” අමිමා ඔයා මෙක හදන්න මම යනවා..”
” මොකක්ද බං මෙ තියන තදියම…”
” එයා ඔය යන්නේ අර tv එකේ වැඩ සටහන බලන්න අමිමා…”
තමාරා කියන්නේ අවුරුදු විස්සක ගොඩාක් හුරතල් තරැනියක් පාසල් අධ්‍යාපනය ඉවර කලාට පස්සේ කෙල්ල ගෙදරට වෙලා දෙන දෙයක් කාලා පාඩුවෙ හිටිය තමාරා ගෙ හොදම මිතුරිය නෑනා අයියා වැඩට යන නිසා දෙන්න ගෙ වැඩෙ ටිවි බලනවා…
කකුල් දෙකත් පුටුව උඩ තියාන තමාරා නොඉවසිල්ලෙන් බලන් හිටියා දහය හමාරට විකාශනය කරන වැඩ සටහන බලන්න..
තමාරා ගෙ හිත මෙ වෙද්දී ඇදිලා ගිහින් තිබුණේ රෑප වාහිනි සංගිත වැඩ සටහනක් කරන කඩවසම් තරැනයෙක්ට…
හින්දි නලුවෙකු ගෙ පෙනුම තිබුන සුදු හීන් දෑරි උස තරැනයා රෑප වාහිනි තීරය මත දිස් වෙද්දී තමාරා ඇහි පිය නොහෙලා ඒ දිහා බලන් හිටියා…
” good morning යාලුවනේ අපි අදත් ඔන්න ආවා ඔයාලා ආසම music program එක music with you අරන් අදත් කතා කරන්න මැසේජ් කරන්න මම ඉන්නවා දවල් දොලහ වෙනකල් මම ඔයාල ගේ හැන්සමි boy ashan …”
කොල්ලා කතා කරන ලස්සන තමාරා බලන් හිටියේ ආසාවෙන් අෂාවෙන්..
අෂාන් කිව නමිබර් එක ලියාගන තමාරා ඒ වෙලාවෙම ගත්තා ඒත් ඒ වෙලාවෙ කෙල්ලට ඔන වුනේ ගීතයක් නෙවෙයි අෂාන් ගෙ පුද්ගලික දුරකථන අංකය කතා කරපු කෙනා ගෙන් අංකය අරන් තමාරා වැඩ සටහන ඉවර වෙද්දී ගත්තා..
” හලෝ..කවිද මෙ…”
තමාරා ටිකක් වෙලා ඒ ගීතවත් හඩ අහන් හිටියා..
” අයියා…”
කතා කරපු පලවැනි දවසම තමාරාට දැනුනා අෂාන් හොද කෙනෙක් කියලා…
කීප දවසක් තමාරා අෂාන් එක්ක කතා කරද්දී අෂාන්ටත් තේරැනා මෙ කෙල්ල හොද කෙනෙක් කියලා…
දවස් ගානක් කතා කරලා අෂාන් තමාරාට තමන්ගේ හිතේ තියන අදහස කීවා මෙච්චර දවසක් ආසාවෙන් බලන් හිටිය දේ අෂාන් ගෙ කටින් පිට වෙද්දී තමාරා එක පයින් කැමති වුනා ඒ යෝජනාවට..
දවසක් ඉරිදා දවසක තමාරා අෂාන්ට ගෙදරට ඇවිත් අමිමා තාත්තා එක්ක කතා කරන්න කියලා යෝජනා කලා කොල්ලව ඇත්තටම දකිද්දී තමාරා ට දැනුන සතුට කියා ගන්න බෑ…
අෂාන් ගෙ විස්තර ඇහුවාම අමිමා තාත්තා කැමති වුනේම නෑ…
“අපි කවදාවත් ජාතියෙන් පිට අයට තමාරා දෙන් නෑ ඔය ලමයා වෙන අතක් බලා ගන්න අපි හොද උඩරට මිනිස්සු…”
” අනේ…තාත්තා….”
