ළමායි….ඔන්න කාලෙකට පස්සෙ කතාවක් ගේන්න හිතුනා.මං හිතන්නෙ මේ අවුරැද්දෙ දාන අන්තිම කතාව තමා මේක.අායෙ ඉතින් අලුත් අවුරැද්දෙ තමයි .හරි හරි අපි එහෙනම් කතාවට යමු.උඹලට කතාව කියන්න එපැයි.අනේ මන්දා බං මාර කම්මැලියි Type කරන්න ගියාම .
මේ කතාව ගෙතිලා තියෙන්නෙ Direct ම අපේ නැන්දලත් එක්ක.(නැන්දා වෙන්න ඔ්නෙ මොකද මං පොඩි කාලෙ ඉඳලා එ් ගෑනු කෙනාට නැන්දා කියලා තමා කිව්වෙ )මෙන්න මේකයි සිද්දිය ඉතිම්.( නම් ගම් මුකුත් දාන්න බෑ හරිද) අපේ අාච්චි කෙනෙක් අසනීප වෙලා මේ කියන නැන්දලගෙ ගෙදරට එක්කරගෙන අාවා.අන්න එ් දවසෙ ඉඳලෙ තමා මේ සිද්දි ටික පටන් ගන්නෙ.
මේ අාච්චිගෙ ගම මාතර. දුවලා පුතාලා සේරම පිට රටවල් වල තමා හිටියෙ.ඉතිං මේ අාච්චිව බලා ගන්න කවුරැත් හිටියෙ නෑ.මුල් කාලෙදි අාච්චි තමන්ගෙ වැඩ ටික කරගෙන පාඩුවෙ හිටියට ටික ටික වයසට යන කොට මේ අාච්චිට අංශභාගෙ හැදුනා. කොච්චර බෙහෙත් කරත් වැඩක් වුනේ නැහැ.ඉතින් මෙයාව වැඩිහිටි නිවාසෙටකට දෙන්න හදන කොට අපේ නැන්දා තමා මෙයාව එයාලගෙ ගෙදර එක්කරගෙන අැවිත් තියෙන්නෙ.එ් අාච්චිත් මෙයාලගෙ දුරින් නෑදෑයො වෙනවා (එ් නැන්දල ටිකක් මන්තර සාස්තර විස්වාස කරන උදවිය )එහෙම එක්කගෙන අැවිල්ලා ඔන්න කොහේදෝ මන්දා හිටපු ගුරැන්නාන්සෙ කෙනෙක් එක්කරගෙන අැවිත් සාස්තරේකුත් අැහුවලු.ගුරැන්නාන්සෙ සාස්තරේ කියද්දි කිව්වලු “මේ තැනැත්තිගෙ අැඟේ මලගිය ප්රාණකාරයෙක් වසනවා.එ් නිසා තමා මෙහෙම සිද්ද වෙන්නෙ කියලා.”තව නූලක් එහෙමත් බැඳලා තෙල් ටිකකුත් දීලා මොන මොනාද කියලා ගුරැන්නාන්සෙ යන්න ගියාලු.
එදා රෑ අාච්චි නිදා ගෙන ඉන්න කොට එයාගෙ අර නූල බැඳපු තැන නිකං පිච්චෙනවා වගේ දැනෙන්න අරගෙන.මෙයා ඉවසන් ඉන්න බැරිම තැන ඔ්න දෙයක් වෙච්චාවෙ කියලා අර නූල ගලවලා තියෙනවා.ඔන්න ඊට පස්සෙ තමා සිද්දිය..
