දෙදෙනාම ටික වෙලාවක් කතාකරමින් සිට සහේලි අසලට යලිත් ගියත් මිගාර එතරම් සහේලිට පේන්න හිටියෙ නෑ….තමන්ව දැක්කම සහේලිට කේන්ති යන නිසයි එහෙම කලේ මිගාර සහේලිගෙ සතුට වෙනුවෙන්….
නිවසේ තෑගිබෝග පිරීගියේ පැමිණි සියලු දෙනාම ධනවත් තරුණියන් නිසයි…..සහේලිට මිතුරන් නොසිටියත් මිතුරින් තිහහතලිහක්වත් සාදයට පැමිණෙන්නට ඇත…ඒත් මිගාර නිවස තුලටවත් පැමිණියෙ නෑ….
“චානු…මිගාරව දැක්කෙම නෑ ගොඩක් වෙලාවකින්.ඔයා දැක්කද.?මොනවා වුනත් කේක් කෑල්ලක්වත් දෙන්න…මට හැමතිස්සෙම ලෙක්චර්ස් දුන්නට මිනිහා මගේ ඩ්රයිවර්නෙ කොහොමත්…”
සහේලිගෙ හිතේ මිගාර ගැන තරහක් ඇතිවුනේ වැඩියෙන් ඇයගේ සෑමදෙයක් ගැනම ඕනවටත් වඩා සොයාබැලු නිසා විතරයි…ඒ හැර මිගාර සාමාන්‍ය කොල්ලෙක් නොවන බව සහේලිත් හොඳින්ම දන්නවා…කෙල්ලෙක්ට කොල්ලෙක්ගෙ දෑස්වලින් ,බැල්මකින් ඔහුගේ හදවත හා ඒ මොහොතේ ඇති හැඟීම් කියවිය හැකි විය යුතුයි.සහේලිටත් එය හැකියි…එය ඇය සිදුකළේ මිගාරව දුටු පලමු මොහොතෙදිමයි.එයින් මිගාර කවුද කියා ඇය තේරුම් ගත්තා.
“එළියෙ ඇති.එයාගෙ කාමරේ..මමත් හවස දැක්කට පස්සෙ දැක්කෙ නෑ….ඔයාට එයා දැක්කම කේන්ති යන නිසා එයා කැමති නැතුව ඇති ඔයා ඉස්සරහට එන්න.”
“හ්ම්…හරි මමම ගිහින් කේක් කෑල්ලක් දීලා එන්නම්….”
“ඒක හොඳයි සහේලි.”
සහේලි ලොකු කේක් කෑල්ලක් කපා ටිෂූ කොල දෙකකින් ප්‍රවේශමෙන් ඔතා මිගාර සිටින කාමරය වෙත ගියේ අමුතු හැඟීමකින්…මිගාර ගැන සහේලිට අනුකම්පා හිතුනු දෙවනි අවස්ථාව මේ…
“මිගාර ….මිගාර…..ඔයා ඇතුළෙ ඉන්නවද?”
“අා ඔව් ඉන්න පොඩ්ඩක් සහේලි මිස්….”
මිගාර දොර විවර කල විටම දුටුවේ ඇයගේ මද සිනාවක් මුවගෙහි රැඳුණු සුන්දර මුහුණ.ඒත් මිගාරට පුදුමයි….
“ඔයා ආවෙ නැති නිසයි මමම කේක් කෑල්ලක් අරන් ආවෙ….මට විශ් කළෙත් නෑ…ඒත් කමක් නෑ….මට කොයිවෙලාවෙත්
වදයක් වුනත් මගේ යුතුකම නිසයි ආවෙ…මේක ගන්න…. මම යන්න ඕන…”
“සුබම සුබ උපන්දිනයක් වේවා සහේලි මිස්…හැමදාම සතුටින් ඉන්න….”
ඒ පැතුමේ හෘදයාංගම බවක් සහේලිට දැනුණා…මිගාර ඒ පැතුම පැතුවෙත් අවංකවමයි….ඒ නිසාම වෙන්නැති ඇයට එය ඒතරම් තදින් දැනුනෙ…..”
