ආදරණීය මිත්‍රත්වය (3 වන කොටස )(පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“හෙලෝ සහේලි…..මම ස…”
“අයි නෝ සහස්….හිතුවද මට අඳුරගන්න බැරිවෙයි කියලා…නම්බර් එක සේව් කරලා තියෙන්නෙ මං….”
“මේ සහේලි….මම ඔයාව අඳුරගත්තා විතරයි තමයි….ඒත් අපි දෙන්නා ආදරේ කරනවනෙ…..”
“ඕ…..ඔයා වටේ නොයා කියන්නකො සහස් කියන්න ඕනි දේ කෙලින්ම…අනික මොකක් කිවුවත් මම තරහා වෙන්නෙ නෑනෙ ඔයා එක්ක….”
“මම දන්නවා….මගේ රත්තරං එහෙම නෑ කියලා….මේකයි ….හෙට රෑට ඔයාගෙ බර්ත් ඩේ පාටියනෙ ….ඉතින් හෙට උදේ මම එන්නද ඔයාගෙ ගෙදර…මමී ඩැඩී එහෙම ඉන්නවනෙ…?”
“ඔයා එන එක කොච්චර දෙයක්ද සහස්….ඒත් සොරි මමීයි ,ඩැඩීයි නම් නෑ…බිස්නස් වැඩක⁣ට කොළඹ ගිහින්….කමක් නෑ….අපිට එකටම ඩෙකරේෂන්ස් ටික කරන්න පුලුවන්නෙ…මමී එහෙම හවස්වෙද්දි එයි….”
සහේලි පැවසුවෙ ගොඩක් සතුටින්….ඇය පලමු වතාවටයි කෙනෙක්ට ආදරේ කරන්නෙ…ඒ නිසා ඇයගෙ ආදර හැඟීම් කුලුඳුල්.ආදරයෙදි ගැහැණු ළමයි බොලඳවීම සාමාන්යයි…ඒනිසාම සහේලිටත් ඇය ඉදිරියේ ඇති විනාශය පෙනුනෙ නෑ….
‘මමියි,ඩැඩියි නැති එක හොඳයි…චාන්ස් එක මං ළඟම වගේ ඒ කියන්නෙ….ඔයා බලන් ඉන්න මගේ සහේලි, ඔයාගෙ ගෙදරදිම ඔයාගෙ 24 වෙනි උපන්දිනේ හෙට ඔයාට සමරන්න වෙන්නෙ මගේ වුනාට පස්සෙ….පාටිය වෙද්දි ඔයාගෙ හැමදේම නැතිවෙලා තියෙයි…ඔයාව ඊටපස්සෙ රමේශ්ට යවන්නම් මම ලස්සනට…’
සහස් තමන්ටම කිවුවෙ දුරකතනය විසන්ධි කරමින්….ඒත් සහේලිට සුන්දර සිහින මැවුනේ ආදරය ඇයට නැවුම් අත්දැකීමක් නිසයි.
“ස…සහේලි මිස්….”
“ඇයි මොකද…..?”
“මේ…..සහේලි මිස්….හෙට ගොඩක් වැඩ තියෙයි නේද?”
“ඇයි තමුසෙට හෙට නිවාඩු ඕනිද?”
“න්…නෑ….නෑ….”
“බය වෙන්න එපා අනිද්දා පාන්දර ඉඳන් තමුසෙට මම හැමදාටම නිවාඩු අරන් දෙනවා….”
“ඒ….ඒ….කි…වු….වෙ… සහේලි මිස්?”
“ඒ කිවුවෙ හෙටින් පස්සෙ තමුසෙ මගේ ඩ්රයිවර් නෙවෙයි…..”
“අනේ සහේලි මිස් මං මොනවරදක් කලාටද?ඇයි සහේලි මිස් ඔච්චර නපුරු?,මම මිස්ට වරදක් කරලා නෑ….මට වෙන රස්සාවක් නෑ සහේලි මිස්….අපේ තාත්තා ලෙඩින් ඉන්නෙ.එකතැන….ඒක හින්දා මට දුර රස්සාවක් කරන්න යන්න බෑ…ප්ලීස් මාව තේරුම්ගන්න…මගේ රස්සාව නැති කරන්න එපා….අනික මේක ඔයාගෙ තාත්තා ම⁣ට පවරපු ඩියුටිය….”
