ආදාහනය කරනවද? භූමදානය කරනවද? (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ දවස්වල රටේ තියෙන ප්රධානම ප්රශ්නය තමයි කොරෝනා හැදිලා මැරුණු මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය කරනවද? භූමදානය කරනවද? කියන එක.
මේ ප්රශ්නය ගැන වත්මන් ආණ්ඩුව වගේම ආණ්ඩුවට ඡන්දය දීපු සිංහල බෞද්ධ ජනතාවත් දෙකට බෙදිලා ඉන්නවා.
මුස්ලිම් මළ සිරුරු ආදාහනය කරන්න ඕනේ කියන පිරිස මතුකරන ප්රධානම තර්කය තමයි කොරෝනා නිසා මියයන අයගේ මළ සිරුරු භූමිදානය කළාම කොවිඞ්-19 වෛරසය භූගත ජලයට එකතු වෙලා ඒ හරහා වෛරසය පැතිරීමේ අවදානමක් තියෙනවා කියන එක.
ලංකාවේ ඉන්න ප්රධානම භූ විද්යා මහාචාර්යවරියක වන මෙත්තිකා විතානගේ මහත්මියත් මේ බව තහවුරු කරලා තියෙනවා.
අනෙක් පැත්තෙන් කොවිඞ් මුස්ලිම් මළ සිරුරු භූමිදානය කළාට කමක් නෑ කියන අය ප්රධාන වශයෙන්ම මතු කරන තර්කය තමයි ලෝක සෞඛ්ය සංවිධානය පවා ඒක අනතුරක් නැහැ කියන මතයේ ඉන්නවයි කියන එක. අනෙක කොවිඞ් මළ සිරුරු භූමදානය නොකරන රටවල් දෙකයි ලෝකේ තියෙන්නේ. එකක් චීනය, අනෙක ලංකාව.
ලංකාවේ ඉන්න අංක එකේ වසංගත රෝග විද්යාඥවරිය ලෙසින් සැළකෙන වෛද්ය පබා පලිහවඩන වගේම රජයේ හිටපු ප්රධාන වසංගත රෝග විද්යා ප්රධානියා වන වෛද්ය නිහාල් අබේසිංහත් කොවිඞ් මළ සිරුරු භූමදානය කළාම වෛරසය පැතිරීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කරුණු කාරණා සහිතව පැහැදිලි කරලා තියෙනවා.
මේ අස්සේ ආණ්ඩුව පසුගියදා මාලදිවයිනෙන් හරි අපූරු ඉල්ලීමක් කරලා තිබ්බා. ඒ තමයි ලංකාවේ කොවිඞ් හැදිලා මැරුණු මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුර මාලදිවයිනේ වළ දමන්න අවසර දෙන ලෙසට. මාලදිවයින මේ ඉල්ලීම ප්රතික්ෂේප කළා.
කොවිඞ් මළ සිරුරු භූමදානය කළාම භූගත ජල මූලාශ්ර අපවිත්ර වෙනවා කියලා රජය ඇත්තටම පිළිගන්නවා නම්, මාලදිවයිනෙන් ඒ වගේ ඉල්ලීමක් කරපු එක ගැන ආණ්ඩුව ලැජ්ජ වෙන්න ඕනේ. මොකද අපේ රටේ ජල මූලාශ්ර අපිරිසිදු වෙන නිසා මාලදිවයිනේ වළදාන්න කියලා ඉල්ලන එකම හෙනම විහිලුවක්.
කොහොමත් ජාතිවාදය උත්කර්ශයට නැංවීම සහ ඒ හරහා රටේ එක් ජන වර්ගයක් ස්වයං වින්දනයකට ලක්කරලා බලයට එන ලෝකේ හැම ආණ්ඩුවක්ම බලයට ආවට පස්සේ මේ විදිහට උභතෝකෝටිකයන්ට මුහුණ දෙනවා.
එක පැත්තකින් රටේ එක් ජන කොටසක් තම ඇදහීමට අනුව අවසන් ගමන් යාමට ඇති අයිතිය ඉල්ලනවා. අනෙක් පැත්තෙන් ආණ්ඩුව බලයට ගේන්න විශාල වැඩකොටසක් කරපු රටේ ප්රධානම ජන වර්ගය ඒ අයිතිය දෙන්න එපා කියනවා.
ජාතිවාදය කියන්නේ හරියට පුංචි සර්පයෙක් වගෙයි. ඒ පුංචි සර්පයව කිරි පොවලා ලොකු මහත් කළාම, ඌ ඉස්සෙල්ලම පෙනය පුප්පන්නේ ඌට කිරි පොවලා ලොකු මහත් කරපු කෙනාට. අද ලංකවේ සිද්ධ වෙලා තියෙන්නේ ඒක….
උපුටා ගැනීම: Anil Karunarathne

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!