සාදය ගලාගියේ DJ සංගීතයකුත් සමඟින්….එය පියාගෙන් සාදයට එක්වූ අංගයක් වුවත් සියලු දෙනාම උපරිමයෙන් එය රසවින්දා…කාලය ගත වූයේ බොහෝ සතුටින්….සංගීතයත් නිම වී නිවසේ ඉතිරිවූයේ සුලු පිරිසකි…ඒ අතර සහසුත් සිටියා.වෙලාව අලුයම 1 ත් පසු වී තිබුණේ නොදැනුවත්වමයි…ඒ අතරතුරයි මෙහෙකාරිය බීම හදාගෙන පැමිණ සියලු දෙනාටම පිලිගැන්වූයේ….
විනාඩි 20 ක් යාමට මත්තෙන් සහස් හැර සියලු දෙනාවම නින්දට වැටුනේ සාලයේ සිටි සිටි තැන්වලමයි…තවත් වෙලාව නාස්ති කිරීමට සහස්ට උවමනා වූයේ නෑ…..ඔහුම ගෙන ආ දිලිසෙන ගවුමෙන් සැරසී සිටින සහේලිව සහස් දෝතට ගත්තේ ඇගේ ගත දෙස බලා කෑදර සිනාවක් සමඟින්…..සහස් ඇයව රැගෙන ගියේ සහේලිගේම කාමරයට…
“මගේ ප්‍රින්සස්…..අද ඔයාගෙම මේ ඇඳේදි මම ඔයාව මගේ කරගන්නවා…කවුරුවත් නෑ ඔයාව මගෙන් ඈත් කරන්න…..අර තමුන්ගෙ බොඩි ගාර්ඩ්.කෝ මිනිහා…..ඌටවත් බෑ අද මට බාධා කරන්න….මට වැඩිම කාලයක් ගියේ උඹව අල්ල ගන්න සහේලි…..උඹ හෙන අමාරුකාරියක් නම් නෙවෙයි..උඹ වගේ කෙල්ලො පුංචි ජිල්මාට් එකකින් අල්ලගන්න පුලුවන්.ඒත් උඹේ ඩ්‍රයිවර් නිසයි උඹ මෙච්චර කාලයක් බේරුණේ….මෙච්චර ආස හිතෙන ඇඟට ඔච්චර ලස්සන ඇඳුම් ඇන්දම අපි කොහොමද ඉවසන්නෙ සුදු මැණිකේ….එදා උඹව දැක්ක මුල්ම දවසෙ උඹේ ඔය ලස්සන සුදු ඇඟට හිර කොටම කොට ඇඳුම නිසයි මට ආශාව වැඩිවුනේ උඹ ගැන.”
සහස් කියවන්නේ අසිහියෙන් මෙන්…වෙලාව ගත්තත් ඇයව බේරගැනීමට කිසිවෙක් නොපැමිණෙන බව සහස්ට විශ්වාසයි…..සහස් බීම කුඩුවලට එක්කලේ කුඩුකල නිදිපෙති අධි මාත්‍රාවක්.සාදයට පෙරයි මෙය සහස් රහසේම සිදු කලේ…..
සහස්ට තවත් ඉවසා සිටීමට නොහැකිවුණා සහේලි දෙස බලන්…ඇය කිසිත් නොදැන දෑස්පියාගෙන ඇයගෙ ඇඳමතයි.ඇයට තව මොහොතකින් සිදුවීමට යන විනාශය ගැන දැනීමක් නෑ….
