ඔන්න මම ඒ ලෙවල් ක්ලාස් යන කාලේ
කොණ්ඩේ හින්දන ලද තැඹිලි තෙල් ගාලා,
දැති පනාවකින් රොද තියලා පීරලා,
එතකොට ඇවිත් තිබුණ දැළි රැවුල අප්පච්චිගේ රේසරෙන් හොරෙන් කපලා,
ඒක මාටු වෙයි කියලා රැවුල් කොට හෝදලා රේසරේ තිබ්බ තැනම තියලා,
හොඳට අයන් කරපු ටී ශර්ට් එකක් ඇඳගෙන,
ඩෙනිමකුයි පටි තියන සැන්ඩල්ස් දෙකකුයි දාගෙන,
කේ සිරි විතානගේ සර්ගේ ටියුට් එකයි,
නෝට් ලියන පොතයි අරගෙන,
පෑන ක්ලිප් එකෙන් නෝට් එකේ ගහගෙන,
බස් එකටයි තේ බොන්ඩයි සල්ලි හෙදරින් ඉල්ලාගෙන කාලේ බස් එකේ මැද හරියේ සීට් එකක ජනේලේ පැත්තේ ඉඳගෙන බොහොම ගුණ යහපත් විදිහට ගමන් කරනවා දකුණතින් ඉස්සරා සීට් එකේ ඇලුමිනියම් පොල්ල අල්ලාගෙන සහ වමත වම් කකුල මත තබාගෙන.
ඒ අතරේ විවුර්තව ඇති ජනේලයෙන් හමා එන සුළඟෙන් මාගේ පීරන ලද කෙස් ඇවිස්සීම නිසා මම අතින් එම ඇවිස්සුණ කෙස් සාදා අතේ ගෑවුණ තෙල් ඩෙනිමේ පිහදාගන්නවා,
ඉතින් මෙන්න මේකයි ශිද්ධිය,
බස් එකේ කොහොම හරි මිනිස්සු හිටගෙන තෙරපිලා යන ගානට,
සියලු බාහිර ශරීරාවයව තැලී පොඩිවෙන ගානට,
ඒකාලේ කොරෝනා තිබ්බානම් බස් පොකුරක් ඇතිවෙන විදිහට,
වංගුවක් ගද්දී බස් එකේ පිටිපස්සේ බිම වදින ගානට,
බස් එකේ දුනු වලට හික් ගෑවෙන ගානට,
එකෙක් දෙන්නෙක් හොරෙන් යන්ඩ පුළුවන් ගානට,
කොන්දාට පඩියට අමතරව රුපියල් 2000ක් විතර හොයාගන්ඩ පුලුවන් ගානට,
ඩ්රැවාට පෝය දවසක නිවාඩුවක් දාන්ඩ පුලුවන් ගානට,
සෙනඟ බස් එකේ…
ලමයෙක් වඩාගෙන ආවා අම්මා කෙනෙක්,
මට එහාපැත්තේ හිටපු ගර්ල් නැගිටලා සීට් එක දුන්නා,
මමත් නැකිටින්ඩ වගේ හැදුවා,
පොත් ටික හදලා,
ඉස්සරහා සීට් එකේ පොල්ල අල්ලලා තද කරලා,
කකුලේ මාංශපේෂි වලට ගැම්ම ගද්දී අර කෙල්ල නැගිටලා සීට් එක දීලා ඉවරයි,
ඉතින් මේ දරුවා වඩාගත් තරුණ කාන්තාව මම ලඟින් හිඳගත්තා,
පොඩි දරුවා යන්තම් බහ තෝරන වයසේ,
මෙන්න මම දිහාම බලාගෙන ඉන්නවා,
මට අත දික් කරනවා,
කෑ ගහනවා,
ඒ කියන්නේ අඬනවා නෙවෙයි,
පොඩි එකාට හෙන ජොලි මාව දැකලා,
බස් එකම දැන් මේ ජෝගිය බලාගෙන,
මිනිස්සුන්ටත් වෙන වැඩක් නෑනේ ඉතින්,
උත්තුංග දේහදාරී පුරුශයෙක් වුණත් මේ වගේ අවස්ථාවල අසරන වෙනවා පෙන්ස්,
දැන් ඉතින් මට මුසලයෙක් වගේ අහක බලාගෙන ඉන්නත බෑනේ,
කිසිම සෙන්සර් එකක් නැති පොරක් කියලා හිතයි,
