අපේ ආච්චී කියන විදිහට තාක්ෂණය කියන්නේ වැදගත් නැති දෙයක් ය. එහෙත් එයා එක්ක කතා කරන විට මට සිතුනේ ආච්චි දන්නා ඉටිගෙඩියක් නැතැයි කියාය.ඇය දන්නේ ඇගේ රෙද්ද නොහොත් ආච්චිගේ රෙද්ද ගැන පමණි.
” ඔය තාස්සනේට පුලුවන් උනාද කියපං උබට තවම කෙල්ලෙක් හොයල දෙන්න “
මට කෙල්ලෙක් නැති එක ඇත්තය.එහෙත් එයට තාස්සනය අදාලම නැත.තාස්සනේට නොහැකි උන දේ අපේ ආතා කරගෙන කරගත්ත විනාසය නිසා අදටත් ගේ ඉස්සරහ බංකුවට වී කල්පනා කරන අපේ ආත දිහා බලන මට සිතුනේ යකෝ ඒ කාලෙ තාක්ෂණය නැති උනම එක හොදයි කියාය.
එහෙත් ආච්චි නැත්නම්
අපෙ තාත්තාද නැත
තාත්තා නැත්නම්
මම ද නැත
මම නැත්නම් ගමට ලස්සන අහිංසක කොල්ලෙක්කුත් නැති වෙන්න තිබුන ඉඩ කඩ 99.9935% කටත් වැඩිය.මෙය කියනව උබලාගෙ සිතට එන්නෙ
“යකෝ මුගෙ ආච්චි නැත්නම් මූත් නෑ. මේ කරදරත් නෑ ” කියාය.
එහෙත් මා වැනි අහිංසක මලක් මෙලොව කොතැනකවත් පිපෙන්නේ ද පුප්පවන්නද නොහැක.
අපේ ආච්චි දෙවියන් හොදින්ම අදහන කෙනෙකි..ඇය පවසන්නේ අප දිහා තිස් තුන් කෝටියක් දෙවියෝ බලනවා කියා ය. එසේ බලන එම දෙවියන් රුපිලය ගානෙ දුන්නත් අපට තිස් තුන් කෝටියක් දවසෙන් හම්බ කරන්න පුලුවන් නේද කියා ආච්චිගෙන් ඇසූ විට
” දෙයියො විහිලුවට ගන්න එපා මූසලයො “
කියා ආච්චි ගෙට ගියේ එම නඩුවෙන් මා ජය ගත් බව මගේ හිතට අහිංසක සතුටක් හා මූණට ආච්චි බීපු කහට එක විසි වීමත් සමගය.
ආච්චි කොපමණ වයසට ගියත් හිතින් තරුණ විය . එය එසේ සදහන් කරන්නේ දැනටත් ආච්චී ආතා සමග රණ්ඩු වෙන්නෙ ඒ කාලෙ අපෙ ආතට වඩා හොද පිරිමි ඇගේ පස්සෙන් ආදරේ ඉල්ලා ආවා කියාය. එවලෙට ආතා සිනාසෙන්නේ කටින් පමනක්ම නොව අනෙත් තැන් ඔබ දන්නා නිසා මා කියන්නට යන්නෙ නැත.
ඒ අනුව අපේ ආච්චී සහ තාක්ෂණය දෙකම එකය මෙලෝ රහක් නැත.
ආච්චී පොඩ්ඩක් වපර ගතියෙන් පෙලෙන්නියකි. ඇය උතුර බැලූ විට පෙනෙන්නේ දකුණය ඒ කාලයේද ඔය විදිහටම බැලූ බව අපේ ආතා පවසන්නේ ඇසට උනන කදුලු අමුඩ ලේන්සුවෙන් පියදාන ගමන් ය. එවිට මට හිතුනේ විද්දෙ හාවට උනාට වැදී ඇත්තේ පදුරට බවය. වෙන කෙනෙකුගේ පවක් අපේ ආතා කර ගැසුවේ මේ වපරය නිසා බව ඔහුගේ දුක ඇසූ ඕන අයෙකුට සිතිය හැක. සැබවින්ම එය ඇත්තය. ආච්චි ආතට කලින් ආතාගෙ හොදම යාලුව සමග හුට පටයක් තිබී ඇත.එහෙත් එම පව ආතාට බලපාන්න ඇත්තේ ආත්ම 07ක පවක් ගෙවීමට වෙන්න ඇති බව ආතා නැවත නැතව මා සමග කියන්නට විය.
ඒ කෙසේ වෙතත් ආච්චී ආතා සතුටින් කාලය ගත කරන්නේ මදුරුවෙක් වත් නොමරා සැදැහැ සිතින් ය. එහෙත් පිලී ජාතියක් නොමැතිව බත් කන්නට කියා අපේ අම්මා ආච්චිට කියූ විට ඇගේ මූන කරත්ත අටකට අහු උන කජු ලෙල්ලක් මෙන් සකසා ගන්නේ මල පෙරේත කමටද කියා මටම සිතෙන්නට විය.
ඔබගේ අදහස් අගයමි.

උපුටා ගැනීම: Achintha Giwantha