මිගාර නිකමට නිවස තුලට පැමිණ බැලීමට සිතුනෙ අහම්බෙන්…ඒත් නොසිතූ ලෙස ප්‍රධාන දොරවල් දෙකම අගුලු ළා තිබුණේ…එසේ විය නොහැකි බව මිගාර දන්නවා….එහෙම කළානම් මිගාරව ඒ ගැන කවුරුන්හෝ දැනුවත් කිරීම පුරුද්දක්…ඒනිසාමයි මිගාරට අනතුරක සේයාවක් දැනුනෙ…..ඒත් මිගාර දුරදිග කල්පනා කර එක් ජනේලයක අගුලු විවර කර තබන ලෙස කලින්ම මෙහෙකාරියව දැනුවත් කර තිබුණේ….ඒ විශාල ජනෙල්වල ග්‍රිල් නොතිබූ නිසා එය පමණයි සුදුසුම මග.මිගාර ජනේලය වෙත ගියේ ඉක්මනින්.එයින් රහසේ ඇතුලු වූ මිගාරට සිදුවූ දෙය වටහා ගැනීමට වැඩිවෙලාවක් ගියේ නෑ….ඔහුව එක්වරම සිහිවුනේ සහේලිව. ඒ නිසයි ඉක්මනින් එ්ත් ශබ්ධ නොනැගෙන ලෙස මිගාර උඩු මහලට ගියේ…..පාවහන් නොමැතිව සිටින නිසා කිසිදු ශබ්ධයක් ඇසීමට කිසිදු ඉඩක් නෑ….ඔහුට ඉබේම පියවර තැබුණේ සහේලිගෙ කාමරය දෙසට.ඒත් එහි දොර වසා තිබුනා….යතුරක්වත් දොරෙහි තිබුණෙ නෑ….මිගාරට දෙවියන් සිහිවූයේ එවිටයි…මොහොතක්වත් ප්‍රමාද නොවී කාමර දෙක තුනකම බලා අවසානයට මිගාර දිවුවෙ සහේලිගෙ පියාගෙ කාමරයට.එහි ලාච්චුවක තිබූ එකම යතුරු කැරැල්ලක් අතට ගත් මිගාර ඉක්මනින් දිවුවේ සහේලිගේ කාමරය ළඟට….පලමු යතුරටවත් දෙවන යතුරටවත් එහි දොර විවර වූයේ නෑ.වාසනාවට තෙවන යතුරෙන් දොර විවර වුනා…..මිගාරට දුටු දසුනෙන් දැනුනේ හිස ගිනිගන්නවාක් වැනි හැඟීමක්….සහස් උඩුකය නිරුවත්ව සිටියේ සහේලිගෙ ඇඟමත….සහේලිව නිරුවත් කිරීමටයි සහස් උත්සහ කරමින් සිටියේ….සහේලිගේ ගවුමේ පිටුපස ෂිපරය තද නිසා සහස්ට සහේලිගේ ගෞරවය බිලි ගැනීමට මදක් ප්‍රමාද වුනා…..
“මොකක්ද වලත්තයො තෝ කරන්නෙ.!!!! ආ..”
මිගාර එහෙම අසමින්මයි සහස්ව සහේලිගේ ගත මතින් ඇදලා බිමට ගත්තේ….සහස්ට ආශාව නිසාම මිගාර පැමිණෙන බව ඇසුනෙ නෑ….
“තෝ හිතුවද හු#### මේ මිගාර ඉන්නකල් සහේලිට අතක් තියන්න පුලුවන් කියලා…..උඹට වැරදුනා යකෝ…උඹට වැරදුණා.මම මෙයාගෙ බොඩි ගාර්ඩ් විතරක් නෙවෙයි මම මෙයාව මගේ යාළුවෙක් කියලයි සැලකුවෙ මෙච්චර කල්.ඒ හින්දයි ඩියුටියට වඩා මම මෙයාගෙ පස්සෙන්ම හිටියෙ…
මම දන්නවා උඹලා වගේ එවුන් මුලින්ම ඇදෙන්නෙ ලස්සන නොයිඳුල් මල්වලට කියලා.සහේලි මිස්ට අතක් තියන්න උඹට හයියක් ආවෙ කොහොමද බල්ලො.ආදරේ නම තියලා ඒ අහිංසකීව අසරණ කරලා,වෙනස් කරලා….ඒකිගෙ හැමදේම ගන්න හදපු තෝව මම යහතින් තියයි කියලා හිතනවද?
තෝ මෙයාට මොකුත් කළාද කියපන් බල්ලො මොකුත් කළාද?”
මිගාරගේ වේගවත් වචනත් පහරදීමුත් නිසා සහස් සියල්ල හෙලිකලේ ගොතගසමින්.ඔහුගේ තොල් පැලී ලේ ගලමින් තිබුණෙ……
“නෑ….මො…කු…ත් උ…නේ නෑ මෙයාට.උ….ඹ ආ….ව…නේ.
ම…ට බැරිවුණා සහේලිව මගේ කරගන්න….”
බිම වැටී සිටි සහස්ට වේගයෙන් පයින් පහරක් මිගාර ගැසුවේ එය පවසා අවසන් වනවාත් සමඟයි….
