චීනයේ හොර වැඩ අහුවෙයි? (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පසුගිය දෙසැම්බර් 20 වනදා ඉන්දුනීසියාව විසින් හඳුනානොගත් දිය යට ඔත්තු බලන යාත්රාවක් සොයාගනු ලැබුවා. ඉන්දුනීසියාවේ දකුණු සුලාවෙසි හී සෙයිලාර් දිවයින ආසන්නයෙන් සොයාගෙන ඇති මෙම AUVය (Autonomous Underwater Vehicle) ඉන්දුනිසියානු පොලිසිය විසින් භාරයට ගෙන පසුව ඉන්දුනිසියානු හමුදා වෙත බාරදී ඇත. පසුව කෙරනු වැඩි දුර සොයා බැලිම් වලදී මෙය දිගින් මීටර 2.25ක් හා බරින් 175 Kg පමණ බර මෙම යානාව සම්පූර්ණයෙන්ම ස්වයංක්රියව ක්රියාත්මක වන්නක් බවට සොයාගෙන ඇත.
වසර දෙකක කාලයක් තුළ ඉන්දුනිසියානු සාගර සිමාව තුළ හසුවුනු තුන්වන AUV යානාව මෙය වන අතර මෙය චීනයේ Academy of Science Shenyang Autonomous Institute නම් ආයතනය මඟින් නිපදවන Haiyi 1000- II නම් AUV යට අතිශයින්ම සමාන වන බව සොයා ගෙන ඇත.දින 60ක පමණ ක්රියා කාලයක් ඇති මෙම AUV ය 1500Km දක්වා ක්රියාත්මක කල හැකි එකක්ද වේ.
තවමත් මෙම AUV ය යොදවා ඇත්තේ සාගර වල විද්යාත්මක ගවේශණ වලටද එසේත් නැත්නම් ඔත්තු බැලීම් වලටද යන්න අනාවරණය වී නැතත් ඉන්දුනීසියානු බළධාරීන් සැක කරන්නේ මෙම AUV මඟින් චීනය ඉන්දුනිසියාවේ මකස්සාර් සමුද්ර සන්ධිය අවට සිදු වන නාවික ක්රියාකාරකම් හා ඉන්දුනීසියාව අවට සාගර කලාපයේ Submarine ක්රියාරකම් වලට අත්යාවශ්යය දත්ත රැස් කරමින් සිටිය බවයි.
උපුටා ගැනීම: යුධ බිම

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!