එලිසබෙත් බැතෝරි හන්ගේරියානු රාජ්‍යයේ වංශාධිපති පවුලක් වූ බැතෝරි පවුලට අයත් ව 1560 අගෝස්තු 7 උපද ලද අතර හන්ගේරියානු රදළ කාන්තාවක මෙන්ම සමූල ඝාතිකාවක් ලෙස ප්‍රසිද්ධ විය. ඇය ගැන වර්තා වන්නේ වැඩිම සංඛ්‍යාවක් මිනිසුන් මරා දැමූ කාන්තා ඝාතකයා නොහොත් විශාල වශයෙන් පිරිස සංහාරය කළ කාන්තා ඝාතිකාව ලෙසය.
ඇය දැරියන්ගේ සහ කාන්තාවන් ඝාතනය කොට ලේ උරාබීමට පුරුදුවූ බව ද කියවේ. 15වන සියවස පුරා ඇය විසින් කළැයි සැළකෙන කන්‍යා ඝානන සංඛයාව 600 කට වඩා වැඩියැයි සඳහන්වේ. නමුත් ඇයට බිලිවූ සත්‍ය සංඛ්‍යාව විවාදාත්මක වේ. 1585සහ 1609 අතර කාලයේදී බැතෝරි සහ ඇයගේ සහයකයන් සතර දෙනෙක් විසින් සියගණනක්වූ තරුණ කාන්තාවන් වදහිංසාකොට මරාදැමීමට හිමිකම් කියයි.
බැතෝරිගේ නඩු තීන්දුවේදී ඇයට බිලිවූ සංඛයාව 650 පමණ වූ බව වාර්තාවල දැක්වේ.කෙසේ නමුත් මෙම සංඛයාව හෙළිකොට ඇත්තේ සුසානා නම් සේවිකාවක් වූ අතර,එය බැතෝරිගේ මාළිගයේ නිලධාරියෙකු වන ජේකබ් සිල්වාසි විසින් බැතෝරිගේ පෞද්ගලික ග්රන්ථ වල දුටු බවද ඇය සඳහන්කොට ඇත. මෙම ග්රන්ථ කිසිදිනක අනාවරණය වී නැති අතර සිල්වාසි එය සත්‍ය යැයිද පිළිගෙන නොමැත
විරෝධතා සහ සාක්ෂි හේතුවෙන් එලිසබෙත් සහ ඇගේ පවුලට හිමිව තිබූ අධිකාරී බලයට තර්ජනයක් එල්ල විය. 1609 වර්ෂයේ දෙසැම්බරයේදී ඇයව ඉහළ හන්ගේරියාවට අයත් (වර්තමානයේ ස්ලෝවේකියා) සෙට්ජෙ බළකොටුව තුළ ජනෙල් පවා නොමැති කුටියක හුදකලාව සිරගත කරන ලදි. සිරගතකොට පස් වසරකින් ඇයගේ මරණය සිදුවිය.
ඇය මිය යන විට වයස 54ක් වු බව කියවෙන අතර (1614 අගෝස්තු 14 දින )ඇයව රුධිර ආදිපාදවරිය, සෙජ්ටෙහි රුධිර කත, සෙජ්ටෙහි ව්යාඝ්ර ධේනුව සහ ලේ රැජින ලෙස හදුන්වා ඇත.
ඇයව සිරගත කිරීමෙදී ඇයගේ සාහසික ඝාතනය කිරීම් සම්බන්ධ කතාවල සත්‍යතාවය 300 කට වඩා සාක්කිකරුවන් සහ සේවක, සේවිකාවන් විසින් සනාථකොට ඇත.ඒවායින් සමහරක් භෞතික සාක්ෂි වූ අතර කෘරලෙස අංගඡේදනය කොට මරාදැමීම් ද ඇයව සිරගතකළ පසු මියයමින් සහ සිරගත කරන ලද ගැහැනු ළමුන් සොයාගැනීමට හැකිවී ඇත.
ඉතිහාසය ඇයව සඳහන් කරන්නේ වැම්පයරයෙක් -ලේ උරාබීමට පිපාසිතව (වඩාන් ප්‍රසිද්ධවී ඇත්තේ තාරුණ්‍යය ලබා ගැනීම සඳහා ඇය කන්‍යාවියන්ගේ රුධිරයෙන් ස්නානය කළ බවට සඳහන් කතාවයි) පසුවූබව ඇයගේ මරණින් පසු ව පැතිරී ඇත.නමුත් මෙය තවමත් අවිශ්වාස ජනකය. ඇයගේ වෘතාන්තය සීඝ්‍රෙයන් අදවන විට හන්ගේරියානු ජනකතාවක කොටසක් බවට පරිවර්තනය වී ඇත.
ඇයව නිරතුරුව ව්ලාඩ් වල්ලාචියා හෙවත් සැබෑ ඩ්රැකියුලා (සෑබෑවටම ජීවත් වූ සැබෑ ඩ්රැකියුලා ගැන කලින් පොස්ට් එකක් ගෙනාව) සමග සංසන්දනය කර ඇති අතර ඇය පාදක කරගෙන ඩ්රැකියුලා පුරාවෘත්තය පිළිබඳව මිත්‍යා කතා ද ගොඩනැගී ඇත.එරට ඉතිහාසයේ අන්වර්ථ නාමවල සහ සාහිත්‍යය තුළ විරුද නාමය ලෙස ඇයව රුධිර ආදිපාදවරිය සහ ඩ්රැකියුලා ආදිපාදවරිය ලෙස ව්‍යවහාර වී ඇත.
උපුටා ගැනීම: ගුප්ත ලෝකය