ඒ සැනින් මිගාර බැලුවේ සහේලි දෙස….ඇයට ඒ වෙද්දි සිහිය ඇවිත් තිබුණෙ….ඒත් ඇයගේ දෑස් බොඳයි…..ඇයට කරදරයක් සිදුවූ බවට සළකුණක් තිබුණෙ නැති නිසයි මිගාර දිගු සුසුමක් පිටකලේ…..සහස්ට ඇයට කරදරයක් කිරීමට අවස්ථාවක් ලැබී තිබුණෙ නෑ…..ඔහු සිතා සිටියේ නිදහසේ ඇයගෙන් ගතයුතුදේ ගැනීමටයි.ඒ නිසයි සහේලිට කිසිවක් සිදු නොවූයෙ…..
“මි….මි…මි…ගා…ර…..”
“කියන්න සහේලි මිස්…ඔයාට කරදරයක් නෑ නේද…අනේ කියන්නකො සහේලි මිස්…..”
මිගාර කතාකලේ කලබලයෙන්….
“ම….ට ව…තු …ර ටි…ක..ක් දෙ…න්..න මි..ගා…”
“හරි හරි හොඳ මිස්වගේ දැන් සද්ද නැතුව ඉන්නකො…මම පහලට ගිහින් වතුර අරන් එන්නම්…හොඳද….මට විනාඩියක් දෙන්න….”
මිගාර පහලට ගියේ සහස්වත් බිමදිගේ ඇදගෙනමයි….පඩියෙන් පඩිය වැටෙමින් ඇදගෙන ගිය නිසා ඔහුට සැලකිය යුතු තරම් තුවාල සිදුවුණා…..මිගාරට මේ පහරදීම් වලින් වත් සැනසිල්ලක් නොතිබුණේ සහස් සහේලිට සිදුකිරීමට ගිය දේ නිසා….ලණුවක් ගෙන කුස්සියෙ කණුවකට තබා සහස්ව බැඳ දැමූ මිගාර එක්වරම දුටුවේ රාක්කයක ඇති ලුණු පැකැට්ටුවක්….මිගාර මේ වෙද්දි සිටියේ කෝපය පාලනය කරගත හැකි මට්ටමක නොවේ…ඒනිසා භාජනයක් ගෙන ජලය පුරවා ලුණු පැකැට්ටුවෙන් ලුණු අහුරුදෙකක් ගෙන එහි දියකර සහස්ගේ හිසේ සිට හැලුවේ ඒ කෝපයෙන්මයි…සහස්ගේ සියලු තුවාල රිදුම් දෙන්නට වූයේ ලුණු දියර ගැවුණ නිසයි..වේදනාවෙන් කෑගසන සහස්ගේ මුවෙහි රෙදි කැබැල්ලක් හිර කර දමා ඉක්මනින් ජලය වීදුරුවක් ගෙන ගොස් සහේලිට පෙවුවේ මිගාරගෙ අතින්මයි…..ටික වෙලාවකිනුයි සහේලිට පියවි සිහිය ලැබුණේ…..එතකල් මිගාර ඇයගේ හිස පිරිමදිමින් සහේලිගේ ඇඳ අද්දරට වී හිඳගෙන සිටියේ සිදුවූ දේවල් එකින් එක යලි යලිත් සිතින් සිහිකරමින්….කොතරම් සහස්ව සැක කලත් මිගාර මෙවැනි දෙයකට සූදානමින් සිටියෙ නෑ…..
“මි…ගා…ර මට සමාව දෙනවද…?”
සහේලි ඇසුවෙ යන්තමින් හඬ පිටවෙන ලෙස….
“ඇයි ඒ සහේලි මිස්….”
” මගෙන් ඔයාට සිද්ධ වුන හැම දේකටම..ආව දවසේ ඉඳන් මම කරපු නපුරුකම් වලට…..”
මිගාර යන්තමින් සිනහාවී ඇඳෙන් නැගිට්ටේ.ඒත් ඇය ඔහුගේ අතකින් අල්ලගත්තේ මිගාර නොසිතූ ලෙස….ඒ නිසයි ඔහු ආපසු හැරුණෙ…
“මට ඔයාගෙ උත්තරේ ඕනි මිගාර…..”
“මට මිස්ව ආරක්ෂා කරගන්න බැරිවුනාට මිස්ගෙන් සමාව ඉල්ලනවා මිසක් මිස් මගෙන් සමාව ඉල්ලන්න ඕනි නෑ මිස්….”
“එහෙනම් මට මේක කියනවද ?ඔයා අදින් පස්සෙ මගෙන් බලාපොරොත්තු වෙන්නෙ මම ඔයාව කොහොම ආශ්‍රය කරන්න ඕනි කියලද?”
