ආදරණීය නැන්දම්මා.. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඒ වන විට මගේ විවාහ මංගල උත්සවය නිමවී ගෙවී තිබුනේ යන්තම් දින දෙකක් විතරය. සම්පූර් ණ ආගන්තුකයන් රැසක් මැද්දේ හුදකලා වූවාක් වැනි හැඟීමකින් මා වෙලී සිටියෙමි.
විසල් විස්තෘත පවුලක හුරතලයට හැදුලු වැටුනු දඟකාර කටකාර කෙල්ලක වූ මට මේ සන්සුන් නිසංසල ජීවන රටාව මහත් ආග න්තුකය.
නිවසේදී නම් උදේ කීයට අවදි වූවත් බැන වදි නා කෙනෙක් සිටියේ නැත. එහෙත් මේ අලුත් නිවසේදි මගේ පුරුදු චර්යාවන් සියල්ල එලෙ සම පවත්වාගෙන යා නොහැකි බව පමණක් මම දැන සිටියෙමි. එනිසා ඉතාම අපහසුවෙන් වෙනදාට වඩා වේලාසනින් අවදි වී මුළුතැන් ගෙට ගියෙමි.
ඔහු සිටියේ සුව නින්දකය. මට උවමනා වූයේ උදැන තේකෝප්පය රලඟටම රැගෙන ගොස් දී ඔහුව පුදුම කරන්නයටය. මා මුළුතැන් ගෙට යද්දීත් මගේ නැන්දම්මා සිටියේ උදෑසන ආහාරය සකසමිනි.
ඈ මා දෙස හෙළුයේ එතරම් ප්රිය මනාප බැල්ම ක් නොවේ යැයි මට සිතිනි. සිතට දැනුනේ අමුතුම බියකි.
අපේ පවුලේ ගැහැණු දරුවන් සිටියේ මාත් සමඟ තවත් අක්කලා දෙනෙක් නිසාදෝ අත්ත ම්මාත් අම්මාත් පුංචි අම්මලාත් ලොකු අම්ම ලාත් තමන්ගේ ලේලිලාට සැලකුවේ ඉතාමත් ආදරණීය ලෙසිනි.
මගේ නෑනලා කිසි විටක ඔවුන්ගේ නැන්දම්ම ලාගේ දොසක් දුටුවේ නැත. මගේ සීනය වූයේද එවන් නැන්දම්මා කෙනෙකි. එනිසාම සිතට දැනුන බය තවත් වැඩිය.
මම නිහඬවම තේ පිලියල කරන්නට වීමී. එය පහසු නොවීය. මම කිරි හා කිරි ආශ්රිත නිශ්පා දන වලට මහත් සේ අසාත්මිකතායක් දැක්වීමි.
කිරිවලින් එන සුවද පවා වමනය ඇතිකරවන තරම් මට අසාත්මිකය. එහෙත් මේ ඒ කිසිවක් ගැන සිතිය හැකි අවස්ථාවක් නොවේ. මගේ නැන්දම්මා මා තේ එක්ක වත් සාදාගත නොහැ කි එකියක යැයි සිතුව හොත් තත්වය තවත් බරපතල වනු ඇත.
ඔන්න ඔන්න ඉතිං මැඩම් බැරි වැඩ කරන්න හදනවා ඒ ගමන.
ඒත් එක්කම වගේ ඔහු මුළුතැන් ගෙට ආවෙ එසේ කියාගෙනය.සුවසේ නිදාගෙන හිදින්ට තිබියදී ඔහු මේ මොහොතේ මෙතෙන්ට පැමිණි යේ මන්දැයි මම තරහින් සිතුවෙමි.
කිරිවලට මා තුල ඇති අසාත්මිකතාවය ගැන ඔහු හොඳින් දැන සිටියේය.
මොනාවද බැරි වැඩ …
ඔයා දැන් ඔය කිරි හදන්න ගිහින් මෙතන උදේ පාන්දර වොමිට් කරන්න ගියාම අහල පහල උන් මොනා හිතයිද..දෙයියනේ තාම මැරි කරලා දවස් දෙකයි..
ඔහු කීවේ හිනැහෙමින් උවත් හිතට දැනුනේ මහත් බියකි. මේ මිනිහාටත් ඕනෑ නැති දෙයක් නැතැයි මට සිතිනි.
මොකක්ද පොඩිපුතා ඒ කියපු කතාව…?
කරමින් උනා කාර් ය නවතමින් නැන්දම්මා ඇසුවාය. පොලව පලාගෙන කොහේ හෝ ගොස් සැඟවෙන්නට මට සිතුනේ වරක් දෙවරක් නොවේ.
මෙයාට කිරිවල ස්මෙල් එක ඇලජික් අම්මා යන්තං සුවද ආවත් වොමිට් වෙනවා.
පණ්ඩිතයා වගේ කිරි හදන්න හැදුවට…?
