තම නිවසේදී තමා කෑ පිගානවත් නොසේදූ ,මගේ ප්‍රේමවන්තයාට,විවාහවී ඔහුගේ නිවසට මා කැන්දාගෙන ආ පලමු දා මාගේ ආදරණීය නැන්දම්මා ,අවුරුදු 28ක් තම පුතු ආදරයෙන් උකුලෙහි තබාගත් හිස අතගාමින්
“චූටි පුතේ දැන් ඔයා කසාද බැදලා,දුවත් රස්සාවක් කරනවා,දුවට හැමදේම තනියම කරගන්න බෑ.දුවටත් ගෙදර වැඩ තේරෙන්නේ නෑ.ඔයත් දුවට උදව්කරන්න,නැත්නම් දුව පව් නේ” යැයි හැගුම්බරව පවසනවා කාමරයේ හොර නින්දේ සිටි මට ඇසිණි.
ඔහු මෙතරම් ආදරණීය මනුෂ්‍යයකු වූවේ,ඒ අම්මා ගේ පරිපුර්ණ වූ නිකලැල් ආදරණීය බව නිසාම යැයි මා තරයේ විශ්වාස කරමි.”
බොහෝ කලකට පෙර ලියුවක්.විවාහ වු අලුත ,ඔහුගේ නිවසේ සිටි දින කීපයේ.
වසර හතරකට ආසන්න කාලයක් ගතවී ඇතත් තවමත් එහෙමයි ඇය
කිසිම දිනක අප පුද්ගලික ජීවිතය හාරා නොඇස්සු ඇය,
තාම නැද්ද තාම නැද්ද යැයි දරුවන් පමා ඇයිදැයි නොඇසූ ඇය,
ලේලීය ලෙස නොව තම පොඩි දුව ලෙස මා දැකින ඇය,
පොඩි දුවගේ හපන්කම් දක්ෂකම් මහා උජාරුවෙන් කියවන ඇය,
පොඩි දුවට ආදරය හා ගෞරව සමව බෙදන ඇය
අනේ දුව ඔයාට ඕවා බෑ කියන ඇය
අම්මා පවා නොආ දවස්වල බත් මුල් බැදගෙන තනිවම කොළඹ ඇවිත් දොලදුක සන්සිදවූ ඇය,
ඇදෙන් බසින්නට ඉඩ නොදී අතට පයට සියලු මෙහෙය කල ඇය,
සිඟිති දියණියගේ කිලිටු නැපි කදු ගණන් සේදූ ඇය,
ගල්වූ පියයුරු,ඉදුමුණු කකුල් මගේ ගුණ වයමින් තැවූ ඇය,
කිරිදෙන අම්මා කෙනෙකුට ගුණම කෑම සොයා ගෙනවිත් සෑදු ඇය,
දුව තව ටිකක් නිදාගන්න කියමින් ආ දාට සියලු මෙහෙය කරන ඇය
ඇය වැනි මව්වරුන්ට නැන්දම්මා වචනය බොහොම නොගැලපේ.
උපුටා ගැනීම : Miyura Dimuni