අභ්‍යවකාශයේ වසරක් කක්‍ෂගත වූ වයින් බෝතලයක් වෙන්දේසියේ; වටිනාකම ඩොලර් මිලියනයක්…. (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අභ්යවකාශයේ සැරිසැරූ වයින් බෝතලයක් අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබේ. ප්රංශයේ නිෂ්පාදිත මෙම වයින් බෝතලය කක්ෂගත කිරීමෙන් අනතුරුව වසරකට අධික කාලයක් පෘථිවිය වටා ගමන් කර ඇත.
ප්රංශයේ බෝඩෝ (Bordeaux) කලාපයේ වැවෙන මිදි වලින් පෙරා ගන්නා ලද යුෂ භාවිත කොට සකසන ලද මෙම වයින් වර්ගය නම් කර ඇත්තේ පෙට්රුස් 2000 (Pétrus 2000) නමිනි.
මෙම වයින් බෝතලය මාස 14ක් පුරා අභ්යවකාශයේ කක්ෂගත කර තිබුණේ අහාර පාන සහ කෘෂිකාර්මික පර්යේෂණ අධ්යයනයක් සඳහාය. මෙම පර්යේෂණ අධ්යයනය සිදු කර ඇත්තේ පෞද්ගලික අරමුදල් වැය කිරීමෙනි.
මෙම වයින් බෝතලය පෞද්ගලික වෙන්දේසියක් සඳහා ඉදිරිපත් කර ඇති බව Christie’s වෙන්දේසි ආයතනය අඟහරුවාදා (මැයි 04) නිවේදනය කළේය.
වයින් බෝතලයේ විකුණුම් මිල
වෙන්දේසි ආයතනය විසින් මෙම වයින් බෝතලයේ විකුණුම් මිල ඇමරිකානු ඩොලර් මිලියනයකට ඇස්තමේන්තු කරනු ලැබ තිබේ.
මෙම වෙන්දේසියේ දී අභ්යවකාශයේ පැරණි කරන ලද වයින් බෝතලය සමඟ සාමාන්ය Pétrus 2000 බෝතලයක් ද අලෙවි කරනු ලබන බව Christie’s ආයතනයේ සේවය කරන, වයින් පිළිබඳ විශේෂඥ ටිම් ට්රිප්ට්රී පැවසීය.
මෙම වයින් බෝතලය මාස 14ක් පුරා අන්තර්ජාතික අභ්යවකාශ මධ්යස්ථානය තුළ තිබුණි
“එතකොට මේ වාසනාවන්ත ගැනුම්කරුට පුළුවන් මේ වයින් බෝතල් දෙකේ වෙනස සසඳා බලන්න.” ඔහු ප්රකාශ කළේය.
ගුරුත්වාකර්ෂණයෙන් තොරව
ස්පේස් කාගෝ අන්ලිමිටඩ් (Space Cargo Unlimited) ආයතනය විසින් වයින් බෝතල් 12ක් අන්තර්ජාතික අභ්යවකාශ මධ්යස්ථානය (International Space Station) වෙත යවන ලද්දේ 2019 වසරේදී ය.
දින 400කට අධික කාලයක් අභ්යවකාශයේ රැඳෙමින්, ගුරුත්වාකර්ෂණයෙන් තොරව කිලෝමීටර මිලියන 300ක් පමණ පෘථිවිය වටා භ්රමණය වෙමින් තිබූ මෙම වයින් තොගය නැවත පෘථිවිය කරා පැමිණියේ 2021 වසරේ ජනවාරි මාසයේදී ය.
ඒවා විද්යාඥයන් විසින් විශ්ලේෂණයට ලක් කරන ලදී. එමෙන්ම, පෘථිවිය මත පැරණි කරන ලද වයින් සහ අභ්යවකාශයේ පැරණි කළ වයින් සංසන්දනය කිරීම සඳහා බෝඩෝ විශ්වවිද්යාලයේ වයින් පීඨය විසින් වයින් රස බලන්නන් කණ්ඩායමක් යොදවන ලදී. එය සිදු කරන ලද්දේ පසුගිය මාර්තු මාසයේදී ය.
එහි රසය හොඳද? නරකද?
එම මහඟු අවස්ථාව ලද වාසනාවන්තයින් කීප දෙනා අතර Inside Bordeaux නමැති ග්රන්ථයේ කතුවරිය වන, මාධ්යවේදිනී ජේන් ඇන්සන් ද විය.
