‘ආදර හැඟීමකින් තොර ලින්ඟික ක්රියාවකට යාහැක්කේ ගෑනුන්ගෙන් ගණිකාවකට පමණය’ මහාචාර්ය සිරී ගුණදාසගෙන් සසී ඉගෙන ගත්තා. මේ ඇයගේ සයිකැට්රික් ඩිග්රියේ අන්තිම අවුරුද්ද. සසී බ්රයිට් කේස් එකක්. ලොකයේ ඉහලින්ම පිලිගත් මනෝ වෛද්යවරුන්ගේ ලිපි ඇය කියවනවා.
සසී පිච්චෙනකොට ඇය හරි ලස්සන කෙල්ලෙක්ව හිටියා. පිච්චුනේ මූනෙ කනට පහලින් සහ අත් දෙක. ඒත් ඒවා ලොකුම පිලිස්සුම් තුවාල නෙවෙයි. ‘ඇස් බේරුන එකම ලොකු දෙයක්’ ඩොක්ටර් නලීන් ජයමහ ඇයට කිව්වා. ‘දනියෙල්ටයි සුසිලටයි මොකද?’ සසී කෙඳිරියෙන් ඇහුවා. ‘සුසිලට වැඩි අමාරුවක් නෑ. ඒත් දනියෙල් අයි සී යූ එකේ’ සසීගේ යාලු ටිකිරි සසීගේ කනට කෙඳිරුවා. ‘අනේ.. දනියෙල්ව බලා ගන්න’ සසීගේ පියවුනු ඇස් වලින් කඳුලු ගැලුවා.
සසීගේ ගෙදර විශාල කොටසක් ගින්නෙන් අලු වෙලා තිබ්බා. ගින්නට හේතුව තාම හොයන් නෑ. විදුලි කාන්දු වීමක් කියලා තමා කියන්නේ. දනියෙලුයි, දනියෙල්ගෙ එකම නන්ඟී සුසිලයි හිටියේ ගෙදරම කුස්සියට යාබදව හදල තිබ්බ සේවක කාමර දෙකක. ගින්න පටන් ගත්තේ සසීගේ කාමර පැත්තෙන්. කුස්සිය පැත්තෙන් දොරක් එලියට තිබ්බත් දනියෙල් කෙලින්ම දිව්වේ සසීගේ කාමරේට. එතකොටත් සසීට සිහි නෑ. වයස පනස් අටක් වුනත් පුදුම ශක්තියක් තිබ්බ දනියෙල් තම උරහිසෙන් පහර දී දොර කඩා සසීව බේරා ගත්තා. මිනිහගේ සරමට ගිනි ඇවිලුනත් සසීව අත නොහැර වේදනාව විඳගෙනම සසීව එලියට උස්සන් ආවා දනියෙල්. ඒ වෙනකොට අසල්වාසීන් ඇවිත්. තුන් දෙනාවම හොස්පිටල් ගෙනාවා ඒ අය.
සසීගේ පොහොසත් ඩැඩී මැරිල තියෙන්නේ සසී මව් කුසේ ඉද්දී. අම්මා එක්ක රන්ඩුවක් අවසානෙදී ඔහු තුන් වෙනි මහලෙන් පැනලා දිවි නහගෙන. අම්මා මැරුනේ ලියුකේමියා වලින් සසීට වයස දහනමයෙදී. මේ පිච්චුන ගෙදරත් එක්ක සසීට ගෙවල් හතරක් තියනවා. අනිත් තුනම කුලියට දීලා. සසීට හිටපු එකම නෑයෝ වුනේ ගෙදර වැඩ කරපු දනියෙලුයි, ඔහුගේ විවාහ නොවුනු නන්ඟී සුසිලයි. සුසිලා ඇවිත් තාම අවුරුද්දයි. ඉතින් පොඩි කාලේ ඉඳන් සසීව බලා ගත්තේ දනියෙල්. අම්මගේ නන්ඟිලා දෙන්නෙක් ඔස්ට්රේලියාවේ ඉන්නවා. ඒ අය ඉඳ හිට කතා කරනවා. ඒත් වැඩි සම්බන්ඳයක් නෑ.