“කලින් විදියටම…මම මිස්ගෙ බොඩිගාර්ඩ් ඇන්ඩ් ඩ්‍රයිවර්….”
මිගාර සහේලිට බෙඩ්ෂීට් එකත් පොරවා කාමරයෙන් එලියට ගියා….ඒ ගියේ සහස් ළඟට….
“රිදෙනවද උඹට….?”
සහස් ඔව් කියන්නට මෙන් හිස සැලුවත් මිගාරගෙ හිත උණු වුනේ නෑ…
“උඹ අර අහිංසකීට දෙන්න හැදුවෙ ඔයිට වඩා වේදනාවක්….උඹ සතුටු වෙයන් උඹව මම අද නොමැරුවට…නොමරන්නෙ මට බැරි කමකට නෙවෙයි.මේ මිනිස්සුන්ගෙ නම්බුව ගැන හිතලා….ඒක හොඳට මතක තියාගනින්…..”
මිගාර එහෙම කියලා කම්මුල් පහරකුත් ගැසුවා.වෙලාව අලුයම 3.30 යි…මේ වන විට සියලු දෙනාටම ටිකෙන් ටික සිහිය ලැබෙමිනුයි තිබුණෙ….ඒත් මිගාර නොනිදා සිටියේ සහස් පැනගනීවි යැයි බියෙන්.කෙසේහෝ සියලු දෙනාටම සිදුවූ දේ වටහා ගැනීමට ගියේ විනාඩි කීපයක් පමණයි.සියලු දෙනාම දිවුවේ සහේලිගේ කාමරයට….සහේලි පුංචි දරුවෙක් මෙන් බෙඩ්ෂීට් එකට ගුලි වී නිදාගෙන සිටියෙ මත් ගතිය නිසයි.ඇය ගැන සියලු දෙනා බිය වූ නිසයි සහේලිගේ පියාත් මවත් ඇයව උදෑසනම හිතවත් වෛද්‍යවරියකට පෙන්වීමට එක්කගෙන ගියේ….ඒත් වෛද්‍යවරියගේ නිගමනය වූයේ ඇයට කිසිවක් සිදුවී නොමැති බවයි.
මේ වනවිටත් සහස්ව පොලීසියට මිගාර විසින් බාර දී අවසානයි.සහස්ට වසර ගණනාවක් යනතුරු නිදහස් වීමට නොලැබේවි.ඔහුගේ මිතුරාත් , ඔවුන් කල අපරාධ සියල්ලත් සහස්ගෙන් කල ප්‍රශ්නකිරීම් වලදී පොලීසියට හෙලිවුනා.
සහේලි නිවසට පැමිණ කාර් රථයෙන් බැස දුවගෙන ගියේ බිත්තියකට හේත්තු වී සිටි මිගාර වෙතට….ඇය මිගාරව තදින් වැලඳගත්විට මිගාර පුදුම වුනා…..ඒත් සහේලි ටිකක් වෙලා ඔහුව තදින් වැළඳගෙන සිටියා….
“සහේලි මිස්….මො…මොකද මේ….මට මේ ගෙදර රස්සාවත් නැති කරන්නද හදන්නෙ…..”
“කොහොමත් අද ඉඳන් ඔයා මගේ ඩ්‍රයිවර් නෙවෙයි…..”
“මොකක්…..අ..නේ…”
“ඔයා අද ඉඳන් මගේ ඩ්‍රයිවර් නෙවෙයි මගේ හොඳම යාලුවන්ගෙන් කෙනෙක්….මගේ එකම පිරිමි යාළුවා……”
“සහේලි මිස්…?”
“ඔව් මිගාර…ඔයාට පුළුවන්නම් මං ඔයාට කරපු වැරදිවලට මට සමාව දෙන්න…ඒත් ඊයෙ රෑ ඔයා සහස්ට ගහද්දි කියපු හැමදේම මට ඇහුණා….ඔයා මුල ඉඳන්ම මට සලකලා තියෙන්නෙ හොඳම යාළුවෙක් විදියට…ඒත් මගේ මෝඩ මොලේට ඒක තේරුම් ගන්න බැරිවුණා…..මට ඔයාගෙ උපදෙස් කරදරයක් වුනා.මට තේරුණෙ නෑ මට තියෙන අවදානම ගැන.ඔයායි චානුයි මෙච්චරටම කියන්නෙ මොකක්ද කියලා මට තේරුම් ගන්න බැරිවුණා.මට සමාවෙන්න මිගාර….ඇත්ත,ඔයා මගේ ඇඳුම් පැලඳුම්වල ඉඳන් මට අවදානමක් තියෙන හැමදෙයක් ගැනම මාත් එක්ක කිවුවා…මම තේරුම් ගත්තෙ නෑ….චානු මට කිවුවා ඔයා මං ගැන වදවුනු තරම්….හොඳම යාලුවෙක්ට විතරයි බැනුම් අහගෙනත් එච්චරම කැපකිරීමක් කරන්න පුලුවන්…..ඔයා ඒක ඔප්පු කලා මිගාර.