ඔහු එස් කී විට දෑස් විසල් කර මා දෙස බැළුවා මිස අම්මා කිසිවක්ම කීවේ නැත. මා අසලට විත් අත වූ හැන්දත් කෝපයත් ගත් ඔහු තනිවම තේ පිලියල කරගන්නට විය.
ජීවිතේ කිසිම දිනක මට එවන් අසරණකමක් දැනී තිබුනේ නැත. කුමක් කලයුතු දැයි මට එකවරම සිතාගත නොහැකි විය. දැන්නම් නැදම්මා මට හොදටෝම බැන වදීවී යැයි බීතියට පත් මම මුළුතැන් ගෙයින් පිටවී මිදුලට ආවෙමි.
මිදුල පුරාම විසිරී ගිය කොලරොටු වූයෙන් මම මුතුල අතුගාන්නට පටන් ගතිමි. එහෙත් මම මිදුල අතුලාන්ට එතරම් පුරුදු එකියක නොවී මි.
නිවසේ නෑනලාම හතර දෙනෙක් වූ නිසාවෙන් මට මිදුල අතුගාන්නට අවස්ථාවක් තිබුනේවත් ඕනිකමක් තිබුනේවත් නැත.
සමහර විට මට ඔවුන් මිදුල අතුගාන දෙස ඔහේ බලා සිටියදී නැනලා මට බැන වැදුනේ තේරෙයි බැඳපු දවසක තියෙයි කියාය.
මම බඳින්නෙ ප්ලැට් එකක විසි වෙනි තට්ටුවෙ ඉන්න කෙනෙක් එතකොට අවුලක් නෑ..
ඒ හැම වෙලාවෙම මම කීවෙමි.
අනේ හම්බවෙයංකො අක්කර විස්සක් මැද්දෙ ගේ හදලා තියන එකෙක්ව.
එවිට ඔවුන් එසේ කීවේය. අක්කර විස්සක් නොවුනත් මේ නිවස පිහිටා තිබුනේ ද විසල් මිදුලක සහිත ඉඩමකය. අතුගාන්නට ඇති මිදුල දුටු විට දෙපා පනනැති වි යන තරම්ය.
ඔය පොළවට රිදෙන්නෙ නෑ..ටිකක් හයියෙන් අතුගෑවට.
නුපුරුදු නිසාම හෙමින් හෙමින් මිදුල අමදින මා දෙස බලා ඔහු කීවේ හිනැහෙමිනි. කිසිවක් කියන්නට තරම් සන්සුන් හිතක් මට ඉතිරිව නොතිබුන නිසාම මම බිම බලාගෙනම මිදුල අතුගාන්නට වීමි.
ඔය අතුගාන තාලෙට නං. ඕක ඉවර වෙලා අද නෙවී හෙට දවල්ටවත් කන්න වෙන එකක් නෑ.
කමක් නෑ..මට පුළුවන් විඳිහටනෙ.
මා කීවේ අඬන්නට හොඳටෝම ලඟ හඬකිනි. කෙතරම් දඩබ්බර හිතුවක්කාර එකියක උවත් මා බොහෝ සංවේදි එකියක වීමි.
සමීපතමයන්ගේ කුඩා හෝ නොසලකා හැරීම ක් දරාගන්නට මම මහත් බියවීමි.
කෝ ඕක දෙන්න මෙහාට…?
ඔහු කීවේ මගෙ අතේ තිබුන ඉදල ගන්න ගමන්.
ඕනි නෑ. මට පුළුවන්.
පුළුවන් උනාට කමක් නෑ..ඕක දෙන්නකො.
එසේ කියමින් මගේ අතික් ඉදල ගත් ඔහු මිදුල අමදින්නට විය. මේ අසරණකම ඔහුට වටහා ගත නොහැකි වීම ගැන මට ඔහු ගැනත් ඇති වූයේ කෝපයකි.
දැන්නම් නැන්දම්මාගෙන් ගැලවෙන්නට පහසු නොවනු ඇත. මා ගෙදර දොරේ කිසිම වැඩක් පලක් නොදන්නා පියරු බෝනික්කියක් යැයි ඈ සිතනවා ඇත.
ඒ මදිවාට මා ඇගේ පුතා ලවා නිවසේ සියළු වැඩ කටයුතු කරවා ගන්නා ගැහැණියක යැයි ඈ සිතනවා නොඅනුමානය. සිතට දැනුන අසරණකමට සත්තකින්ම මගේ දෑසට කඳුළු ඉනුවේය.
ඇයි පුතේ මේ..?
හදිසියෙ ඇසුනු හඬින් තිගැස්සී මා ආපසු හැරුනාය. මා ඉදිරියේ සිටියේ මගේ නැන්දම්මාය.
සාම්ප්රධායික උඩ රට පන්නෙට ගෙදරටත් ඔසරියක් හැඳගෙන උන් ඈ වෙතින් පලවුනේ ප්රතාපවත් ගැඹුරු පෙනුමක්. එයින් මගේ සිතේ වූ බිය තවත් දෙගුන විය. මට ඉකිගැසුනේ මටත් නොකියාමය.
