“ඊළග පැයට ටාගට් දාන්න ලමයි”
ලයින් සුපවයිසර්ගෙ හඩ කන ලගින්ම ඇහෙනකොට මගෙ කකුල් දෙක සීතල වෙලා ගියා….පැයට කෑලි එකසිය පනහක් යන ටාගට් එක මගෙ පැයට අසූවයි….
“ඉරුෂි …. ටාගට් එක කීයද”
“අසූවයි මිස්”
“ඔහොම වැඩ කරලා හරියනවද ඔයාලට පඩි ගෙවන්නේ නිකන් ඉන්නවට නෙමෙයි “
“මම ඉදලා ටාගට් කවර් කරලා යන්නම් මිස්”
“තමුසෙලට ටාගට් කවර් කරන්න මෙතන ඕටී දෙන්නෙ නෑ”
“ඕටි නැතුව මම ඉදලා යන්නම් මිස්”
රැයක් දවාලක් නැතිව මම දුක් විදින්නෙ මගෙ මහත්තයව ජීවත් කරවන්න….ජීවිතේට එන ප්රශ්න වලට ශක්තියක් උනේ මගෙ ආදරණීය මහත්තයා දෙව්මික….
දවල්ට බඩට බත් ඇටයක් නැති නිසා මම හිටියේ ගොඩක් අමාරුවෙන්…. ලමයි හැමෝම ඕෆ් වෙලා යනකොට මම කැන්ටින් එකට ගිහින් තේ එකක් හදාගෙන බීලා ආපහු ලයින් එකට ඇවිත් මගෙ ටාගට් එක කවර් කලා….
“ඇගලුම් කම්හල ජීවිතයම කර කදුලු සගවනා රත්තරනෙ….”
පැකින් එක පැත්තෙන් එන සිංදුවට මගෙ ඇස් අගිස්සෙන් හීනි කදුලක් ගලාගෙන ගියා….
















“ඉස්සරහ ටිකට් ගන්න”
මාරු කාසි කීපයක් කොන්දොස්තරට දික් කරපු මම යන්තමට ඇස් දෙක පියාගත්තා….
“බය වෙන්න එපා කවදාවත් ඔයාට දුකක් විදින්න දෙන්නෙ නෑ ඉරූ….මාව විශ්වාස කරන්න”
“තව අවුරුද්දක් ඉවසන්න දේව්…. කැම්පස් අවුට් වෙන්න තව ටික දවසයි ඊට පස්සේ තීරණයක් ගමු”
“එතකොට අර යකා තමුසෙව බැදලා තියෙයි”
“එහෙම වෙන්න දෙන්නේ නෑ මම පොරොන්දු වෙනවා”
“මට ජොබ් එකක් තියෙනවා අපි දෙන්නා පැනලා ගිහින් පුලුවන් විදිහට ජීවත් වෙමු මට ඔයා ලග ඉන්නවනම් ඇති”
අම්මට තාත්තට පිටු පාලා තීරණයක් ගන්නත් බැරි,දෙව්මිකව දාලා යන්නත් බෑ….දෙලොවක තනි උන මම අන්තිමට තීරණය කලෙ දෙව්මික එක්ක යන්න …. උපාධි හීනය හීනයක්ම විතරක් උනා….
“දැනුයි මට ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ ඉරුෂි”
“මාත් ජීවිතේ විදලා තිබුණට මෙ තරම් ලස්සට විදලා තිබුණෙ නෑ දේව්….”
පුංචි ගෙයක් එක්ක අපි දෙන්නට පුංචි වාහනයක් ගත්තු දවස තමයි මගෙ ජීවිතේ ගොඩක්ම සතුටු උන දවස….
“මෙ ණය කොහොමද ගෙවන්නේ දේව්…”
“බය වෙන්න එපා ඒක සැලරි එකෙන් ටික ටික කැපිලා යයි”
ඒත්…. නොහිතපු වෙලාවක නොහිතපු විදියට මගෙ දෙව්මික මාව දාලා යන්න හදනවා…. ඔව් එයා ආසාවෙන් ගත්තු පුංචි වාහනේම එයාගෙ ජීවිතේ අරන් යන්න හදනවා….මහ වැස්සෙම මමත් එතනට දුවගෙන යනකොට හතර වටින් එකතු උන මිනිස්සු දෙව්මිකව වාහනෙන් එලියට අරන් හොස්පිටල් අරන් ගිහින්….නොවදිනා වැදුම් වැදලා දෙවියන්ට කියලා මගෙ දෙව්මිකව බේරලා දෙන්න කියලා කන්නලව් කලා….
“බය වෙන්න එපා දැං ජීවිත අවධානම අඩුයි”
හුස්ම වැටුනෙ දැං…. ඒත් කාලයක් යනකම් දෙව්මිකව සනීප කරගන්න බැරි වෙයි කියලා ඩොක්ටර්ස්ලා කිව්වා…. ටිකෙන් ටික හරි මම දෙව්මිකව සනීප කරනවා….
“මම මොකක් හරි ජොබ් එකක් හොයාගන්න ඕන”..
“ඔයාට බෑ ඉරුෂි ඕවා කරන්න”
“බෑ කියලා කොහොමද දේව්….ගත්තු ලෝන් හිර වෙලා වාහනෙ ෆිනෑන්ස් වෙයි අද හෙට ජීවත් වෙන්න විදියක් තියෙන්න එපැයි ඔයා සනීප වෙනකම් මම මොකක් හරි කරන්නම්”
“මම ඔයාට දුක් විදින්න සිද්ද කලා නේද”
දේව්මිකගෙ ඇස් අගින් කදුලක් වැටෙනවා දැකපු මම එතනින් හෙමීට ඈත් වෙලා කුස්සියට ගියා….දෙව්මික කවදා හරි මේ රෝද පුටුවෙන් නැගිටින දවසක් එනකම් මම මගෙ වගකීම් ඉෂ්ට කරනවා….
“මිස් බැහැගන්න බැහැගන්න”
කල්පනා ලෝකෙන් මිදුනෙ කොන්දොස්තරගෙ කට හඩට….
