මිගාර සහේලි ඉදිරියේ තරමක් බැගෑපත් වුනේ කළහැකි කිසිවක් නැති නිසා…..ඒත් මේ නිවසේ රැඳී සිටීමට එකම හේතුව එයම නොවේ…⁣සහේලිගේ අකීකරු ගති පැවතුම් නිසා සහේලිගේ ජීවිතය නාස්තිවේවි කියා බියක් ඔහුගෙ සිතේ අැතිවෙලා තිබුණා…ඒ නිසයි බැනුම් අසමින් හෝ ඇය ළඟින් සිට ඇයව ආරක්ෂා කිරීමට මිගාර සිතාගත්තෙ….
“හරි..තමුසෙගෙ තාත්තා ගැන කියපු හින්දා මම තමුසෙට තව එකම චාන්ස් එකක් දෙනවා…හැබැයි…..මගේ ජීවිතේ කිසිමදේකට ඇඟිලි ගහන්න තහනම්…කොටින්ම මං අඳින ඇඳුමකටවත් වචනයක් වත් කියන්න බෑ…..”
“ඒත් සහේලි මිස්…..මම ඔයාගෙ ආරක්ෂාව වෙනුවෙන් හැමදේම කියන්නෙ.තරහා වෙන්නෙ ඇයි….?ඔයා හිතන්නෙ මම තරහට ,නැත්තම් ඉරිසියාවට කියනවා කියලද?ඔය ඇඳුම් වලින් වෙන්නෙ ඔයාව ඔයා නොදැනුවත්වම කරදරේ දාගන්න එක….ඔයාව තමන්ගෙ කරගන්න කීදෙනෙක්නම් ඔයා ඔය එහෙ මෙහෙ යද්දි හීනදකිනවා ඇත්ද?…ඔයා ඔය කොටට ඇන්දා කියලා මිනිස්සු ඔයාට ආදරේ කරන්නෙ නෑ….ඔයාගැන ආස හිතනවා විතරයි….ප්ලීස් මම කැමති නෑ ඔයාගැන කවුරුවත් එහෙම හිතනවට….ඔයා කැමති වුනත් නැතත් මම ඔයාලඟින් ඉන්නවා….ඔයාව පුලුවන් තරම් හොඳට බලාගන්නවා….මමනෙ ඔයාගෙ ඩ්රයිවර්…ඔයා⁣ටමයි නරකක් වෙන්නෙ මාව යැවුවොත්….”
මිගාරගෙ හඬෙහි තිබුණෙ ස්ථාවර බවක්…ඒ ස්ථීර බව නිසා සහේලිත් තරමක් තිගැස්සුනා…ඒත් ඔහුගෙ වචන වලට පරාද වීම⁣ට සහේලි කැමති නෑ…
“මේ තමුසෙ මට ඔයා මෙයා කියන්නෙ මම තමුසෙගෙ යාළුවෙක් ද….ආ…..තමුසෙ මගේ යටතේ ඉන්නෙ….තමුසෙට බෑ මට එහෙම කතාකරන්න…ඒක මතක තියාගන්නවා….අනික මට සද්දෙ දාලා බයකරන්න හදන්න එපා….හෙට සහස් ආවම තමුසෙට කොහොමත් සෙල්ලම් දාන්න බෑ….සහස් තමුසෙට පාඩමක් උගන්නයි…..පිට කෙල්ලන්ට නීති දාන්න තමුසෙට කිසිම අයිතියක් නෑ….හොඳට මතක තියාගන්නවා….”
