. ඩයල් එක වැටිල පුටුවක් උඩ සිහියක් කටක් නෑ.
“දැං ඉතිං කාටවත් අඬන්න දොඩන්න දෙයක් නෑ !
ප්රස්නෙ විසඳිල තියෙන්නෙ. ලමය හැම එකාටම තිබ්බ ප්රස්න ටික විසඳල ගිහිල්ල තියෙන්නෙ.”
කියල කිවුව. සරම උස්ස ගත්ත. ඩයල් එක ගියා.
ඇත්තනෙ ඕයි. දැං දේපල කාටවත් බෙදෙන ප්රස්නත් නෑ. බාල කොල්ලන්ව බඳින්න අහන්න කවුරුත් ඇත්තෙත් නෑ.
දේපල ටික පුකේ ගහගෙන අම්මටයි තාත්තටයි ඉතුරු කාලෙ ඕන විදිහකට ඉන්න තියෙන්නෙ.
ප්රස්නෙ විසඳිල තියෙන්නෙ !
උපුටා ගැනීම: Kalana Shalitha