දැන් දැන් දවස් හය හතක් ගෙවුනලු අාච්චිව මේ ගෙදරට එක්ක ගෙන අැවිත්.එයාව මෙහෙට ගේන්න කලින් එ් ගෙදර තිබුණු අර සිරියාවන්ත පාට එන්න එන්නම ටික ටික අඩු වුනාලු.දැන් ගේ අැතුලෙ අමුතු අමුතු දේවලුත් වෙනවලු .මහ රෑට නිවලා තියෙන ලයිට් පත්තු වෙනවලු, ගේ පුරාම එක එක ගඳවල් පැතිරෙනවලු, එක එක හෙවනැලි පේනවලු ඔහොම ඔහොම සිද්දි වෙන්න පටන් අරන් .මේ නැන්දට දුවලා දෙන්නෙක් ඉන්නවා.(නෑ නෑ මට වඩා වැඩිමල්.පුලුවන්නම් එ්කත් සෙට් කරපල්ලා තොපි )දවසක් මේ එක දුවෙක් කාමරේ පාඩම් කර කර ඉන්න කොට දැක්කලු අමුතු කොට මනුස්සයෙක් කාමරේ දොර රෙද්ද මෙහාට කරලා මෙයා දිහා බලන් ඉන්නවා.මෙයාට බයට කෑ ගැහිලා.එ් සද්දෙට එවේලෙ ගෙදර හිටපු එයාගෙ අක්කා අැවිත් බලලා තියෙනවා.එ් එන කොට මෙයා කාමරේ මුල්ලක බිම වාඩි වෙලා ගුලි වෙලා අඬ අඬ ඉන්නවලු.හේතුව අැහුවම මෙයා විස්තරේ කියලා.පස්සෙ එ්ක නිකං හිතේ වෙච්චි දෙයක් වෙන්නැති කියලා මෙයාගෙ බය නැති කරලා අක්කා ගිහින් තියෙනවා.
තව දවසක් රෑ මේ නැන්දගෙ මහත්තයා වැඩ අැරිලා එන කොට දැක්කලු උඩ තට්ටුවෙ බැල්කනියෙ අර දුව දැක්කා වගේ කලු මිටි මනුස්සයෙක් වාඩි වෙලා කකුල් දෙක පද්ද පද්ද ඉන්නවා .මෙයා කිසි දෙයක් නොදැක්ක ගානට ගේ අැතුලට ගිහින් පඩිපෙල නැගලා පොල්ලකුත් අරගෙන කෙලින්ම බැල්කනියට ගියාලු.මිටි මිනිහෙක් තියා මැක්කෙක්වත් නෑලු බැල්කනියෙ .දැන් එන්න එන්නම මේ මිටි මිනිහගෙ කරදරේ වැඩි වුනාලු.රෑට කාමර වලට එනවලු,බත් මුට්ටි වලට අත දානවලු ඔහොම කරදර වැඩි වෙන කොට මේගොල්ලො වෙලාවල් බලන තැනකට ගිහින්.
එතනදි කිව්වලු මේ ගෙදරට අයිති නැති කෙනෙක් මේ ගෙදර ඉන්නවා අන්න එයාව ගෙනියන්න තමයි ඔය අැවිත් ඉන්නෙ කියලා..
පස්සෙ ලොකු තොයිලයක් එහෙම තිබ්බා ඔය ගෙදර.එ්ත් වැඩක් වුනේ නැහැ.දන්න දන්න හැම දේවාලෙකටම ගියා එ් තැන් වලිනුත් වැඩක් වුනේ නැහැ.