සහේලි කිවුවෙ මිගාර දෙසට දබර ඇඟිල්ල දිගු කරමින් තර්ජනාත්මකවයි….මිගාර තරමක කෝපයෙන් එතැනින් යන්නට ගියා…
‘සල්ලි තිබ්බට මහ මෝඩියෙක්…යකෝ තේරුම් ගනින්කො මං කියන්නෙ මොකක්ද කියා….හිතන් ඉන්නෙ එයා කොටට ඇන්දම මිනිස්සු ආදරෙයි කියලා….රෑට පාටිගානෙ යනඑකත් කෙල්ලෙක්ට හොඳයි කියලා හිතන් ඇති……මෝඩි…..ස්ටයිල් කරන්න ආසයි තමයි…ඒත් මේකාලෙ හොඳනෑ කියලා තේරෙන්නෙ නැද්ද ඔච්චර ඉගෙනගෙනත්…..හොඳයි අපි බලමු සහේලි මිස්…ඔයා කැමති විදියක ඉන්න..ඒත් මං ඔයාව අතාරින්නෙ නෑ….මම ඔයාගෙ ඩ්රයිවර් වගේම ආරක්ෂකයා….ඔයාගෙ තාත්තා මගෙන් ඉල්ලපු ඒ දේ මම කොහොම හරි ඉෂ්ඨ කරනවා…..ඔයාගෙ ආරක්ෂාව….ඇත්තටම ඔයා මට ලොකු වගකීමක් සහේලි මිස්….ඔයා මට මොනවා කලත් මම ඔයාව ආරක්ෂා කරනවා….ඒක ස්ථීරයි….’
මිගාර කියාගත්තෙ ඔහු⁣ටමයි……මිගාර මේ ඉටුකරන්නෙ සහේලිගෙ පියාගෙ ඉල්ලීමක්….
******************************************
“මිගාර ඔයාව මම මගේ දුවගෙ ඩ්රයිවර් කරනවා….හැබැයි එකදෙයක් ,එයා හිතුවක්කාරයි….ටිකක් නපුරුයි…ඒත් එයාගෙ හිත හොඳයි මිගාර.එයාට ඕනි ස්ටයිල් කරන්න.ඒත් එයාට තේරෙන්නෙ නෑ ඒකෙ තියෙන අවදානම.ඔයා ගැන මම හොඳටම හොයලා ලොකු විශ්වාසෙකින් සහේලි ළඟට යවන්නෙ…ඔයා හොඳ කොල්ලෙක් නිසා.ඒ විශ්වාසෙ බිඳින්න එපා මිගාර…මගේ කෙල්ලව ආරක්ෂා කරන්න..”
මිගාර හමුවීමට ගොස් සහේ⁣ලිගෙ පියා ඉල්ලුවෙ එපමණයි.ඒ පියෙකුගෙ අහිංසක ඉල්ලීමක්….මිගාර සහේලිව දැක තිබුණෙත් නෑ…ඒත් ඇයව කෙසේ හෝ ආරක්ෂා කරන බව මිගාර සිතාගත්තෙ ඒ මොහොතෙදිමයි….
“සර්…මම සහෙලි මිස්ව මගේ පණ දීලා හරි ආරක්ෂා කරනවා….මට තේරුම්ගන්න පුලුවන් සර්ගෙ හිතේ තියෙන බය…තාත්තා කෙනෙක් තරම් දුවෙක් ගැන බයවෙන්නෙ නෑ වෙන කවුරුවත්…තාත්තා තරම් පිරිමි සමාජෙ හැටි කවුරුවත් දන්නෙත් නෑ….මම කවදාවත් සර්ගෙ දුවට කරදරයක් වෙන්න දෙන්නෙ නෑ සර්…..”
මිගාර කිවුවෙ අවංකවමයි….ඇයව නොදැක වුනත් ඇයගැන ගෞරවයක් මිගාරගෙ හිතේ තිබුනා….කෙල්ලෙක්ට ගරුකරන්න දන්න කොල්ලො ඉන්නෙ අතේ ඇඟිලි ගානට වගේ….ඒ ඇතිවෙන ගෞරවයෙ තරමටම කෙල්ලෙක්ට ඒ කොල්ලගෙන් කරදරයක් වෙන්නෙ නෑ මොනම හේතුවක් නිසාවත්…මිගාරත් ඒ සීමිත සංඛ්යාවෙන් කෙනෙක් කියා සහේලිගෙ පියාට සිතුනෙ ඒ වචනවලින්….

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!