ගොඩක්ම අපේ ක්ලාස් එකටම යන මම අඳුරන කෙල්ලො කීප දෙනෙකුත් බලාගෙන ඔය සීන් එක,
අපි ඉතින් ගැංසියත් එක්ක ඉද්දී හෙන පොරවල්නේ, දැන් ඉතින් පිකාසෝ තනිවෙලා,
ඕකුන් ගිහින් කීවොත් එහෙම කොන්වන්ට් එකේ බාලිකාවේ අනිකුත් කෙල්ලන්ට,
ඒ කෙල්ලොත් හිනා වෙනවා සීන් එකට,
මම ලැජ්ජාව කේ සිරි සර්ගේ ටියුට් එක අස්සට දාලා,
ධාරක සෙනේ ගත්තා අත්ලට,
කාම්ගේ වුම්ණත් දම්රුවෙම්ක්නේ කිම්ලා,
“හලෝ…
කෝමද…
කුචි කුචි කූ…”
කියලා පොඩි එකාගෙ සුළැඟිල්ලක් එහෙම ඇල්ලුවා…
බලන් ඉන්න මිනිස්සුත් බොහෝමසම්වේදීව බලාන ඉන්නවා,
“බලන්න දැන් ඉන්න තරුණයෝ නරකයි කීවාට ඒම නෑ”
“බලන්න කොච්චර ගුණ යහපත් දරුවෙක්ද ඒ දරුවා”
“අම්මපා මගේ බඳින වයසේ කෙල්ලෙක් හිටියානම් දෙන්නේම මේවගේ කොල්ලෙක්ට”
“අපේ එවුන් එක්ක බලද්දී මේ කොල්ලා රත්තරන්”
කියලා ඇන්ටිලා කතා වුණා ඇහුණේ නෑ,
මට හිතුණා.
මාගේ දරු දුක දැකලා පොඩි කොල්ලා තවත් ෆෝම් වුණා,
මම ඒත් හිතුවා
“හරි හරි පුතේ නිදාගන්න,
මාමිට කරදර කරන්න එපා”
කියලා ඒ දරුවාගේ පැටිකියුලර් මවවත් කියයි කියලා,
ම්හ්…
නෝ කතා,
ඒ අක්කත් පාඩුවේ ඉන්නවා…
මගේ නහය අල්ලන්ඩ හදනවා,
කනෙන් අල්ලන්ඩ හදනවා,
කෙල ගහන්න හදනවා,
ශර්ට් එකෙන් අදින්න හදනවා,
මමත් ඉතින් දරුවාට ආදරේ විදිහට පුළුවන් තරම් බේරිලා ඉන්නවා පොඩි මෑන්ගෙන්,
බස් එකේ මිනිස්සුන්ටත් තේරුණා මා අසරණවූ බව,
දරුවා සහ අසරණ තරුණයා ෆිල්ම් එක බල බලා හිනා වෙවී යනවා එයාලත්,
කොහොම හරි පොඩි එකා හොඳට හරිබරි ගැහිලා,
“තාත්තා……”
කියලා කෑගහපි බස් එකටම ඇහෙන්ඩ…
මුළු බස් එකම එක හිනා හඬයි,
අර අක්කාට කරගන්ඩ දේකුත් නෑ,
මම ජීවිතේට ඒ අක්කාව දැක්කෙත් එදා,
මම ඒ දරුවාගේ තාත්තා වෙන්න කිසිම හේතුවක් නෑ,
එහෙම සිදුවීමක් මතකත් නෑ,
මම අහින්සක හිනාවක් දැම්මා,
කට ඇදවෙලා කන් වලින් දුම් දැම්මා,
බස් එකේ හැමෝම හිනා වෙනවා,
කොන්දාටත් හිනා,
ආච්චි කෙනෙක්ගේ දස්සෙට් එක පනිනවා තව පොඩ්ඩෙන් ඉඳගෙන හිටපු අංකල් කෙනෙක්ගේ තට්ටේට,
මට එවෙලේ ජනේලෙන් පැනලා වුණ තුවාල එක්කම පයින් ඩිස්පැන්සරියකට ගිහිල්ලා බේත් දාගෙන ක්ලාස් යන්න හිතුණා ප්රෙන්…..
ඔබේත් මෙලෙස බස්වල වස්ත්ර ගැලවුණ සිදුවීම් තිබේද?
උපුටා ගැනීම: -Tharu Rajapaksha–