කුසල් දුම්රිය ස්ථානාධිපති සේවයට එක් වන්නෙ 2015 දෙසැම්බර් මාසෙ. කුසල් ඇතුළු කණ්ඩායම මට හමුවන්නෙ ඊටත් අවුරුදු එක හමාරකට විතර පස්සෙ. ඒ මා ඔවුන්ට දුම්රිය මෙහෙයුම් ක්රම සහ ආරක්ෂක නීති ඉගැන්වූ රොටමියේදි.
දුම්රිය ස්ථානාධිපති සේවයට එළඹෙන නිළධාරින්ගේ මූලික පුහුණුව ලබන මේ කාලය ඉතාම සුන්දරයි. ඉතින් මේ කියන කුසලුත් වැඩි හරියක් කලේ අනිත අයගෙ කාලය සුන්දර කරපු එක තමයි.
මේ කාලයේදී දුම්රිය ස්ථානාධිපතිවරුන්ට අමතරව ආධුනික එන්ජින් රියදුරන් පිරිසක්ද රොටමි ආයතනයේ පුහුණුව ලැබූ අතර මම ඒ අයටද ඉහත විෂයයන් ඉගැන්වීමේ යෙදුණා. මේ නිසාම මට හැකි වුණා අවස්ථා ගණනාවකදීම මේ ශ්රේණි දෙක එකතු කර විවිධ ක්රියාකාරකම් වල යෙදෙන්න.
ඉතින් මේ අයත් ඒ සඳහා ඉහලම දායකත්වය සැපයුවා. වරක් මා රොටමියේ ප්රධාන ශාලාවට දෙපිරිස ගෙන්වා මාගේ දෙපැත්තෙහි වාඩි කර ප්රශ්න විචාරාත්මක තරඟයක් පැවැත්වූවා.
දැන් දුම්රිය ස්ථානාධිපතිවරු එන්ජින් රියදුරන්ගෙනුත්, එන්ජින් රියදුරන් ස්ථානාධිපතිවරුන්ගෙනුත් මාරුවෙන් මාරුවට ප්රශ්න අහනවා. මේ අහන්නෙ මම ඉගැන්වූ විෂයයන් වලට අදාල ප්රශ්න.
ටැබ්ලට් ක්රමයෙන් දුම්රිය ධාවනය වන කොට්ඨාශයක ටැබ්ලට් උපකරණය ක්රියා විරහිත වූ විට දුම්රිය සේවකයෙකු යොදා දුම්රිය ධාවනය කිරීමට ප්රතිපාදන තිබෙනවා. ඒ ක්රමය නියමු ක්රමය කියා හඳුන්වන අතර එක් දිශාවට දුම්රියන් කිහිපයක් ධාවනය කරන විට අවසාන දුම්රියේ නියමුවා යවා. ඊට පෙර දුම්රිය ටිකට් පතක් මාර්ගයෙන් යවනවා. ඒ කියන්නෙ සරලව කියනවනම් සාමාන්ය ක්රමය බිඳ වැටුණු විට දුම්රිය ධාවනයට ක්රම දෙකක් තියනවා.
ඉතින් එදා ප්රශ්න අහන්න කුසලුත් නැගිට්ටා. ඇහුවා අජරාමර ප්රශ්නයක් ඒක කොටස් දෙකක ප්රශ්නයක්.
“ටැබ්ලට් ක්රමයෙන් ධාවනය වන කොට්ඨාශයක ටැබ්ලට් ක්රමය අක්රිය වූ විට දුම්රිය ධාවනය වන ක්රම කීයක් තිබේද ?” ඔන්න පලවෙනි ප්රශ්නය. ඒක කියලා ඉවර උනා විතරයි දෙවන ප්රශ්නයත් ඒ ගැම්මටම මනුස්සයා ඇහුවා.
“ඒ ක්රම දෙක මොනවාද?”
අනිත් පැත්තෙ හිටපු කට්ටිය හරි අමාරුවෙන් පළවෙනි ප්රශ්නෙට උත්තරය හොයා ගත්තා
උපුටා ගැනීම: Nirantha Vissundara