” යමන් යන්න තමාරා…ඔය ලමයා ආයෙ මෙහෙ එන්න එපා…”
තමාරා අඩද්දි අෂාන් සුසුමක් හෙලලා යන්න ගියා…
” අනේ නංගී නාඩා ඉන්නවා කෝ දැන් ඉතිං…”
වැලහින්නක් වාගෙ තමාරා ඇදට වෙලා හොදටම ඇඩුවා..
එදා රෑ ටිකක් තදටම වැස්ස තමාරා ඇදට වෙලා කල්පනා කර කර ඉද්දි එකපාරට වහලා තිබුන ජනේලය ඇරැනා ඒත් එක්කම කාමරය පිරිලා ගියේ සේපාලිකා මල් සුවදකින්…
” දෙයියනේ සුවද ඒත් කොහෙද මෙ සේපාලිකා මල් ගහක් තියෙන්නේ…”
කාන්දමකින් ඇදිලා යනවා වාගෙ තමාරා ඒ මල් සුවද දිගෙ එලියට ගියා…
” තමාරා…..”
තමාරා හැරැනේ ඒ හඩට…
” අෂාන් ඔයා…”
” මං ආවා තමාරා මට ඔයා බලන්න ඔන වුනා..”
” අනේ මාව දාලා යන්න එපා..”
” මම ඉක්මනින් එනවා ඔයත් අරන් යන්න තමාරා එතකල් ඉන්න කෝ..”
අෂාන් කීවෙ තමාරා ගෙ අත් දෙක අත අරින ගමන්…
” තමාරා…”
එකපාරට අමිමා ගේ හඩ ඇහිලා තමාරා හැරෙද්දි දැන ගත්තෙ මෙච්චර වෙලා තමන් හිටියේ වැස්සේ කියලා…
” උඹට පිස්සු ද බං…මොකක් ද කරන්නේ මෙ වැස්සේ….”
තමාරා අමිමට මුකුත් නොකියා ගෙට දිවිවා….
අමිමා තාත්තාට රහසින් අෂාන් තමාරා හමිබ වෙන්න එන එක වැඩි දවසක් යන්න කලින් ගෙදරට ආරංචි වුනා…
” මොකක් ද බං තමාරා උඹට අපි කියන එක අහන්නම බෑ ද…”
” මට අෂාන් අත අරින්න බෑ අමිමා..”
තමාරා ගෙ කතාව සාලයෙ හිටිය තාත්තාට ඇහුනා..
” එ්කිට උව අත් හරින්නම බෑ නමි කරන්න දෙයක් නෑ කරලා දෙමු….”
තාත්තා කිවෙ එලියට බහින ගමන්…
” නංගී…අෂාන් කරන වැඩසටහන දැන් කරන්නේ වෙන කෙනෙක් නේ…”
” එයාට ටිකක් අක්කා සනිප නෑ ඒකයි..”
තමාරා ඒම කියලා මග ඇරියා ජනේලය අල්ල ගෙන කල්පනා කර කර හිටිය තමාරාට අෂාන් අඩ ගහනවා පෙනුනා…
තමාරා වටපිටාව බලලා එලියට ආවා….
පැයකට පස්සේ තාත්තා ආවෙ හොදටම මහන්සි වෙලා…
” ලොකු පුතේ…මට වතුර ටිකක් ගනින්…”
” තාත්තා නංගී නෑ නේ…”
” ඔහේ ඇති ඒක නෙවෙයි අර කොල්ලට ලොකු කරදරයක් වෙලා නේ…එදා මෙහෙන් යද්දී අලියෙක් ගහලා කියන්නේ…”
” හත් දෙයියනේ..”
” අක්කේ…අක්කේ…”
එකපාරට ගෙ පිටි පස්සෙන් ඇහුන හඩට සේරම දිවිවා තමාරා හිටියේ වැනි වැනි….
” නංගී…”
” අෂාන් ආවා මාව එක්ක යන්න..”
තමාරා ගෙ අවසාන වචනය වුනේ ඒක විතරයි මලක් වාගෙ අක්කා ගේ අතේම අවසාන හුස්ම හෙලපු තමාරා ටිකක් වෙලා යද්දී අෂාන් ගෙ ලෝකයට ගිහින් තිබුනා…..
නිමි…
උපුටා ගැනීම: පන්හිදට පෙමි බදින්නීතනූ