අභිනන්දන පත්ර
මේ සමග ඇති ඡායාරූපයේ අභිනන්දන පත්රය යනුවෙන් සඳහනක් ඇති අතර ,එහි යම් යම් නම් කීපයක්ද දක්නට ලැබේ.මුද්රණය කල දිනය 1942. 4. 21 ලෙස යම් තරමකට පැහැදිලිව ඇත.
කුමක්ද මේ අභිනන්දන පත්රය ලෙස එකල හැඳින්වූයේ? ලිව්වේ කවුද? දුන්නේ කාටද? කුමන අවස්ථාවකදීද යන්න සොයාබලනවිට එකල පැවැති මංගල චාරිත්රයක තොරතුරු අපට හෙලිකරගත හැකිය.
විවාහ මංගල්යයක් අවස්ථාවක දී අද මෙන් ආරාධනා පත්ර නොයැවූ එසමයේ පුද්ගලික ව ගොස් බුලත් දී ආරාධනා කිරීම සිරිතක්ව පැවතිණි. එසේ බුලත් හුරුළුවලින් ආරාධනා ලත් නෑහිතමිතුරෝ මංගල්යයට පැමිණ ආහාරපානාදියෙන් තුටුවී නව යුවලට තෑගි බෝග පිරිනමා ඔවුන් දෙපලට නව යුග දිවියකට ආශීර්වාද කලෝය.
මෙසේ පැමිණි අය අතුරින් කොටසක් තමන්ගේ තත්ත්වය උත්සවයට පැමිණි අනික් අයට පෙන්වීම
සඳහා හෝ හුදෙක් නව යුවලට ආශීර්වාද කිරීමේ චේතනාවෙන් හෝ ඒ දෙකම ඇතිව හෝ මෙවැනි අභිනන්දන පත්රයක් ද මුද්ර්රණය කරගෙන පැමිණ , එය මංගල සභාවේදී කියවා, තෑගිබෝගවලට අමතරව එයද නව යුවල අතට පත්කිරීම සිරිතක්ව පැවතිණි.
මේ තිබෙන්නේ අපගේ ඥාතියකු සතුව තවමත් සුරක්ෂිතව තිබෙන, ඔහුගේ මාපියන් විවාපත්වන දින ලැබුණු එවැනි ලේඛනයකි!
මෙහි අකුරු දිලිසෙන රිදී පැහැයද ඇතුලත්ව වර්ණ කීපයකින් ම මුද්ර්රණය කර ඇති අතර මනමාල යුවලගේ නම් තරමක් ලොකුවට දක්වා ඇත. ඒ දෙපලගේ නම්වලට ඉහලින් ඔවුන් කාගේ කවුද යන්න සඳහන් වේ. පැරණිකම නිසා අකුරු එතරම් පැහැදිලි නැත.
‘ චාරිත්රානුකූල පාණිග්රහණ මංගල්යයෙන් අමන්දානන්දයට පැමිණියාවූ අප විසින් ,,, ‘. ආදී වශයෙන් සඳහන් කර නව යුවලට ආශීර්වාද කවියෙන් දක්වා අවසානයට එම පත්රය පිළිගැන්වූ අයගේ නම් සඳහන් කර ඇත.
මනමාලියට දුන් දෑවැද්දට ඇතුලත් දේ සඳහන් දෑවැදි සීට්ටුව මඟුල් දින කියවීම මෙන්ම මේ සිරිත ද පසුකාලීනව ක්ර්රමයෙන් අභාවයට යන්නට ඇත.
උපුටා ගැනීම: Channa Witha