ඇයි දරුවො මේ ඇයි ඔයා අඬන්නෙ.
මගේ දෝතින්ම අල්ලාගෙන ඈ ඇසුවේ මා ඉන්පෙර කිසිම විටක අසා නැති තරම් ලෙංගතු ආදරණීය හඬකිනි. ඒ හඬින් කෙතරම් පුදුමය ට පත්වීද කිවහොත් මට නැවතත් ඉකි ගැසිනි.
ඇයි පුතේ මේ..ඔයාට අපි අතින් මොනාත් වදරක් උනාද..? ඈ නැවතත් ඇසුවාය.
අම්මා මං
මට යමක් පවසන්නට ඇවැසිවිය.
ඇයි දරුවො ඔයා මොනවදට බය වෙලා ඉ න්නෙ අද ඉදන් ඔයාගෙ අම්මා මමනෙ
මොනවද වුනේ කියන්නකො..දෝණිලාට නෑනි අම්මලට කියන්න බැරි දේවල්…
ඒ වචන වල තිබුනෙ වචන වලින් විස්තර කර කියන්න බැරි තරම් බර ආදරණීය බවක්.
මොකද නැන්දම්මයි ලේලි දෙන්නා සතරකං මන්ත්රණය කරන්න පටන් ගත්තෙ දැම්මම මට විරුද්ධව කැරැල්ලක්වත් ගහන්නද..?
ඔහු අප අසලට ආවේ එසේ අසාගෙනය.
මෙහෙ එනවා අනින්න ඕනි ඔයාට නං ඔළුව හිල්වෙන්න ටොක්කක්.. බොරුවට මේ කෙල්ල ව බය කරනවට…
අම්මා කීවේ ඔහුගේ කනක් මිරිකමිනි.
ඔන්න ඉතිං අම්මා දැම්මම..ලේලි ලොකු කර ගෙන. අතාරින්නකො මගෙ කනත් කඩනවා දැන්.
එහෙම නැතුව මේ කෙල්ල තමන්ගෙ හැමෝම දාලා මෙහෙට ආවෙ ගෙදර අය එයාව බලා ගත්තා වගේම ආදරෙන් අපි එයාව බලා ගනී කියලනෙ.. ඉතිං අපි ඒ විඳිහට එයාව බලා ගන්න ඕනි තමා..
මේ පිස්සගෙ පිස්සු වැඩ ඔයා ගනන් ගන්න එපා පුතේ කරන්නෙම ඔහො ම පිස්සු වැඩ මේ ගෙදරට තවත් දුවෙක් ආවා..මිසක් අපි
සර්වන්ට් කෙ නෙක් ගෙනල්ලා නෑ…
නෝනයි මහත්තයයි උනාම එක එක්නාගෙ දුර්වල කං අඩුපාඩු අදුනගෙන. ඒවට ගැලපෙ න්න ජිවත් වෙන්න දෙන්නම ඉගන ගන්න ඕනි එතකොටනෙ ජීවිතේ ලස්සන…
ඒ අතින් ඔයාට බය වෙන්න කිසිම දෙයක් නෑ ඔයාගෙ මහත්තයට හරි රසට ටී හදන්න පුළුවන්
ටික දවසකින් ඔයාට පුළුවන් වේවි.ඒ වගේම රසට ටී එකක් හදන්න. බෙහෙත් වලින් කර න්න බැරි හුඟක් දේවල් ආදරෙන් කරන්න පුළුවන්
අම්මා කීවේ ඉතාම ආදරණීය ලෙසින් මගේ හිස පිරිමදිමි. සත්තකින්ම එවන් ආදරණීය පිලිගැනීමක් මම සිහිනයෙන් වත් අපේක්ෂා නොකලෙමි.
ඉදිනි ඉන් අවුරුදු දා හතට පසුව අදටත් මට කිරි සුවඳ ඉවසන්නට නොහැකිය. එනිසාම කිරි තේ පිලියල කරන්නට ද බැරිය.
එහෙත් කිසිදු මැසවිල්ලක් නොනඟා පුරා වසර දාහතක් තිස්සේ ඔහු සිය උදෑසන තේ කෝප්පය පිලියල කර ගනී.
එපමණක් නොව අමුත්තෙතක් පැමිණිය හොත් ඔවුන්ටද තේ පිලියල කරන්නේ ඔහුය.
ආදරණීය මිනිසුන් බිහිවන්නේ ආදරණීය අම්මාවරුගෙනි. ඔහු එතරම්ම ආදරණීය ඒ නිසාම වන්නට ඇත. එවන් ආදරණීය අම්මා කෙනෙකුන් සමඟ මට දිගුකලත් වසන්නට නොහැකිවීම සත්තකින්ම අවාසනාවකි.
උපුටා ගැනීම: Priyanga Gunathilaka

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!