මම ආසම ගායිකාවකගේ කතාවක් මේක අපේ ජිවිතේට ගොඩාක් වැදගත් පනිවිඩයක් වෙයි එකයි මම අද ඔයාලා වෙනුවෙන් ලියන්නේ පොදුවෙ දකින බටහිර ගායිකාවන්ට වඩා ගොඩාක් වෙනස් විකාර ඇදුම් පැලදුම් විලාසිතා හා රැල්ලට වගේ දේවල් නොකරන ගායිකාවක් ඇයගේ ගීත හිතට භාවනාවක් වගේ ඔබ බටහිර ගීත අහන්නේ නැති උනත් මේ කතාව ඔබේ ජිවිතයට ගොඩක් වටින එකක් වෙටි
Adele Laurie Blue Adkins
ඇඩෙල් ලොව පුරා සිටින මිලියන සංඛ්යාත ජනයාට ඇගේ සුන්දර කටහඬ සහ කාව්යමය ගීත රසය මගින් පෙම්වතියක් ලෙස ඇගේ හද ගැස්ම පිලිබඳ අමුතුම ගීත ගායනා කරන ගායිකාවක්.
ඇඩෙල්: “මම වේදීකාවෙදී භය උනහම මට anxiety තත්වයක් ඇති වෙනවා”
ඇඩෙල්ගේ පියා ඇයට වයස අවුරුදු 2 දී ඔවුන් අත්හැර යනවා
ඇඩෙල් උපත ලබන විට ඇගේ මවට වයස අවුරුදු 18 ක් වූ අතර ඇයට තනිවම දරුවාව ඇති දැඩි කිරීමට සිදුවෙනවා
ඔවුන් රජයේ සහනාධාර සහිත නිවාසවල ජීවත් වූ අතර බොහෝ දේ වටා ගමන් කළහ. ඇඩෙල් විවිධ පාසල් 10 කට වැඩි ගණනකට මාරූ වෙවී තමයි ඉගනගෙන තියන්නේ
ඇය ප්රසිද්ධ වීමට සිහින මැව්වේ නෑ
පාසලෙන් උපාධිය ලැබීමෙන් පසු ඇයට අවශ්ය වූයේ ඇයගේම සිහින සැබෑ කර ගැනීමට නොවේ වෙනත් කලාකරුවන්ට ඔවුන්ගේ සිහින සැබෑ කරගැනීමට උපකාර කිරීමයි.
දිනක් ඇගේ මිතුරියක් අන්තර්ජාලයට ඇයගේ ගීත 3ක් අප්ලෝඩ් කරනවා.
පසුව වසර දෙකකට පසුව XL රෙකෝඩින්ග්ස් නමින් ලේබල් කරපු මෙම ගීත තුන සොයා ගන්නවා.
මෙම ලේබලය යටතේම ඇය සිය පළමු ගීත ඇල්බමය 19 (nineteen) පටිගත කළ අතර එය පිටපත් මිලියන 10 කට වඩා අලෙවි වෙනවා.
ඒ කාලය තුළ ඇඩෙල් තමාට වඩා අවුරුදු 10 ක් වැඩිමහල් පිරිමියෙකු සමඟ ප්රේම සම්බන්ධතාවයක් තියෙනවා
ඔවුන්ගේ සම්බන්ධතාවය ගොඩාක් වැඩි වෙනවා ඒ අතර ඔහු ඇගේ ජීවිතයට විශාල බලපෑමක් කරනවා “ඔහු මාව වැඩිහිටියෙකු බවට පත් කලා” යයි ඇය පවසයි
මාස 11- 18 කට පසු ඔහු සම්බන්ධතාවය අවසන් කර ඇගේ හදවත සම්පූර්ණයෙන්ම බිඳ දමනවා.
ඔහු විවාහ ගිවිසගෙන ඇති බව ඇය දැනගන්නෙත් ටික කලකට පසුවය.
ඇයගේ හිතේ තිබූ ඒ ලොකු වේදනාව ඇය “ Someone Like You ” යන ගීතල ලෙස ලියා එම ගීතය ලොව පුරා මිනිසුන් අතර අති ප්රසිද්ධ ගීතයක් බවට පත් වෙනවා.
2011 දී ඇඩෙල්ට ගායනය නැවැත්වීමට සිදුවෙනවා ඇයට උගුරේ සැත්කමක් කරන්න වෙන නිසා.
සැත්කමින් පසු ඇය 54 වන ග්රැමී සම්මාන උළෙලේදී ඇයගේ පළමු ඉදිරිපත්කිරීම සිදු කරනවා. ඇය වෙන කවරදාටත් වඩා ශක්තිමත් ලෙසින් ශල්යකර්මයෙන් ආපසු ඇවිල්ලා එදින රාත්රියේම ඇය ග්රැම් සම්මාන 6 ක් දිනා ගන්නවා.
ඇඩෙල්ට වේදිකා සබකෝලය නිසා anxiety තත්වයක් හටගන්නා අතර ඇය මේවාට මුහුණ දීමට සිදු වූ විට වමනය පවා ඇතිවෙනවා.
බර අඩු කර ගැනීම සඳහා මාධ්යයෙන් නිරන්තරයෙන් බලපෑම් කළද, ඇඩෙල් නිරූපිකාවක් මෙන් පෙනුම සකසා ගැනීම නිතරම ප්රසිද්දියේම ප්රතික්ෂේප කරනවා . “මම ඇස්වලට ගීත නිර්මාණය කරන්නේ නෑ , මම කන් වලටයි ගීත නිර්මාණය කරන්නේ.”
වයස අවුරුදු 29 දී, ඇය මේ වන විටත් ග්රැමී 15ක් දිනා ගන්නවා.
2013 වසරේදී ඇය වසරේ හොදම මුල් ගීතය ලෙස ඇගේ Skyfall ගීතය ලොව ප්රබලම ඔස්කා සම්මානයට පාත්ර වෙනවා.
ලොව වාර්තා ගත ලෙස මිලියන 100 කට වඩා අලෙවි වර්තා කර ඇති අතර, දෙවරක් ලෝකයේ වඩාත්ම බලගතු පුද්ගලයන්ගෙන් කෙනෙකු ලෙසත් ඇඩෙල් නම් වෙනවා.
හැම සාර්ථක මිනිසෙකු පිටිපස්සෙම වේදනාවන් දහසක් තියෙනවා අසාර්ථක වීම් දහසක් තියෙනවා කදුලු බින්ඳු දහඩිය බින්දු දහස්ගණන් වැටෙනවා ඉතින් ඔබ කවදාවත් වැටෙන්න එපා ඇඩෙල්ගේ ජිවිත කතාවෙන් අපිට ගන්න ගොඩාක් දේවල් තියෙනවා
උපුටා ගැනීම: යොහාන් චන්ද්‍රසේකරන්
Daydreaming Yohan