මේ කතාව කියන මම අවුරුදු 22ක කෙල්ලෙක්. තාත්තා නෑ. අම්මා විතරයි ඉන්නෙ. මේ කියන දවස මහ අවාසනාවන්ත දවසක්.
මට තියෙනවා ගොඩක් අය ආස කරන බඩ්ඩක්. තට්ටු දෙකේ ඇඳක්. ඔව්. අර ඉස්කෝලෙ හොස්ටල් එකේ තිබ්බෙ. අන්න එහෙම එකක්. මං නිදාගන්නෙ උඩ ඇඳේ… උදේ අවසිහියෙන් වගේ බහිද්දි මං දබං ගාලා උඩ ඉඳන් වැටුණා…
අම්මා අත… හොල්ලන්නවත් බෑ රිදෙනවා… කැඩිල ද මන්දා…
අපෙ අම්මා මාව එක්කන් ඉක්මණට ළඟ තියෙන ජයවර්ධනපුර ඉස්පිරිතාලෙට එක්කන් ආවා…
එතැන ඉස්සරහ තියෙන කවුන්ටරෙන් කොරෝනා ගැන ප්රශ්න ටිකක් අහලා මාව ඇතුළට දැම්මා…
ඇතුළට ගියා විතරයි මං ගාවට ආවා ඩොක්ටර් කෙනෙක්.
මූණ වැහෙන්න මාස්ක් එකක් දාලා තිබ්බ හන්දා කවුද කියලා පෙනුනේ නෑ.
කටහඬින් තරුණ වයසේ ඉන්න පිරිමි කෙනෙක් වගේ… වැඩි උසකුත් නෑ…
මං ටිකක් ලස්සන කෙල්ලෙක් කියලා ගොඩක් අය කියලා තියෙනවා… මං කොල්ලෙක් එක්ක කතා කළොත් එයා ගොඩක් වෙලාවට මට පැණි හළනවා… මට ඇත්තට ම ඒක මහ වදයක් වෙලා තියන්නේ.
ඒත් මේ ඩොක්ටර් මාත් එක්ක කතා කරලා විස්තර අහගත්තාට කිසිම සෙවල ගතියක් තිබ්බෙ නෑ… මගෙ අතේ x ray එහෙම ගන්න ලියල කැක්කුම අඩුවෙන්න බෙහෙතකුත් දීලා ඒ ඩොක්ටර් වෙන ලෙඩෙක් බලන්න ගියා…
ඊටත් ටික වෙලාවකට පස්සෙ මෙයා වතුර එකක් බොන්න දාගෙන හිටපු මාස්ක් එක ගැලෙව්වා… එතකොට තමයි මං එයාව හරියට දැක්කෙ.
ඇත්තට ම මං එයාට වශී වුණා… පොඩි පොඩි රැවුල් කොට වලින් මූණ වැහිල තිබ්බට ඒකෙත් මහ අමුතු ලස්සනක් තිබ්බෙ. හොඳටම busy හන්දා උදේ රැවුල කපන්න අමතක වෙන්න ඇති. දවසක එයාගෙ ම වෙලා රැවුල කපලා දෙන්න ඇත්නම් කියලා මට හිතුණා…
මෙයාතරුණ වයසේ කෙනෙක්. මට වඩා අවුරුදු 10ක් වගේ වැඩිමල් ඇති. තරුණ අපිට හිත යන්නෙ වැඩිමල් අයට කියල අහලා තිබ්බාට ඒක ඇත්ත කියලා හිතුණේ අද…
මෙයා ඇටෙන්ටන්ට් ලා එක්ක වුණත් කතා කළේ ගරු සරු ඇතිව… මිස් ල එක්ක වුණත් ඕනි නැති විදියට හිටියේ නෑ…
ඒ දේවල් වලින් මෙයාට තිබ්බ කැමැත්ත වැඩි වෙලා ගියා…
ඔයා කොහේ කෙනෙක් ද… මං වගේ කෙල්ලෙක්ට එයා කැමති වෙයිද… හිත දාහක් ප්රශ්න අතරේ අතරමං වුණා…
එයාගේ කටහඬ හරිම ලපටියි. මෝරපු ගතියක් තිබ්බෙ ම නෑ. හැබැයිඅහන් ඉන්න ආස හිතෙනවා. හැඩි දැඩි පිරිමියෙක් ට ආස කරපු මට මේ වුණේ මොකක්ද කියලා හිතා ගන්නවත් බෑ…
ගත්තු xray එකේ විදියට මගේ අතේ ඇඟිල්ලක එක ඇටයක් කැඩිලා තිබුණා. ඒත් ඒකට ඇඩ්මිට් කරගන්න ඕනි නැතිලු. මාත් බයේ හිටියේ ඇඩ්මිට් කරගනී කියලා…
කොහොමහරි මේ චූටි දොස්තර මහත්තයා මගේ ඒ කැඩිච්ච ඇඟිල්ලයි එහා පැත්තෙ ඇඟිල්ලයි අල්ලලා බැන්ඩේජ් එකක් දැම්මා… අත හරිම සිනිදුයි. හැබැයි නියපොතු කපල නම් තිබ්බෙ නෑ… තාම නියපොතු කපලා දෙන්න කවුරුවත් නෑ වගේ… මං හදලා ගන්නම්කෝ…
මගෙ බෙහෙත් ටිකත් ලියලා මගෙ අතටම දුන්න එයා තව සති දෙකකින් ඇවිල්ලා පෙන්නාගන්න කියලා කීවා… පොඩි හිනාවක් දාලා වෙන ලෙඩෙක් බලන්න ගියා… මං thank you කියලා එළියට ආවා…
අනේ මට එයාගේ නම වත් අහගන්න බැරි වුණා නේ… ඉන්නකෝ… මං ඊළඟ දවසේ අහගන්නකම්…
මේ කියන දොස්තර මහත්තයා ඉන්නෙ ජයවර්ධනපුර etu එකේ…
ඔයා මගේ හිත හොරකං කළා පොඩි දොස්තර මහත්තයෝ … ආයෙමත් ඔයාගෙ කටහඬ අහන්න තියේ නම්… ලෝබයි ඔයාව දාලා එන්න වෙච්චි එක ගැන…
උපුටා ගැනීම: Kavi Singhawanse