“එහි රසය වඩා හොඳද නරකද කියල කියන්න මට හරිම අමාරුයි. ඒත් අනිවාර්යයෙන්ම ඒක වෙනස්.” ඇය බීබීසීයට පැවසුවාය.
“මල් සුවඳ වැඩියි, දුම් රසයත් වැඩියි. Petrus වයින් පරණ වෙනකොට කොහොමත් එහෙම වෙනවා.”
“සාමාන්යයෙන් අවුරුදු 60ක්, 70ක් සැබවින්ම පරණ කරන වයින් වර්ග ඒ තරම් නැහැ. Petrus කියන්නේ එහෙම පරණ කරන වයින් වර්ගවලින් එකක්.”
“රසයේ පැහැදිලි වෙනසක්”
කෙසේ නමුත් මෙම වයින් රසයේ වෙනසට හේතු වී ඇත්තේ ගුරුත්වාකර්ෂණය රහිතව පැරණි වීම ද? නැතහොත් පෘථිවියේ සිට අභ්යවකාශය දක්වාත් නැවත පෘථිවිය දක්වාත් සිදු කෙරුණු දීර්ඝ ගමන ද? යන්න ඇයට ස්ථිරවම කිව නොහැකිය.
“නමුත් ඒ රසයේ පැහැදිලි වෙනසක් තිබුණා.” ජේන් ඇන්සන් ප්රකාශ කළාය.
මෙම වයින් බෝතල් අභ්යවකාශයට යවන ලද්දේ පෞද්ගලික අරමුදල් භාවිත කරමින් සිදු කරන ලද Mission WISE නමැති අභ්යවකාශ පර්යේෂණ වැඩසහටහනේ අංගයක් ලෙසිනි.
එය දියත් කරන ලද Space Cargo Unlimited ආයතනයේ සම නිර්මාතෘ සහ ප්රධාන විධායක නිකොලාස් ගෝමි නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ “හෙට දවසේ පෘථිවිය මත අවශ්යවන ආහාර පාන සහ කෘෂි නිෂ්පාදන නවෝත්පාදනයන් සඳහා උදව්වීම” අරමුණු කරගනිමින් ගුරුත්ව-ශුන්ය වපසරියක ඇති බලපෑම විමර්ශනය කිරීම සඳහා එම වැඩසටහන ක්රියාත්මක වූ බවය.
අභ්යවකාශයේ වයින් ජාවාරම්?
Space Cargo Unlimited විසින් ඉදිරියේදී සිදු කරනු ලබන තවත් අභ්යවකාශ පර්යේෂණ සඳහා ඉහත කී වෙන්දේසියෙන් ලැබෙන මුදල් යෙදවීමට නියමිතය.
වයින් පිළිබඳ විශේෂඥ ටිම් ට්රිප්ට්රී බීබීසීයට ප්රකාශ කළේ “වයින් අභ්යවකාශය තුළ පැරණි කළ හැකි” බව මෙම පර්යේෂණය මගින් පෙනී ගොස් ඇති බවය.
“කවුද දන්නේ… මීළඟට එන ගගනගාමීන් ඔවුන් සමඟ වයින් ජාවාරම් කරන්නත් ඉඩ තියෙනවා.” ඔහු සාකච්ඡාවට හාස්යය මුසු කළේය.
අභ්යවකාශයේ පැරණි කරන ලද වයින් අතරින් වෙන්දේසියේ අලෙවි කරනු ලබන්නේ ඊට ඉදිරිපත් කර ඇති බෝතලය පමණි.
ශ්රී ලංකාවේ මුදලින් නම්…
වයින් රස බැලීම සඳහා මේ වනවිට බෝතල් තුනක් විවෘත කර තිබේ. ඉතිරි බෝතල් අට ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා තබා ගැනෙනු ඇත.
බෝඩෝ එස්ටේට් ශැටෝ පෙට්රුස් (Bordeaux estate Château Pétrus) සමාගම වසරකට නිපදවන්නේ වයින් බෝතල් 30,000ක් වැනි ප්රමාණයකි. එම නිෂ්පාදනය සෑම වසරකම ලෝකයේ මිල අධිකම වයින් වර්ග අතර ශ්රේණිගත වෙයි.
වසර 2000 දී ලද මිදි පලදාවෙන් පෙරන ලද Pétrus වයින් බෝතලයක මිල සාමාන්යයෙන් ඩොලර් 6000ක් පමණ වේ.
ශ්රී ලංකාවේ මුදලින් නම් එය රුපියල් මිලියන 1.2කට ආසන්න වටිනාකමකි..
………….අන්තර්ජාලය ඇසුරෙනි…………..

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!