“ළමායි… දැං බෙල් එක ගැහුවට පස්සෙ දෙන්න දෙන්න පේළි හැදිලා යන්න ඕන. හතේ මල්ලිල නංගිලට ඉඩ දීල ඔයාල ඊට පස්සෙන් යන්න…”
“මේ දසුනා, මිස් මොනව කිව්වත් වැඩක් නෑ. අපි හතේ පේළියට සෙට් වෙලා පැන ගමු. නැත්තං හතේ එවුන් හාරසීය පණහක් ගිහිං ඉවර වෙද්දී හෙට උදේ වෙලා තියේවි.”
“ඒක ඇත්ත. හතේ පේළියට සෙට් වෙලා යමු එහෙනං.”
“තෝ මගේ ළඟින්ම හිටහං. හතේ එවුන් ආව ගමං ඒකට සෙට් වුණා. ගියා… හරී…”
“එලම…”
====================
“දසුනා… ඔන්න හතේ එවුන් ටික එනවා. ලෑස්ති වෙයං…”
“හරි බං එළ…”
========= ================
“හරී දසුනා.. යමං යමං… ඉක්මනට…”
දසුන්ගෙ අතින් ඇදං මං දුවන්න පටං ගත්තා…
“ඈහ්… මොකො මේ ඉස්කෝලේම එවුන් මගේ නම කියල කෑ ගහන්නේ…යකෝ එකට ඉන්න එවුනුත් මොර දෙනවා මං මිනී මරණවා දැක්ක වගේ… මුං ට පනින්න හොඳයි. මට පැනගන්න හොඳ නෑ… නොදකිං මේ වගේ යාළුවො…චික්…”
එන්න එන්න සද්දෙ වැඩි වෙන නිසා මම දසුනව ඇදගෙන දුවන ගමං ම වටපිට බැලුවා.
“ලකී… ඔයා කොහෙද මේ මාවත් ඇදන් දුවන්නේ…”
කණ ළඟින්ම ඇහුණ හීන් හඬක් නිසා මම නැවතුණා.
“දසුනා… තොට හෙම්බිරිස්සාව වත් ද?”
කියල අහන්න හදා ගත්ත කට එහෙමම ගල් වුණා මිත්රවරුනි… එතන හිටියෙ දසුනා නෙවෙයි. මිස්ල සර්ල එක්ක මුළු ඉස්කෝලේ ම එවුං කෑ ගහන්න හේතුව වැටහෙද්දී කකුල් දෙක මැඩලින් ගහන්න ගත්ත නිසා එතනම තිබ්බ බිත්තියට හේත්තු වුණා.
ඒකි හිතන්න ඇති මං ඒකිව මරන්න ඇදං යනව කියල… අට වසරෙ කියල නෑ ඒ දවස් වලත් අලියා වගේ මං මහත නිසා ඒ වගේ තමයි ඒකිට දැනෙන්න ඇත්තෙ.. දැං නං මතක නෑ කවුද ඒ කෙල්ල කියල…
මං තාම කල්පනා කරනව දසුනා වෙනුවට කෙල්ලෙක් ව මගේ ළඟට රිප්ලේස් වුණේ කොහොමද කියලා…
============================
අතීත මතකයක් චුට්ටක් එඩිට් කරල ගත්තා…
අටේ දි අපේ පන්තියේ ඉඳපු එවුං ට නං මතක ඇති අට වසරයි හත වසරයි ගෙදර යද්දී මුහු වෙන්නෙ කොතැනදී ද කියල…
උපුටා ගැනීම: Lucky Dhananjaya