මම සහස්ට ඇත්තටම ආදරේ කලා….ඒත් එයා මගේ ආත්මෙම එක්ක සෙල්ලම් කරන්න හැදුවෙ….ඔයයි මගේ ආරක්ෂකයා….මම එච්චරටම ඔයාට බනිද්දිත් මාව අතහැරියෙ නෑ ඔයා.ඔයා හිටියෙ නැත්තම් මගේ ජීවිතේ මේ වෙද්දිත්…….”
සහේලිට ඇඬෙනවා..ඇය දන්නවා තමන් දුරදිග නොබලා කල දේවල් වලින් මේ හැමදේම උනේ කියලා…සහේලි ඊටපසු කතාකලේ දෑස්වල කඳුළු පුරවන්….
“මට සමාවෙලා අදින් පස්සෙත් මාව හොඳට බලාගන්නවා නේද?මට කියන්න මිගාර…..”
“ඇයි සහේලි මිස් හොඳම යාලුවෙක්ගෙන් සමාව ඉල්ලන්නෙ….යාලුවන්ගෙන් සමාව ඉල්ලන්න ඕනි නෑ….ඔය කඳුළු පිහදාගන්න.ඔයා කැතයි අඬනකොට…”
මිගාර අන්තිමට කියූ වචනටික කිවුවෙ විහිලුවට.ඒ නිසයි සහේලි කඳුළු අතරින් මිගාරගෙ දෑස් දෙස ඍජුව බලා සිනාසුනේ…..
“ඒ කියන්නෙ මම ඔයාගෙ හොඳම යාළුවෙක් නේද මිගාර….”
“නෑ ….මගේ හොඳම යාළුවත් ඔයා…..මටත් මේ වෙනකල් ගෑනු ළමයෙක් යාළුවෙක් විදියට ඉඳලා නෑ….මම ආශ්‍රය කරලත් නෑ..ඒත් ඔයාගෙ අම්මා තාත්තා කැමති වෙයිද අපි එහෙම ආශ්‍රය කරනවට.?”
මිගාර ඇසුවෙ සහේලිගෙ පියා දෙස බලමින් සැකයෙන්.
“පුතා ඔයා එදා මට වෙච්ච පොරොන්දුව අද ඉෂ්ඨ කරලා පෙන්නුවා.ඉතින් මගේ දුව ළඟින් ඔයා දිගටම ඉන්න ඕනි.ඒත් සර්වන්ට් කෙනෙක් විදියට නෙවෙයි යාළුවෙක් විදියට.මගේ කෙල්ලට මගෙන් පස්සෙ එකම ආරක්ෂාව ඔයා මිගාර….”
“තෑන්ක්යූ ඩැඩී…මට මෙච්චර කාලෙකට බර්ත්ඩේ එකකට ලැබුන වටිනම ප්‍රසන්ට් එක ඔයා මේ දුන්නෙ….”
සහේලි කිවුවෙ ගොඩක් සතුටින්.ඒත් ඒ කතාව ඇතුළෙ ඔහු ඍජුව නොකී ඊටත්වඩා කතාවක් තිබුනා කියලයි මිගාරට හිතුනෙ..ඔහු ඒ ගැන වැඩිපුර හිතන්න ගියේ නෑ…..
“එහෙනම් ඔයාට හිමිකාරයෙක් එනකල් මම ඔයාව මීටත් වඩා හොඳට ආරක්ෂා කරනවා…….අයිම් ප්‍රොමිස්……”
සහේලි මිගාරව වැලඳගෙනම දිගු සුසුමක් පිටකලේ කවදාවත් නොදැනුනු තරම් සැහැල්ලුවකින්……