‘දනියෙල් ජීවත් වෙන එකක් නෑ සසී’ ටිකිරිගේ හඬින් සසීගේ පපුව ඇවිලුනා. ඇය ඇස් පියානම ඇඬුවා. ‘මට දනියෙල්ව බලන්න ඕනෙ’ සසී කෙඳිරි ගෑවා. දොස්තරලත් එක්ක අරගල කරා. අන්තිමට සසීට අවස්තාවක් දුන්නා අයි සී යූ එකේ ඉන්න දනියල්ව බලන්න. ‘දනියෙල්. ඔයා මගේ අම්මත් එක්ක සම්බන්ඳයක් තිබ්බා කියලා මම දන්නවා’ සසී දනියෙල්ගේ පිලිස්සුනු ඇස් වල්ට උඩින් තිබූ නලල අත ගාමින් කනට කෙඳිරුවා. දනියෙල් කෙඳිරුවා. ‘අම්මා ඒ ඔක්කොම ලියලා තිබ්බ පොත මට හම්බුනා’ සසී ආයිත් කෙඳිරුවා. දනියෙල්ගේ මූන වෙනස් වුන් නෑ. ඒත් මොනවදෝ කියන්න උත්සාහ කරා. ‘දනියෙල් මගේ තාත්තව මැරුවද?’ ඇහුවා සසී නලල අත ගාමින්ම. දනියෙල්ගේ පියවුනු ඇස් දෙකින් කඳුලු රූරා ගැලුවා. ‘ඔව්’ ඔහු කිව්වා. ‘ගැබ්බර නෝනට අතින් පයින් පහර දෙනවා බලා ඉන්න බැරි තැන මම ඒ මුර්ගයව උස්සලා පහලට දැම්මා. ඉන් පස්සේ අපි දෙන්නා එකතු වෙලා ඌ ලියන විදියට ලියුම ලිව්වේ දිවි නහ ගන්නවා කියලා’ දනියෙල් ඉතාම හීන් හඬින් කිව්වා. ‘දනියෙල් මගේ අම්මට ආදරේ කරාද?’ සසී ඇහුවා. ‘ඔව්. ඒකයි මට ඉවසන්න බැරි වුනේ’ දනියෙල්ගේ කඳුලු තාම බහිනවා. ‘ඒත් ලොකු නෝනා මට සැලකුවේ වහලෙකුට වගේ’ සසී පුදුමෙට පත් කරමින් දනියෙල් කිව්වා. ‘ලොකු නෝනට මගේ ඇඟ විතරයි බේබි ඕනෑ කරේ. මගේ හැඟීම් නෙවෙයි. එතුමිය හිටපු සමාජේ මට තැනක් නෑ නොවැ. ඒකයි. එතුමිය වැරදි නෑ බේබි’ දනියෙල් තමන්ගේ පිලිස්සුනු අත අමාරුවෙන් උස්සා සසීගේ අත අල්ලා ගත්තා. ‘අම්මා එහෙම සලකද්දිත් දනියෙල් මාව තාත්ත කෙනෙක් වගේ බලා ගත්තා. මාව බේර ගන්න දනියෙල් ජීවිතේ රිස්ක් කරා. ඇයි දනියෙල්?’ සසී කඳුලු බේරමින් කතා කරා. දනියෙල්ගේ හාට් බීට් එක ඉතාම දුබල වුනා. හෙදියෝ දුවන් ආවා.. සසී බිම ඉඳගෙන ඇඬුවා.
‘ප්රථිවිපාකෙ ගැන ප්රශ්නයක් නැත්තන් ගෑනියෙකුට ආදර හැඟීමක් නැතුව ලින්ඟික ක්රියාවක යෙදිය හැකියි සර්’ සසී සිරී ගුණදාස සර්ට කිව්වා මාස හයකට පස්සේ. මහාචාර්ය ගුණ්දාස සසී දිහා පුදුමෙන් බලන් ඉඳලා ඇහුවා ‘මොන වගේ ප්රථිවිපාක ගැනද සසී ඔයා අදහස් කරේ?’ කියලා. සසී බිම බලන් තමන්ට පමනක් ඇහෙන්න මිමිනුවා ‘මම වගේ’ කියලා…
උපුටා ගැනීම: Susantha Pethiyagoda