පස්සෙ කවුද මන්දා මෙයාලට කියලා තිබ්බා ඔය වගේ දේවල් නැති කරන හාමුදුරැ නමක් ගැන .මෙයාලා ඉතින් අර ළිඳට වැටිච්ච මිනිහා ළිං කටින්ම ගොඩ එන්න ඔ්නා වගේ එතන්ටත් ගිහින් බැලුවලු..එතනදි හාමුදුරැවො කිව්වලු “මේක ඔය අැත්තන්ට සම්බන්ධ දෙයක් නෙමෙයි අර අාච්චිවත් එක්කරගෙන එන්න” කියලා
ඔනනන ඉතින් එ් අාච්චිවත් එක්කගෙන අැවිත් පිරිත් කියලා.නූලක් එහෙම බැඳලා හාමුදුරැවො කිව්වලු “මේ අම්මව වාහනේට අැරලවලා ටිකකට එන්න” කියලා. එහෙම අාවට පස්සෙ තමා හාමුදුරැවො මෙයාලට විස්තරේ කියලා තියෙන්නෙ.අර ගුරැන්නාන්සෙ කිව්වනෙ අර අාච්චිගෙ අැඟේ මලගිය ප්රාණකාරයෙක් ඉන්නවා කියලා.අන්න එ් අාත්මෙ තමා මෙයාලට මෙච්චර කල් වද දීලා තියෙන්නෙ.අර අාච්චිව මෙයාලා අරගෙන එනකොට එ් අාච්චිගෙ පස්සෙන් එ් අාත්මෙත් අැවිත් තියෙනවා. කොහොම හරි එ්කට ඔ්නෙ වෙලා තියෙන්නෙ මෙයාලගෙන් අාච්චිව වෙන් කරලා තනි කරන්න.තව පිරිත් පැන් බෝතලේකුයි මොනාද වගයක් දීලා හාමුදුරැවො කිව්වලු තුන් වරැවක් යනකම් ගෙදර හතර සීමාවට පිලී ජාති ගේන්නත් එපා කියලා.
පස්සෙ මෙයාලා අාච්චිගෙන් අහලා දැනගත්ත විදිහට අර මිටි මිනිහගෙ හැඩහුරැ කම තියෙන කෙනෙක් අාච්චිලගෙ ගමේ ජීවත් වුනාලු.ඉඩම් ප්රස්නයක් නිසා එ් මිනිහා අාච්චිලත් එක්ක තරහෙන් තමා ඉඳලා තියෙන්නෙ.දවසක් අාච්චිලගෙ ගෙදර අැවිත් ඉඩම නිසා රණ්ඩු කරලා අාපහු යන කොට පොළගෙක් දෂ්ට කරලා එ් මිනිහා මැරිලා තියෙනවා.එදා ඉඳන් මෙයාලට කරදරමයි වෙලා තියෙන්නෙ.කොහොම හරි හාමුදුරැවො කියපු දේවල් පිලිපැද්දට පස්සෙ මේ කරදර නැති වෙලා තියෙනවා. මෙයාලා එ් මනුස්සයව මතක් කරලා දානයක් දීලා පිං එහෙම දීලා තියෙනවා.අර අාච්චිගෙත් ලෙඩේ ටික ටික හොඳ වෙන්න පටන් අරන්.ගෙදර පරන සිරියාවන්ත පෙනුමත් අැවිත්.දැන් නම් අාච්චි නැති වෙලා.හැබැයි දැන් ගෙදර කට්ටිය සතුටින් ඉන්නවා
ඔන්න ඔ්කයි කතාව.එච්චර බය හිතුනෙ නෑ නේද.එ්ක තමා අැත්ත හොල්මන් කතා වල තියෙන දේ.ගොතපුවගෙ වගේ බෙල්ල කඩලා ලේ බොන සීන් එහෙම මේවගෙ අඩුයි .මං කතා ගොතන්න දන්නෑ බං .anyway ඉතින් හැමදාම වගේ කියන්න තියෙන්නෙ උඹලටත් පරිස්සමින් ඉන්න කියලා.අද 31 නිසා වැඩිය එලියට එහෙම යන්න එපා කරැවලේ එක එක කට්ටිය ඔයාලා දිහා බලන් ඉන්න පුලුවන්.ලයිට් නම් කොහොමටවත් නිවන්න එපා.31 රෑට එයාලා active වැඩියි.අැඳ යට බලලා නිදා ගන්න.මොකද රෑට පෙරවගෙන ඉන්න රෙද්දෙන් එහෙම අදින්න පුලුවන්
උපුටා ගැනීම: Maduka Mayuranga