මෑතකදී පුරාවිද්‍යාඥයන් විසින් සෙල්ලිපි සහ වර්ණවත් චිත්‍ර වලින් සමන්විත වූ, හොඳින් සංරක්ෂිත ඊජිප්තු සොහොනක් සොයාගන්නට සමත්වෙලා තියෙනවා. පුදුමය වෙන්නේ ඒ චිත්‍ර අද ඊයේ ඇදපුවා මෙන් අලුත් වීමයි. එ කියන්නේ , කලින් පුරාවිද්‍යාඥයන් සොයාගත් සොහොන්වල තිබූ ච්ත්‍ර මෙහි ච්‍රිත්‍ර දිලීර බැදී, අවපැහැ ගැන්වී, පළුදු වී නොතිබීමයි.
මෙම අලුත් සොහොන වසර 4,000 කටත් වඩා පැරණි බව අනාවරණය කරගෙන තියෙනවා. ඒත් සොහොන් කුටියේ විචිත්‍රවත් තීන්ත ඒවා පින්තාරු කළ දිනය තරම්ම නැවුම්.
මෙම සොහොන් ගෙය ක්‍රි.පූ. 25 සිට 24 වන සියවස දක්වා විහිදුණු කාල පරිච්ඡේදයේ පස්වන ඊජිප්තු රාජවංශයේ ජීවත් වූ කුවි නම් වංශාධිපතියෙකුට අයත් යැයි කියනවා.
පසුව අමාත්‍ය අල්-එනානි විසින් විදෙස් තානාපතිවරුන් 52 දෙනෙකු, සංස්කෘතික අනුගාමිකයින් සහ සුප්‍රසිද්ධ ඊජිප්තු නිළි යොස්රා ද කැඳවාගෙන එහි ගොස් වසර 4,000 ක් පැරණි සොහොන් ගෙයක් ඊජිප්තු පුරාවස්තු අමාත්‍යංශය විසින් ජනතාවට නැරඹීමට එළිදක්වලා තියෙනාවා. ඉතින් ඊට පස්සෙ වෙන දේ දන්නවනේ.. සීගිරියේ සිතුවම් වලට වෙච්ච හරියම තමා ඉදිරියට මේකටත් වෙන්නෙ.
කොහොමහරි සොහොනේ ව්‍යුහයේ සැලසුම සුවිශේෂී එල් හැඩයකින් යුක්තවන අතර, මොහොමඩ් මුජාහිඩ් ඇතුලු කුඩා කැනීම් කණ්ඩායමක, කුඩා කොරිඩෝවක් හරහා කැනිම් කිරීමෙදී තමා මේ සොහොන් ගෙය හමුවෙලා තියෙන්නෙ.
ඔවුන් සොයාගත් තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ පිවිසුම උමගක් හරහා යන අතර සාමාන්‍යයෙන් උමන් හරහා සොහොන් ගෙවල් හමුවන්නේ පිරමිඩ වල පමණි. නමුත් මෙය හමුවන්නේ පිරමීඩයක් තුල නෙවේ. පිරමීඩ අවට භූමියෙන්.
2018 දීත් ඔවුන් සක්කාරා හි “සුවිශේෂී ලෙස හොඳින් සංරක්ෂිත” චිත්‍ර කිහිපයක් සහ දුර්ලභ ක්ෂීරපායී ස්කාර්බ් කුරුමිණියන්ගේ එකතුවක් සහිත මහා බළල් සුසාන භූමියක් සොයා ගත්ත. අපි නොහිතන තව බොහෝ දේවල් මේ භූමියෙන් අනාගතයේදී මතු වෙවි. එතකම් බලන් ඉමු..


උපුටා ගැනීම: රාම්වණා