“ආ ආවද උබ මගුලෙ ගිහින්”
“මොකද දෙවිමික මෙ කවදාවත් නැතුව”
“හහ් උබ වැඩට යනවා කියලා හොර මගුලෙ යනවා කියලා මම නොදැන ඉන්න බබෙක් නෙමෙයිනේ බං”
“මොනවද දෙයියනේ මෙ කියවන්නෙ”
“උබට කියලා වැඩක් නෑ පලයං යන්න”
මම දෙව්මිකගෙ වැඩ ටික ඉවර කරලා කුස්සියට ගිහින් රෑට කන්න හැදුවත් කන්න පිරියක් නැති නිසා ඇග සෝදගෙන දෙව්මිකට කන්න දීලා ඇදට ආවා….වෙනදා මම නොකෑවොත් මම කනකම් නොකා ඉන්න දෙවිමික කාලා බීලා කාමරේට ආවා….කතා කරයි කියලා බලාපොරොත්තු උනත් වචනයක්වත් කතා නොකර නින්දට ගියා….
දවසින් දවස වෙනස් වෙන දෙව්මික රෝද පුටුවෙන් නැගිටපු දවසෙ ඉඳන් තවත් වෙනස් උනා…. අවුරුදු තුනකට කිට්ටු කාලයක් ගාමන්ට් එකෙ දුක් විදලා අමාරුවෙන් දෙව්මිකව සනීප කරපු මම අද දෙව්මිකට පේන්නෙ යක්ෂණියක් වගේ…. දකින දකින තැන මට බනිනවා කවදාවත් අත උස්සලා නැති මම පහර පිට පහර කෑවා….උදේට වැඩට යන මම හෙම්බත් වෙලා හවසට ඇවිත් දෙව්මිකගෙන් හෙම්බත් වෙන්න ඕන….
කවදාවත් නැතුව ගෙදර ගේට් එක ලොක් කරලා,ලයිට් එකක්වත් නෑ….දෙව්මිකට කෝල් ගත්තත් ෆෝන් එක වැඩ නෑ….
“නංගි මෙන්න මේක මල්ලි දෙන්න කිව්වා”
එහා ගෙදර අක්කා ගෙනත් දීපු කොලේ දිගෑරියා… දෙව්මිකගෙ අත් අකුරු….
“මම යනවා ලංකාවෙන්….තනියම නෙවෙයි සාරධා එක්ක…. කැමතිනම් මට සමාව දෙන්න”
මම බිම ඉදගෙන ගොඩක් වෙලා ඇඩුවා….සාරධා කියන්නේ දෙව්මිකගෙ පලවෙනි ආදරෙ…. මටත් හොරෙන් දෙවිමික ආයෙම සාරධාරට ආදරේ කරන්න ඇත්තෙ සාරධා රට ඉන්න කාලේ….
ගේට් එක ලග නතර කරපු වාහනෙන් බැහැලා ආවෙ අවුරුදු පහකට පස්සෙ මගෙ අම්මයි තාත්තියි….
“දෙමාපියො දරුවන්ට දෙයක් කියන්නෙ දැණෙන නිසා පුතේ.උබට ඕන උනෙ අපිට හොරෙන් ඇවිත් මෙහෙම දුක් විදින්න නේද….ඌ ගියා උගෙයි කියන කිසිම දෙයක් උබට ඕන නෑ උබව බර නෑ අපිට වරෙන් යන්න ගෙදර….”
“අම්මලා කොහොමද දන්නේ මෙ දේවල්”
“දෙවිමික කෝල් කරලා කිව්වා එතකොටම තමයි අපි එහෙන් පිටත් උනෙ”
අම්මගෙයි තාත්තගෙයි කකුල් දෙක අල්ලලා වැදලා සමාව ගන්නවා ඇරෙන්න මම මොනවා කරන්නද….ආයෙ කවදාවත් දෙව්මික මං ලගට එන එකක් නෑ…. ඒත් දෙව්මික දීලා ගියපු දෙව්මිකගෙ දරුවා හැමදාම මං ලග ඉදියි….
















සමාප්තයි
